ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහයට බාධා.. වෙඩි හඬක් යැයි සැක කෙරෙන ශබ්දයක් නිසා ජනපති ට්‍රම්ප් සහ මෙලනියා වහාම ඉවතට..
වොෂින්ටන් හි 'වොෂින්ටන් හිල්ටන්' හෝටලයේ පැවැත්වෙමින් තිබූ ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමයේ වාර්ෂික රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර වෙඩි හඬක් යැයි සැක කළ හැකි ප්‍රබල ශබ්ද කිහිපයක් ඇසීමත් සමඟ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලනියා ට්‍රම්ප් වහාම එම ස්ථානයෙන් ඉවත් කිරීමට රහස් ඔත්තු සේවා නිලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සෙනසුරාදා සන්ධ්‍යාවේ සිදුවූ මෙම නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, භෝජනාගාරය තුළින් "මහා හඬක්" හෝ වෙඩි හඬක් යැයි සැක කළ හැකි ශබ්ද කිහිපයක් ඇසීමත් සමඟ ජනාධිපතිවරයා සහ අමුත්තන් බිම වැතිර ආරක්ෂාව සෙවීමට උත්සාහ කර ඇති බවත්, එහිදී වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ ජනාධිපතිවරයාව සහ මෙලනියා ට්‍රම්ප්ව ප්‍රධාන අසුන් පැනවූ මේසයෙන් ඉවත් කර ආරක්ෂිත ස්ථානයක් කරා රැගෙන ගොස් ඇති බවයි.
එමෙන්ම, ජනාධිපතිවරයා ඉවත් කිරීමෙන් පසු, නවීන ගිනි අවිවලින් සන්නද්ධ ආරක්ෂක නිලධාරීන් කණ්ඩායමක් ජනාධිපතිවරයා අසුන්ගෙන සිටි ප්‍රධාන මේසය අවට ප්‍රදේශයේ පාලනය නතු කරගෙන දැඩි ආරක්ෂක වළල්ලක් යොදවා තිබේ.
ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමයේ සභාපතිනි වෙයිජියා ජියැං (Weijia Jiang) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, මෙම සිදුවීම පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන අතරතුර තාවකාලිකව නැවතුණු උත්සවයේ කටයුතු යළි ආරම්භ කරන බවයි.
මෙම ශබ්දය කුමක්ද යන්න හෝ කිසිවෙකුට හානියක් සිදුවී ඇත්ද යන්න පිළිබඳව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති වුවද, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙය වෙඩි තැබීමක් විය හැකි බවට සැක පවතින බවයි.
මූලාශ්‍රය | අල්ජසීරා
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්