යටත් වනු නැතිනම් මිය යනු! - ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු
පලස්තීන හමාස් ත්‍රස්ත කණ්ඩායම මුළුමනින්ම විනාශ කර ගාසා තීරයට කිසිදු තර්ජනයක් එල්ල නොවන තත්වයල් උදාවන තුරු හමාස් සංවිධානයට එරෙහි යුද්ධය දිගටම කරගෙන යන බවට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිඥා දී තිබේ.
ඔහු මෙලෙස ප්‍රකාශ කළේ හමාස් ත්‍රසතයන් විසින් අතඩංගුවට ගත් 40 දෙනෙකු නිදහස් කිරීම සඳහා තවත් සතියක “මානුෂීය විරාමයක්” සඳහා බටහිර ජෙරුසලම කළ ඉල්ලිම හමාස් සංවිධානය ප්‍රතික්ෂේප කළ බව වාර්තා වීමෙන් පසුවය.
“අපි ජයග්‍රහණය තෙක් සටන් කරනවා. යුද්ධයේ සියලු අරමුණු සාක්ෂාත් කර ගන්නා තෙක් අපි යුද්ධය නවත්වන්නේ නැහැ. හමාස් සංවිධානය තුරන් කිරීම සම්පූර්ණ කිරීම මෙන්ම අපගේ සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගන්නා තෙක් මෙම යුද මෙහෙයුම් පවතීවි.” නෙතන්යාහු ගේ ප්‍රකාශක ඔෆිර් ජෙන්ඩෙල්මන් විසින් X (කලින් ට්විටර්) හි ඊයේ(22) පළ කරන ලද වීඩියෝ පණිවිඩයක් මගින් අවධාරණය කළේය.
"මම හමාස් වෙත යෝජනා කරන තේරීම ඉතා සරල යි. එනම් යටත් වීම හෝ මිය යාම." නෙතන්යාහු වැඩිදුරටත් පැවසීය. "ඉහළම සාමාජිකයාගේ සිට අන්තිම සාමාජිකයා දක්වා සියලුම හමාස් ත්‍රස්තවාදීන් ඇවිදින මළ මිනී බවට පත්වී හමාරයි."
හමාස් මුලිනුපුටා දැමීමෙන් පසු ගාසා තීරය තවදුරටත් තජ්ජිත කළාපයක් නොවන බවට ඊශ්‍රායලය සහතික කරන බවත්, "අපි යුද්ධය නවත්වනු ඇතැයි සිතන ඕනෑම අයෙකු යථාර්ථයෙන් ඈත් වී සිටින බවත්" ඔහු වැඩිදුරටත් පැවසීය.
ඉංග්‍රීසි උපසිරැසි සහිත හීබෲ භාෂාවෙන් මෙම පණිවිඩය, සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා බිඳවැටීමෙන් පසු 21 දා සවස පටිගත කර ඇති බව පෙනෙන්නට තිබේ. නිර්නාමික මූලාශ්‍ර උපුටා දක්වමින් "වෝල් ස්ට්‍රීට් ජර්නල්" පුවත් පත ප්‍රකාශ කළේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සහ පලස්තීන ප්‍රදේශයට තවත් මානුෂීය ආධාර ලබා දීම සඳහා ඊශ්‍රායල සිය හමුදා මෙහෙයුම් සතියකට නතර කිරීමට ඉදිරිපත් වූ බවයි.
කෙසේ වෙතත්, හමාස් සංවිධානය එම යෝජනාව ප්‍රතික්ෂේප කළ අතර, පුවත් පතට අනුව, ඕනෑම සාකච්ඡාවකට පළමුව ගාසා තීරයට එරෙහි ප්‍රහාරය නැවැත්විය යුතු බව අවධාරනය කළේය.
පලස්තීන ත්‍රස්ත කන්ඩායම, ඇස්තමේන්තුගත පුද්ගලයන් 1,200 දෙනෙකුගේ ජීවිත බිලිගත්, ඔක්තෝබර් 7 වැනි දින ඊශ්‍රායලය ආක්‍රමණය කිරීමේදී ඊශ්‍රායල පුරවැසියන් 240ක් ප්‍රාණ ඇපකරුවන් ලෙස අල්ලා ගත්හ. ප්‍රාණ ඇපකරුවන් කිහිප දෙනෙකු ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) විසින් ප්‍රදේශයට එරෙහිව ප්‍රහාර එල්ල කරන අවස්ථාවේදී මරා දමා ඇත. නොවැම්බර මාසයේ අවසානයේදී සතියක සටන් විරාමයක් අතරතුර ප්‍රාන ඇපකරුවන් පිරිසක් ආපසු භාර දුන් පසු 120 ක් පමණ හමාස් සංවිධානයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස සිටින බවට ගණන් බලා ඇත.
ඊශ්‍රායල හමුදා මේ වන විට ගාසා තීරයේ උතුරු ප්‍රදේශය අත්පත් කරගෙන ඇති අතර එහි යටිතල පහසුකම් මුළුමනින්ම විනාශ කර ඇත. ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් ඇස්තමේන්තු කර ඇත්තේ සටන් අතරතුර පලස්තීනුවන් 19,500 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි.
සිවිල් වැසියන්ට සිදුවන හානිය සීමා කරන ලෙස එක්සත් ජනපදය නෙතන්යාහුගෙන් ඉල්ලා ඇති නමුත් ඊශ්‍රායලයට මිලිටරි සහ අනෙකුත් සහාය දිගටම ලබා දුන්නේය. යේමනයේ හූතිවරුන් පලස්තීනුවන්ට විවෘතව පක්ෂව සහ රතු මුහුදේ ඊශ්‍රායලයට සම්බන්ධ නැව් ගමනාගමනයට පහර දීමත් සමඟ බටහිර ජෙරුසලම විදේශ සම්බන්ධතාවන්ගේ පසුබෑමට ලක්ව ඇත.https://www.rt.com/news/589473-netanyahu-hamas-gaza-message/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..