ලංකා බැංකුව කොන්ත්‍රාත්කරුවන්ට දෙවරක් මුදල් ගෙවයි.. නැවත මුදල් අයකර ගැනීමට මැදිහත්වන්නැයි මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඉල්ලයි..
ලංකා බැංකුවේ මධ්‍යම මෙහෙයුම් අංශයේ පද්ධති දෝෂයක් හේතුවෙන් රුපියල් කෝටි 26කට අධික මුදලක් අදාළ නොවන පාර්ශවයන් වෙත වැරදීමකින් ප්‍රේරණය වී ඇති බව වාර්තා වේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ලංකා බැංකුව විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ නැගෙනහිර පළාත් අධ්‍යක්ෂවරයා වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.
පසුගිය 2024 දෙසැම්බර් 30 වන දින සිදු කරන ලද 'ස්ලිප්ස්' අරමුදල් හුවමාරු ගොනුවක සිදුවූ අනුපිටපත් දෝෂයක් හේතුවෙන්, 2026 ජනවාරි 23 වන දින රුපියල් 263,529,072.11ක මුදලක් බැංකුවේ අභ්‍යන්තර ගිණුමකින් මෙලෙස බැහැර වී තිබේ.
බැංකුව විසින් අදාළ දෝෂය හඳුනා ගැනීමෙන් පසු එම අරමුදල් යළි කැඳවීමට කටයුතු කර ඇතත්, තවමත් රුපියල් 51,053,326.59ක මුදලක් අයකර ගැනීමට නොහැකි වී ඇත.
මෙම මුදල් පහත සඳහන් වාණිජ බැංකුවල පවත්වාගෙන යනු ලබන විවිධ ඉදිකිරීම් ආයතනවල ගිණුම් වෙත බැර වී ඇති බව බැංකුව පවසයි.
- එන්.ඩී.බී. බැංකුව : සින්තා කන්ස්ට්‍රක්ෂන්
- සම්පත් බැංකුව: හිම්මා කන්ස්ට්‍රක්ෂන්, ආර්.එස්. ලංකා ඉංජිනියරින් සහ එම්.එම්.ආර්. කන්ස්ට්‍රක්ෂන්
- කොමර්ෂල් බැංකුව: රක්ෂි කන්ස්ට්‍රක්ෂන්, කාර්ෂිකා කන්ස්ට්‍රක්ෂන් සහ ඒ.ඩී. හේරත් ඉංජිනියරින්
- මහජන බැංකුව: ඒ.අයි. රමේෂ් සහ කාමරසිංහම් යන අයගේ ගිණුම්
- අමානා බැංකුව: ගාමා කන්ස්ට්‍රක්ෂන්
මෙම අහිමි වූ මුදල් නැවත ලබා ගැනීම සඳහා අදාළ ආයතන හා සම්බන්ධ වෙමින් අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකර දෙන ලෙස ලංකා බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරීවරයා (මධ්‍යම මෙහෙයුම්) මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඉල්ලා සිටියි.
බැංකු පද්ධතියක මෙවැනි බරපතල දෝෂයක් සිදුවීම සහ වසරකටත් වඩා පැරණි ගනුදෙනු දත්ත පදනම් කරගනිමින් මෙලෙස මුදල් බැහැර වීම මූල්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්වී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..