News Category
From Date
To Date
Maximum Number of Result

හැකර් කෝල් කරලා කියලා දැන් ගිණුම හැක් කරන්න යන්නේ කියලා.. මේ ආණ්ඩුවේ තියෙන්නේ පික්පොකට් න්‍යාය.. - නාමල්

Apr 29, 2026 at 11:17 AM
|

මුදල් අමාත්‍යාංශයේ ගිණුම්වලින් මුදල් අවභාවිත වීම 'හැක් කිරීමක්' නොව රජය විසින් සිදුකරන ලද මහා පරිමාණ වංචාවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

තංගල්ලේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු අවධාරණය කළේ, තමන්ගේ හොරකම් වසා ගැනීමට අන් අයට 'හොරා' යැයි පවසන පික්පොකට් න්‍යාය වත්මන් රජය අනුගමනය කරන බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේ ද පැවසීය,

“හැක් කරපු කෙනා කෝල් කරලා කියලා මං දැන් ඔයාගේ ගිණුම හැක් කරන්න යන්නේ අනේ කරුණාකරලා මේ ලියුම් ටිකට අත්සන් කරලා එවන්න කියලා කියලා තමයි අත්සන ගස්වගෙන තියෙන්නේ.

පැහැදිලිවම ආණ්ඩුවේ නොහැකියාව අර පික්පොකොට් ක්‍රමය. පිප්පොකට් ගහලා පික්පොකට්කාරයම දුවනවා පාරෙ හොරෙක් කියලා. ඒ න්‍යාය දැන් ආණ්ඩුවට වැරදීගෙන යනවා. මොකද ආණ්ඩුව මෙච්චර කල් කරේ ඒක තමන්ගේ හොරකම වහගන්න අනිත් අයට හොරා කිව්වා.

දැන් අද වෙනකොට රට නෙවෙයි මුළු ලෝකයම දන්නවා එක පැත්තකින් වරායෙන් කන්ටේනර් 323 ක් පැන්නුවා බාල ගල් අඟුරු ගෙනාවා ලෝකෙ වැඩිම මුදලක් ගෙවලා තෙල් නැවක් ගත්ත බවට ඉතිහාස ගත වෙලා. මේක මේ මැද පෙරදිග අර්බුද කාලසීමාවේදී මැදපෙරදිග අර්බුද කාලසීමාවේදී වැඩිම කොමිෂන් එකක් දීලා වැඩිම මිලක් දීලා තෙල් ගත්ත රට බවට පත් උනා විතරක් නෙවෙයි දැන් කියනව තමන්ගේ මුදල් අමාත්‍යංශයෙනුත් සල්ලි හොරකම් කරලා කියලා.

දැන් හැකර් හැක් කරා කියලනෙ කියන්නේ ඉතින් මෙහෙම හැක් කරනවා කියලා ලෝකෙ කිසිම රටක අහල නෑ. හැකර් හැක් කරපු කෙනා කෝල් කරලා කියලා මං දැන් ඔයාගේ ගිණුම හැක් කරන්න යන්නේ අනේ කරුණාකරලා මේ ලියුම් ටිකට අත්සන් කරලා එවන්න කියලා කියලා තමයි අත්සන ගස්වගෙන තියෙන්නේ.පැහැදිලිවම මේ හැක් කිරීමක් නෙවෙයි මේක වංචාවක් ආණ්ඩුව මේකට වගකිවයුතු විතරක් නෙවෙයි මුදල් ලේකම්වරයා ජනාධිපතිවරයා මුදල් ඇමතිවරයා විදියට මේ පිළිබඳව වගකීම බාරගන්න ඕන සහ මේක ඔවුන්ගේ සථාවරය පැහැදිලිවම රටට කියන්න ඕන.

මේ වෙනකන් ඇයි නීතියමය ක්‍රියාමාර්ග ගත්තේ නැත්තේ. දැන් එක වෙලාවක කියනවා හැකර් හැංගේවි කියලලු. දැන් හැකර් හැංගේවි කියලා හොරාට මාස අටක් හංගන් ඉඳලා පරීක්ෂණ කරන්නේ නැතුව. ඇයි හැකර් හැංගෙන හින්දා.

තව දුරටත් රටේ ජනතාවට බොරු කියන්න එපා. මේ රටේ ජනතාවගේ බදු මුදල්. එක පැත්තකින් විදේශ රටවල වැඩ කරන අය මේ රටට එවන විදේශ විනිමය දිට්වා සුළි කුණාටුව වෙලාවේ අපේ ශ්‍රී ලංකා ඩයස්‌පෝරාවේ එකතු කරල එවපු ආධාර මේ ඔක්කොම තියෙන්නේ ඔය ගිණුම ඇතුලේ.

දැන් ඒ ටිකවත් ආරක්ෂා කරගන්න බැරි නම් RDA එකත් කියනවා නම් තමන් කොන්ත්‍රාත් සමාගම්වලට දෙපාරක් ගෙවලා කියලා. දැන් එක පාරක් නෙවෙයි. මාස ගණනාවක් තිස්සේ ගෙවීම් නොකරපු ආයතන බොහෝමයක් තියෙනවා හැබැයි සමහර සමාගම්වලට දෙපාරක් ගෙවලා තියෙනවා.

පැහැදිලිවම ආණ්ඩුවේ නොහැකියාව සහ ආණ්ඩුවේ වංචාව. ඉතින් අද රටේ ජනතාවට වෙච්ච පොරොන්දු ඉෂ්ට කරන්නේ නැතුව රටේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්නේ නැතුව ආණ්ඩුව තමන්ගේ න්‍යාය පත්‍රයකට අනුව තමන්ගේ වංචා හා දූෂණ තවදුරටත් කරමින් අර පික්පොකට්කාරයෝ වගේ අනිත් අයට ඇඟිල්ල දික් කරමින් ඉන්නවා.

හොරුන්ට කල් දෙනව නෙවෙයි පැහැදිලිව ආණ්ඩුව හොරුන් ඉන්නේ ආණ්ඩුව ඇතුලේ ආයේ හොරෙක්ට කල් දෙන්න දෙයක් නැහැ.පරීක්ෂණ කටයුතුවලින් බේරිලා යන්න ආණ්ඩුව ඇතුලේ ඉන්නේ මොකද මුදල් ඇමතිවරයාගේ අත්සන නැතුව ඔය ගෙවීම කරන්න බෑනේ. අනික මහ බැංකුවක් තියෙනවා. මහ බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් ඔය සම්බන්ධයෙන් අහලා තියෙනවා ගෙවන්න කියලත් තියෙනවා. ඉතිං ආණ්ඩුව ඇතුලේ තමයි හොරා ඉන්නේ. අපි පැහැදිලිවම කිව්වා මේක සංවිධානාත්මක අපරාධකරුවන් පෝෂණය කරන ආණ්ඩුවක් කියලා. ඒක අද සමාජයට දිනෙන් දින සනාථ වෙනවා.

මොකද ආණ්ඩුවේ වගකීම් දීලා සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගන්න කියලා බාර දීපු මාලිමාවේ පොලිස් නිලධාරීන් අද වෙනත් සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ ගනුදෙනු කරලා කියලා අනාවරණය වෙලා තියෙනවා. ඒ පිළිබඳව කරුණු අනාවරණය කරන්නත් උත්සාහ කරනවා. සමහරුන්ට විදේශගත වීමත් තහනම් කරලා තියෙනවා. ඒ මේ මාලිමාවේ පොලිසියේ ඉහළ පුටුවල වාඩිවෙලා ඉන්න නිලධාරීන් ඉතින් ඒ විදිහට තමයි පොලිස්පතිවරයාත් ආණ්ඩුවට ඕන විදිහට කඩේ යන්නේ.

වරාය තමන්ගේ හිතවතුන්ගේ කන්ටේනර් පන්නනවා තමන්ට හිතවත් ව්‍ ව්‍යාපාරිකයන්ට අසීමිත ලාභයක් උපයන්න මිල වැඩි කරල දෙනවා හාල් පිටරටින් ගෙනල්ලා දෙනවා. තවත් පැත්තෙකින් ලෝකෙම වැඩිම මිලක් දීලා තෙල් මිලදී ගන්නවා. ඇයි ඒ කාට ලාභයක් දෙන්නද?" 

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවලට අනුව, මේ වසරේ අප්‍රේල් මාසය අවසන් වන විට රජය විසින් ගෙවීමට ඇති සමස්ත නොපියවූ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 30.53ක් (රුපියල් බිලියන 30,533.60ක්) දක්වා ඉහළ ගොස් ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන දේශීය ක්‍රිකට් තරගාවලියේ ව්‍යුහය වෙනස් කරමින් කණ්ඩායම් සංඛ්‍යාව අඩු කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගෙන ඇති තීරණයට එරෙහිව බදුරලිය ක්‍රීඩා සමාජය අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති 24ක් එක්ව එළඹෙන සැප්තැම්බර් 17 සහ 18 යන දෙදින තුළ පැය 48ක සංකේත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.
ප්‍රංශයේ පැරිස් අගනුවර ප්‍රධාන සංචාරක ආකර්ෂණය ලෙස සැලකෙන අයිෆල් කුලුනේ සේවක සේවිකාවෝ වැඩ වර්ජනයක් ආරම්භ කළහ. වැඩ වර්ජනය හේතුවෙන් අයිෆල් කුලුන වසා දැමුණු අතර, එය නැරැඹීමට විදේශවලින් පැමිණි සංචාරකයන්ට ද ආපසු හැරී යෑමට සිදුවිය.
පසුගිය 2024 ජනවාරි මාසයේ සිට 2025 ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින පුරා පිහිටි සතොස අලෙවිසැල් 31ක් වසා දැමීමට කටයුතු කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂ අමාත්‍ය අමාත්‍ය රාජ්නාත් සිං මහතා සමග ගිවිසුම් තුනකට හෙට (09) දිනයේදී අත්සන් තැබෙන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
කිසිදු ආණ්ඩුවකට ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) විනාශ කිරීමට නොහැකි වූ බවත්, එම පක්ෂය විනාශ කරනු ලැබුවේ අද එහි නායකයන් ලෙස පෙනී සිටින පුද්ගලයන් විසින්ම බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභික සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසේන විජේසිංහ මහතා පවසයි.
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා නිල සංචාරයක් සඳහා අද (08) දිවයිනට පැමිණි තිබේ.

ප්‍රධාන පුවත්

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..

කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සභාවාරය ආරම්භ කිරීමට පෙර පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම යන අංග ත්‍රිත්වය න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගේ අදහස් ඔහුගේ වචනයෙන්,

ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!

දශක ගණනාවක් තිස්සේ කියුබානු වෛද්‍ය වෘත්තිකයන් දස දහස් ගණනක් ලොව පුරා රටවල් හැටක පමණ ස්ථානගත කර තිබේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රම බලකායට වඩා බොහෝ සෙයින් වැඩි ය. එසේම, බොහෝ දුරට ගෝලීය දකුණේ සෞඛ්‍ය සේවා අඩු හෝ වෛද්‍ය සේවය නොලබන ජනගහනයක ඔවුහු සේවය කරති. විදේශ නිලධාරීන් වෙත වීසා අත්හිටුවන බවට තර්ජනය කිරීමෙන්, ඇමරිකා එක්සත් ජනපද රජය අදහස් කරන්නේ විදේශයන්හි මෙම කියුබානු වෛද්‍ය මෙහෙයුම් කඩාකප්පල් කිරීමටය. එය ක්‍රියාත්මක වුවහොත්, ලොව පුරා මිලියන ගණනක් ජනතාව වඩාත් දුක් විඳිනු ඇත.

කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..

කළුතර ප්‍රාදේශීය සභාවේ න්‍යාය පත්‍රයෙන් පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම සඳහා විනාඩියක නිශ්ෂබ්දතාව යන අංග ත්‍රිත්වය ඉවත්කරන බව එම සභාවේ සභාපතිවරයා විසින් සභාවට දන්වා ඇත.

දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක

නාමල් රාජපක්ෂට විරුද්ධව සාක්ෂි දීපු නිමල් පෙරේරා දූෂිතයෙක් බවත් මොහුගේ ව්‍යාපාරික සගයා තමයි මේ වත්මන් ආණ්ඩුවේ ඉන්න ප්‍රබල අමාත්‍යවරයකු බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික කැදවුම්කරු ඩී.වී චානක මහතා පැවසීය.

22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වන සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේ පටිපාටිමය සාධාරණත්වය සහ විනිවිදභාවය පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා නිකුත් කළ විශේෂ වාර්තාවකින් දැඩි අවධානය යොමු කර තිබේ.

22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තමන් ගොනුකළ පෙත්සමක් විභාගයට නොගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (07) පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

​සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..

​ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය තවදුරටත් සන්නද්ධ සංවිධානයක් ලෙස නොපැවැතුණද, විදේශයන්හි ඇති එහි ජාලයන් අරමුදල් රැස්කිරීම, දේශපාලන ප්‍රචාරණ, සැමරුම් උත්සව සහ දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් කොටස් අතර ශ්‍රී ලංකා ගැටුම සම්බන්ධ ප්‍රකාශනයන් භාවිත කිරීම දෙසට වැඩි වැඩියෙන් යොමු වී ඇති බව ලෝරෙන්ටියන් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ අන්තර් විෂය පර්යේෂණ සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ හිටපු පර්යේෂණ නිලධාරී ආචාර්ය නෙවිල් හේවගේ මහතා පවසයි.

ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලනයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ජන රැළි, රටේ දැවෙන ප්‍රශ්නවලින් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා පැවැත්වෙන හිස් “චූන් පාන් සන්දර්ශන” පමණක් බවත්, පසුගිය වසර දෙක ඇතුළත ආණ්ඩුව සිදුකර ඇත්තේ මැතිවරණ පොරොන්දු සියල්ල බල්ලට දමා ඩඩ්ලි, ධම්මික, ඉෂාර වැනි මහා පරිමාණ ව්‍යාපාරික පැලැන්තිය පිනවීම පමණක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”

හිතුන හිතුන වෙලාවට රෝහල්වලට යන සංස්කෘතිය වෙනස් කරන බවත්, පවුලට වෛද්‍යවරයකු ලබාදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.