මුදල් කාරක සභාවේ අනුමැතිය නොමැතිව නුවරඑළිය නගර සභාවේ මිලියන 9.7 ක ගනුදෙනුවක්..
නුවරඑළිය මහ නගර සභාවේ වාර්ෂික සංවර්ධන ව්‍යාපෘති සඳහා වීදි ලාම්පු සවිකිරීම වෙනුවෙන් ලබාගත් රුපියල් මිලියන 9.7 (රුපියල් 97,31000.00) ක උපකරණ හා අමුද්‍රව්‍ය නුවරඑළිය මහ නගර සභාවේ මුදල් කාරක සභාවේ සභා අනුමතය ලැබීමට පෙර ගබඩාවට පැමිණ ඇති බවත් ඒ මහ නගර සභාවේ අනුමැතියකින් තොර සභා වාහනයකින්ම ගෙන්වා ඇති බවත් තාක්ෂණික නිලධාරියකු වෙනුවට ගිනිබටයෙකු විසින් තත්ත්වය පරීක්ෂා කර අත්සන් තබා බාර ගෙබ ඇති බැවත් ඒ ඔස්සේ මහා පරිමාණෙ මූල්‍ය වංචාවක් සිදුවී ඇති බවට සැක සහිත බව නුවරඑළිය මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී ජූඞ් චාන්දන මැදගම පසුගිය මහ සභාවේදී අනාවරණය කළේය.
ඔහු මෙම අනාවරණය සිදු කරනු ලැබුවේ පසුගියදා පැවති නුවරඑළිය මහ මහනගර සභාවේ අප්‍රේල් මාසය සඳහා වන වාර්ෂික මහ සභාව පැවති අවස්ථාවේදීය .
මහ සභාවේදී කාරක සභා අවස්ථාවට එළැඹී කමිටු වාර්තා සභා සම්මත කිරීමේ අවස්ථාවේදී මුදල් කාරක සභාවේ වාර්තාව සම්මත කිරීමට විරෝධය පාමින් මෙම අනාවරණය සිදුකළ අතර එහිදී මුදල් කාරක සභාවේ අදාළ කරුණු හැරෙන්නට අනෙක් කරුණු පමණක් සභා සම්මත කිරීමට කටයුතු කරනු ලැබීය.
මහ සභාවෙන් අනතුරුව සිදුව ඇති බවට පවසන අදාළ මිලදී ගැනීමේදී සිදු වූ අක්‍රමිකතාවයන් හා මූල්‍ය වංචාවට පදනම් වූ හේතු සම්බන්ධව නුවරඑළිය මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී යාන්ත්‍රික වීදි ලාම්පු හා ප්‍රවාහන කාරක සභාවේ සභාපති ජූඞ් චාන්දන මැදගම මහතාගෙන් අප සිදුකළ විමසීමකට ඔහු කියා සිටියේ මුදල් කමිටුවේ අනුමැතියකින් තොරව වගකීම් විරහිත පුද්ගලයන් විසින් ටෙන්ඩර් රෙගුලාසි උල්ලංඝනය කරමින් මහ නගර සභාවේ වාහනයක් නීතියට පටහැනිව අත්තනෝමතිකව ආයතනය වෙත ඒවා භාණ්ඩ රැගෙන ඒම හා එම භාණ්ඩ වගකීමකින් තොර පුද්ගලයකු විසින් පරීක්ෂා කර ගබඩාවට ගෙන ඒම තුළින් හා එම භාණ්ඩවල වගකීම් සහතිකයය මෙන්ම බිල්පත්වල ඇති විනිවිද භාවයක් නොමැතිකම ඔස්සේ අදාල ගණුදෙනුව තුල මහා පරිමාණයේ අක්‍රමිකතාවයක් දක්නට ලැබෙන අතර ඒ ඔස්සේ මූල්‍යමය වංචාවක් සිදු වී ඇති බව අනාවරණය වන බවයි.
වැඩිදුර අදහස් දැක්වූ නාගරික මන්ත්‍රී ජූඩ් චාන්දන මැදගම ,
"මෙම කටයුත්තට මුළුමනින්ම වගකිව යුත්තේ මහනගර සභාවට භාණ්ඩ ගෙන්වීම හා සම්බන්ධව කටයුතු කරන නාගරික කොමසාරිස්වරයා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන්, මුදල් කාරක සභාවේ අනුමැතියේ එන්න කලින් මහ නගර සභා වාහනයක නුවර ගිහින් බඩු තෝරන් ඇවිල්ලත් ඉවරයි.
මේ ඩඩු ටික ගෙනත් දෙන්න ඕන ටෙන්ඩර් ගත්ත ආයතනය මිස මහ නගර සභාවේ වාහනයකින් ගිහිල්ලා අරන් එන්න කිසිම නීතිමය ප්‍රතිපාදනයක් නැහැ. එසේ ගෙන්නන විටදීත් මුදල් කාරක සභාවේ අනුමතය ලැබිලත් නැහැ නගරාධිපතිවරයා අත්සන් කරලත් නැහැ.මේ භාණ්ඩ පරීක්ෂා කරලා ගබඩාවට අරන් තියෙන්නේ වැඩ අධිකාරීවරයා සහ ගිණි බටයෙක් පමණයි. පරීක්ෂා කරපු ගිණි බටයාට ඇති සුදුසුකම් මොනවාද ? එය නිවැරදි අන්දමින් පරික්ෂා කළ යුත්තේ ඉංජිනේරුවරයෙකු නමුත් එය කඩිමුඩියේ ගිනිබටයෙකු ලවා පරීක්ෂා කිරීමේ උවමනාව කුමක්ද ? මේකේ විශේෂම කාරණාව තමයි තාක්ෂණික නිලධාරියා ප්‍රතික්ෂේප කරනවා මේ භාණ්ඩ පරීක්ෂා කරන්න බෑ කියලා.
මේ ගෙනාපු විදි ලාම්පු හා සම්බන්ධ ද්‍රව්‍යවල යම්කිසි දෝෂයක් ආවනම් වග කියන්න කෙනෙක් නැති වෙනවා.දැන් ඔය බඩු ගෙනල්ල තියෙන ආයතනයෙන් වීදි ලාම්පු පන්සියයක් අපි මීට පෙරත් මිලදී අරන් තියෙනවා ඒ භාණ්ඩ තත්වය අතින් ඉතාම දුර්වලයි ගෙනාපු සාම්පල් පවා ඉක්මනින්ම පිච්චිලා තියෙනවා. එසේ තිබියදී එම ආයතනයම නැවත තෝරාගැනීමට හේතුව පිළිබඳව අපට බරපතළ ගැටලුවක් තිබෙනවා.මේ හැම සැක කරුණක්ම හේතු කරගෙන තමයි අපි මහා සභාවේදී ඉල්ලීමක් කරේ අභ්‍යන්තරව මේ පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන්න කියලා. මේ පරීක්ෂණයෙන් එන පිළිතුරක් සමඟ අල්ලස් හෝ දූෂණ යටතේ හෝ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා අප යොමු වන්නට සූදානම් වෙනවා.වසන්ත සැණකෙළි කියල බොරු මවාපෑම් පාමින් හිතුමතේ භාන්ඩ ගෙන්නලා නුවරඑළිය මහ නගර සභාවට වගේම මහජනතාවගේ මුදල් අවභාවිතා කිරීමට අපට ඉඩ තියන්න බැහැ. සමහර භාණ්ඩ තියෙනවා ඉල්ලුම් කරලා මාස පහක් යනවා අපිට ගෙනත් දෙන්න මේකෙ පුදුම වැඩේ කියන්නෙ මුදල් අනුමත වෙන්න කලින්ම බඩු ඇවිල්ල ඉවරයි. මෙම පරීක්‍ෂණය අවසන් වන තුළ අපි ගෙන්නපු භාණ්ඩ භාවිතා කරන්න දෙන්නේ නැහැ. මේ එසේ මෙසේ බඩු ප්‍රමාණයක් නෙමේ රුපියල් අනූ හත් ලක්ෂ තිස් එක්දාහක (97,31000.00) ක මහා පරිමාණ බඩු තොගයක්. මේ ගෙනාපු බඩු වල කිසිම එකක බිල් වල දින සඳහන් වෙලා නැහැ." ඒ ඔස්සේ වගකීම් සහතිකයක් ලබා දෙන්න කිසිම ක්‍රමවේදයක් නැති බවද ඔහු වැඩිදුරටත් පැවසීය .
මෙම ගැටලුව පිළිබඳව නුවරඑළිය මහ නගර සභාවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රී නුවන් පොරුතොට නාගරික මන්ත්‍රීවරයාගෙන් අප සිදුකළ විමසුමකට ඔහු කියා සිටියේ බිල්පත්වල අවුල් සහගත තත්වයක් නොමැති නම් මේ වන විට මුදල් කාරක සභාවේ අනුමැතිය ලැබී ඇති බැවින් එම මුදල් ගෙවා දැමීමට කඩිනමින් කටයුතු කළ යුතු නමුත් එහි බිල්පත්වල අහුල්සහගත තත්ත්වයක් ඇතිනම් පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි .
මෙලෙස එල්ල වන චෝදනාව පිළිබඳව නුවරඑළිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස් විජේකොන් බණ්ඩාර මහතාගෙන් සහ නාගරික ඝණකාධිකාරී නන්දන ගුණවර්ධන මහතාගෙන් අප ප්‍රකාශයක් ලබා ගැනීමට කිහිප වතාවක් උත්සහ කලද ඔවුන් මාධ්‍ය වෙත ප්‍රකාශ ලබාදීමට මුලුමනින්ම ප්‍රතික්ෂේප කළේය .
ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය
- lankacnews
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..