භාණ්ඩාගාර කොල්ලයේ වගකීම රජයට සම්බන්ධ නැති පුද්ගලික ආයතන දෙකකට පටවන්න හදනවා.. - ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් චෝදනා..
මහා භාණ්ඩාගාරයේ සිදුව ඇති බව කියන රුපියල් මිලියන දෙකහමාරක මූල්‍ය අක්‍රමිකතාවයේ (මංකොල්ලයේ) වගකීම රජයට සම්බන්ධයක් නැති පුද්ගලික ආයතන දෙකක් මත පැටවීමට රජය සූදානම් වන බවට ෆ්‍රී ලෝයර්ස් (Free Lawyers) සංවිධානය චෝදනා කරයි.
එම සංවිධානය වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ හිටපු ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන් මහතා අවධාරණය කළේ, රජය මෙය "හැකර්" ප්‍රහාරයක් ලෙස පෙන්වීමට උත්සාහ කළද, මෙය මහා භාණ්ඩාගාරයේ සහ මහා බැංකුවේ අභ්‍යන්තර තොරතුරු කාන්දු වීමක් හරහා සිදුවූවක් බවයි.
මේ සම්බන්ධයෙන් කරුණු 15ක් පිළිබඳව අවධානය යොමු කරමින් පාර්ලිමේන්තු මුදල් කමිටුවේ සභාපති හර්ෂ ද සිල්වා මහතාගෙන් කරුණු විමසීමට කටයුතු කර ඇති බවද ඔහු පැවසීය.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූර්යපෙරුම මහතා අවස්ථා කිහිපයකදී පාර්ලිමේන්තු මුදල් කමිටුව මඟහැර ඇති බවත්, ඔහු අඛණ්ඩව සත්‍ය තොරතුරු වසන් කරමින් සිටින බවත් මෙහිදී අනාවරණය විය.
යුක්ති සහගත විමර්ශනයකට ඉඩ සලසමින් ලේකම්වරයා වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත්, එසේ නොමැති නම් ඔහු ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාට නිර්දේශ කරන ලෙස මුදල් කමිටුවෙන් ඉල්ලා සිටින බවත් තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේය.
2024 අංක 33 දරන ණය කළමනාකරණ පනතේ 8 වැනි වගන්තිය ප්‍රකාරව 'ණය සේවාකරණ කමිටුව' පිහිටුවා තිබුණේ නම් මෙම අපරාධය වළක්වා ගැනීමට අවස්ථාව තිබූ බව පෙන්වා දුන් ඒ මහතා, එම පනත නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම මෙම "මහා මංකොල්ලයට" මග පාදා ඇති බවට චෝදනා කළේය.
රජයේ ණය මුදල්, ගෙවන ලද වාරික සහ පොලිය පිළිබඳ විනිවිදභාවයකින් යුතුව වාර්තා ඉදිරිපත් කිරීමේ වගකීමද බලධාරීන් පැහැර හැර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මහා බැංකුව සහ මහා භාණ්ඩාගාරය කිසිදු වරදක් නොකරන "සර්වතෝභද්‍ර" ආයතන ලෙස සලකා කටයුතු කිරීම නිසා මුදල් කමිටුවට තමන් සතු ව්‍යවස්ථාපිත බලතල නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බව තෙන්නකෝන් මහතා පෙන්වා දුන්නේය.
එබැවින් එම ප්‍රවේශයෙන් බැහැරව වහාම මෙම මංකොල්ලය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වා යුක්තිය ඉටු කළ යුතු බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය රජයට අවධාරණය කරයි
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..