දේශබන්දු සිරිසුමන ගොඩගේ අභාවප්‍රාප්ත වෙයි..
ගොඩගේ ප්‍රකාශන ආයතනයෙහි නිර්මාතෘ දේශබන්දු සිරිසුමන ගොඩගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විය ඒ මහතා 90 වන වියේ පසුවුණි.
1936 මැයි මාසයේ දී දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ පාලටුව ගම්මානයේ උපත ලැබූ ඒ මහතා, සහෝදර සහෝදරියන් නව දෙනකුගෙන් යුත් පවුලක හයවැනියා යි.
ද්විතීයික පාසලක් වූ පාලටුවේ ගුණරතන මහා විදුහලෙන් තම අධ්‍යාපනය සම්පූර්ණ කළ ඒ මහතා, වයස අවුරුදු 15 දී පමණ කළුතර ප්‍රදේශයට පැමිණියේ පවුලේ පැවති ආර්ථික ප්‍රශ්න හමුවේය.
කාලයක් ගත වෙද්දී ඔහු පොත් බඳින්නකු ලෙස සේවය කළ ඔහුට රැකියාව හදිසියේ අහිමි විය.
ඉන්පසු 1957 දී තවත් අයකු සමඟ ගොඩගේ තරුණයා හවුල් ව්‍යාපාරයක් ඇරඹූ අතර, කුඩා කඩයක් කුලියට ගෙන ව්‍යාපාරය කරගෙන ගියේය.
ව්‍යාපාරය අසල පිහිටි මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට ගොස් පොත්පත් ගෙනැවිත් බැඳීමට පටන් ගත්තා. ටිකෙන් ටික එම ව්‍යාපාරය සාර්ථක වීමත් සමඟ මාළිගාකන්ද නායක හාමුදුරුවන්ගේ සහ බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියන්ගේ ආශ්‍රය නිසා ගොඩගේ තරුණයා බුදුදහම වෙත සමීප විය.
ව්‍යාපාරය සාර්ථක වීමත් සමඟ තවත් තිදෙනෙක් සේවයට බඳවා ගත් ඔහු ඒ වන විට පොත් බැඳීමටත්, පොත් විකිණීමටත්, පුස්තකාලවලටත් පොත් සැපයීමත් සිදුකළ අතර, 1970 වර්ෂයේ දී ගොඩගේ මහතා මරදානට පැමිණියේය.
එදාමෙදා තුර ගොඩගේ පොත් මැඳුර එම ස්ථානයේ පවතින අතර, පොත් ඉල්ලුම වැඩිවීම හේතුවෙන් ගොඩගේ මහතා පොත් ප්‍රකාශනය ආරම්භ කළේය.
ඔහු මුලින්ම මුද්‍රණය කර ඇත්තේ ළමා පොතකි. පසුව ඔහු විවිධ ලේඛකයින්ගේ අත් පිටපත් ලබාගෙන පොත් මුද්‍රණය ඇරඹූ අතර , මේ වන විට එම සමාගම විශාල පොත් ප්‍රමාණයක් මුද්‍රණය කර තිබේ.
ලංකාවේ ප්‍රසිද්ධ පොත් මුද්‍රණකරුවන් අතර සිරිසුමන ගොඩගේ මහතා ඉදිරියෙන් සිටී.
රාජ්‍ය සම්මාන ඉතිහාසයේ විශේෂ වාර්තාවක් පිහිටුවීමට ගොඩගේ ආයතනයට මේ වන විට හැකි වී ඇති අතර, ප්‍රකාශන ආයතනයක් ලෙස අවුරුදු 38 තිස්සේ අඛණ්ඩව ම ඔවුන් මෙම සම්මාන දිනාගෙන තිබේ.
මූලාශ්‍ර - අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..