ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහයට බාධා.. වෙඩි හඬක් යැයි සැක කෙරෙන ශබ්දයක් නිසා ජනපති ට්‍රම්ප් සහ මෙලනියා වහාම ඉවතට..
වොෂින්ටන් හි 'වොෂින්ටන් හිල්ටන්' හෝටලයේ පැවැත්වෙමින් තිබූ ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමයේ වාර්ෂික රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර වෙඩි හඬක් යැයි සැක කළ හැකි ප්‍රබල ශබ්ද කිහිපයක් ඇසීමත් සමඟ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලනියා ට්‍රම්ප් වහාම එම ස්ථානයෙන් ඉවත් කිරීමට රහස් ඔත්තු සේවා නිලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සෙනසුරාදා සන්ධ්‍යාවේ සිදුවූ මෙම නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, භෝජනාගාරය තුළින් "මහා හඬක්" හෝ වෙඩි හඬක් යැයි සැක කළ හැකි ශබ්ද කිහිපයක් ඇසීමත් සමඟ ජනාධිපතිවරයා සහ අමුත්තන් බිම වැතිර ආරක්ෂාව සෙවීමට උත්සාහ කර ඇති බවත්, එහිදී වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ ජනාධිපතිවරයාව සහ මෙලනියා ට්‍රම්ප්ව ප්‍රධාන අසුන් පැනවූ මේසයෙන් ඉවත් කර ආරක්ෂිත ස්ථානයක් කරා රැගෙන ගොස් ඇති බවයි.
එමෙන්ම, ජනාධිපතිවරයා ඉවත් කිරීමෙන් පසු, නවීන ගිනි අවිවලින් සන්නද්ධ ආරක්ෂක නිලධාරීන් කණ්ඩායමක් ජනාධිපතිවරයා අසුන්ගෙන සිටි ප්‍රධාන මේසය අවට ප්‍රදේශයේ පාලනය නතු කරගෙන දැඩි ආරක්ෂක වළල්ලක් යොදවා තිබේ.
ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමයේ සභාපතිනි වෙයිජියා ජියැං (Weijia Jiang) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, මෙම සිදුවීම පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන අතරතුර තාවකාලිකව නැවතුණු උත්සවයේ කටයුතු යළි ආරම්භ කරන බවයි.
මෙම ශබ්දය කුමක්ද යන්න හෝ කිසිවෙකුට හානියක් සිදුවී ඇත්ද යන්න පිළිබඳව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති වුවද, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙය වෙඩි තැබීමක් විය හැකි බවට සැක පවතින බවයි.
මූලාශ්‍රය | අල්ජසීරා
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..