රු.මිලියන 996ක මුළු හිඟ බදු මුදලම රජයට ගෙවන්න අලෝෂියස්ගේ මෙන්ඩිස් සමාගමට උසාවිය නියෝග කරයි..
ගෙවීම පැහැරහැර තිබෙන හිඟ වැට් බදු මුදල් නියමිත පරිදි ගෙවා අවසන් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරුන්ට නියෝග කළේය.
අදාළ බදු මුදල් ගෙවීම සඳහා සහනයක් ලබාදෙන ලෙස එම සමාගම කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි, එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ විත්තිකරුවන්ට මෙම නියෝගය නිකුත් කළේය.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේ 2016-2017 වර්ෂ වලට අදාළව ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගම නොගෙවා පැහැරහැර ඇතැයි සඳහන් රුපියල් මිලියන 996 ක බදු මුදලක් අයකර ගැනීම සඳහා දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් පැවරූ නඩුව කැඳ වූ අවස්ථාවේදීය.
මෙම නඩුකරය කැඳවූ අවස්ථාවේදී අදාළ සමාගමේ අධ්‍යක්ෂවරයකු වන විත්තිකාර අර්ජුන් ඇලෝසියස් අධිකරණයේ පෙනීසිටියේය.
විත්තිකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, සිය සේවා දායකයාගේ සමාගමට අයත් මත්පැන් නිෂ්පාදන බලපත්‍ර සුරාබදු දෙපාර්තමේන්තු මගින් අත්හිටුවා ඇතැයි සඳහන් කළේය.
එමෙන්ම මත්පැන් නිෂ්පාදනාගාර වෙන්දේසි කිරීමට බැංකු සූදානමින් සිටින බවත් ඔහු පැවසුවේය.
එම නිසා හිඟ බදු වාරික ගෙවීම සඳහා මූල්‍ය දුෂ්කරතා පවතින බවත් ඔහු පෙන්වාදුන්නේය.
එම නිසා දැනට ගෙවීමට නියම කර තිබෙන බදු වාරික සංශෝධනය කර ගෙවීමට අවසර දෙන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම අවස්ථාවේදී දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් වෙනුවෙන් පෙනීසිටි නීතිඥ දිනේෂ් පෙරේරා, අධිකරණය හමුවේ කරුණු දක්වමින්, අදාළ සමාගම විසින් ගෙවීම පැහැරහැර ඇති බදු අයකර ගැනීම සඳහා එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට එරෙහිව නඩු පහක් ගොනුකර තිබෙන බව පෙන්වාදුන්නේය.
එම එක් නඩුවක හිඟ බදු මුදල් ගෙවීම පැහැරහැරීම නිසා අදාළ සමාගමේ අධ්‍යක්ෂකවරුන්ට අධිකරණය මගින් සිරදඬුවම් නියම කළ බවත් නීතිඥවරයා සඳහන් කළේය.
ඒ අනුව දැනට නියම කර තිබෙන පරිදි බදු වාරික ගෙවන ලෙස විත්තිකරුවන්ට නියෝග නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා, විත්තිකාර සමාගම විසින් බදු ගෙවිය යුතු කාලය දැනටමත් ඉක්මවා ගොස් තිබෙන නිසා, අදාළ බදු මුදල් නියම කර තිබෙන පරිදි ගෙවීමට පියවර ගන්නා ලෙස නියෝග කළේය.
මෙම කටයුතු වල ප්‍රගතිය මැයි මස 25 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කෙරිණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..