භාණ්ඩාගාර කොල්ලයේ වරදට සුළු සේවකයින් බිල්ලට දී අත පිහදාගැනීමේ උත්සාහයක් ගැන කීර්ති තෙන්නකෝන් හෙළිකරයි..
මහා භාණ්ඩාගාරයේ සිදුවූ බව කියන ඩොලර් මිලියන 2.5ක මංකොල්ලය වසා ගැනීමටත්, එහි වගකීම පහළ මට්ටමේ සේවකයින් වෙත පටවා නිදහස් වීමටත් මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා කටයුතු කරමින් සිටින බව හිටපු ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන් මහතා චෝදනා කරයි.
මෙම මංකොල්ලයට වගකිව යුතු ඉහළ නිලධාරීන් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවයක් ලේකම්වරයාට පවතින බව පෙනෙන්නට තිබෙන බව ද ඔහු පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පළමුව මාර්තු 24 වන දින තනි සභාපතිවරයෙකුගෙන් යුත් කමිටුවක් පත් කළ බව ලිපියකින් දැනුම් දී තිබුණ ද, පසුව නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරු (DST) දෙදෙනෙකුගේ සම සභාපතිත්වයෙන් යුත් පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බව හෙළි වී තිබේ.
මෙම වංචාව අභ්‍යන්තරිකව වසා ගැනීමට ලේඛන සංශෝධනය කිරීමේ උත්සාහයක් පවතින බවත්, ඇතැම් ලේඛන බෙදා හැරීමෙන් පසු නැවත භාරයට ගෙන ඇති බවත් තෙන්නකෝන් මහතා අනාවරණය කරයි. කෙසේ වෙතත්, නියමිත දින මුද්‍රා සහිත ලේඛන පද්ධතිය තුළ තවමත් පවතින බව සේවකයන් පවසන බව ද ඔහු සඳහන් කළේය.
විමර්ශන කමිටු වාර්තාව අප්‍රේල් 10 වන දින මුදල් ලේකම්වරයා වෙත ලැබී තිබුණ ද, ඒ පිළිබඳව අවම වශයෙන් ජනාධිපතිවරයා හෝ කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට කටයුතු කර නොමැති බව පැවසේ. ජනාධිපතිවරයා වෙත අර්ධ සත්‍ය කරුණු ඉදිරිපත් කරමින් ඔහුව නොමග යැවීමට මුදල් ලේකම්වරයා කටයුතු කර ඇති බවට ද තෙන්නකෝන් මහතා චෝදනා කරයි.
සිද්ධිය වසා ගැනීමේ උපක්‍රමයක් ලෙස අප්‍රේල් 17 වන දින පහළ මට්ටමේ සේවකයන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත. විශේෂයෙන් මෑතකදී මාරු වී ආ දක්ෂ නිලධාරිනියන් දෙදෙනෙකු මෙම ක්‍රියාවලියේ ගොදුරු බවට පත්වීමේ අවදානමක් පවතින බවත්, රාජ්‍යයන් අතර ණය ගනුදෙනු පිළිබඳ පුහුණුවක් ඔවුන්ට නොතිබූ බවත් හිටපු ආණ්ඩුකාරවරයා පෙන්වා දෙයි.
මෙම විමර්ශන හරහා වැරදිකරුවන් ලෙස හංවඩු ගැසීමට උත්සාහ කරන්නේ අංක ටයිප් කළ පුද්ගලයන් බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මහා භාණ්ඩාගාරයේ සිටි දක්ෂ නිලධාරීන් දේශපාලන අවශ්‍යතා මත විවිධ ස්ථානවලට මාරු කිරීම මෙම අර්බුදයට ප්‍රධාන හේතුවක් බව තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි. විශේෂයෙන්ම පසුගිය සැප්තැම්බර් මාසයේ සිට පරිගණක අංශයට වගකිවයුතු ප්‍රධානියෙකු පත් කර නොමැති බවත්, දක්ෂයන් වෙනුවට දේශපාලන ලැදියාව මත පත්වීම් සිදු කිරීම නිසා ආර්ථිකයේ හදවත බඳු භාණ්ඩාගාරය අවදානමකට ලක්ව ඇති බවත් ඔහු අවධාරණය කළේය.
වත්මන් මුදල් ලේකම්වරයාට රාජ්‍ය අංශ කළමනාකරණය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් නොමැති වීම මෙම තත්ත්වය තවත් දරුණු කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..