චීනයේ Xpeng සමාගමෙන් ලබන වසරේ සිට 'පියාඹන' මෝටර් රථ..
චීනයේ විදුලි වාහන (EV) නිෂ්පාදකයෙකු වන Xpeng සමාගම සිය "පියාඹන" මෝටර් රථ නිෂ්පාදනය ලබන වසරේදී ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව එම සමාගමේ සභාපති බ්‍රයන් ගු (Brian Gu) රොයිටර් පුවත් සේවයට පවසා ඇත.
එසේම මානව හැඩැති රොබෝවරුන්ගේ (humanoid robots) නිෂ්පාදනය මෙම වසරේ සිව්වන කාර්තුවේදී ආරම්භ කිරීමට ද අපේක්ෂා කරන බවටයි ඔහු සඳහන් කර ඇත්තේ.
එමෙන්ම මේ හරහා ජර්මානු මෝටර් රථ නිෂ්පාදකයෙකු වන වොක්ස්වැගන් (Volkswagen) සමාගම සමග සහයෝගීතාව ඉහළ නැංවීමට විශාල හැකියාවක් පවතින බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.
වෙනත් මෝටර් රථ නිෂ්පාදකයින් සමග හවුල්කාරිත්වයන් ඇති කර ගැනීමට ද Xpeng විවෘතව පවතින බවටයි සභාපතිවරයා සඳහන් කර ඇත්තේ.
Xpeng සමාගම දැනටමත් සිය පියාඹන මෝටර් රථ සඳහා ඇණවුම් 7,000කට වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇති අතර, ඉන් බහුතරය චීනයෙන් ලැබුණු ඒවා බවත් සඳහන්.
එසේම එරට ගුවන් සේවා බලධාරීන්ගෙන් අනුමැතිය ලබා ගැනීමට සමාගම මේ වන විට කටයුතු කරමින් සිටින බවයි සභාපතිවරයා සඳහන් කර ඇත්තේ.
රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් වැඩිදුරටත් ඔහු පවසා ඇත්තේ, ඔවුන්ගේ සමාගම මෙම වසරේදී චීනයේ ගුවැන්ෂු (Guangzhou) නගරයේදී රොබෝ ටැක්සි (robotaxi) පරීක්ෂණ කටයුතු ආරම්භ කරන බවත්, හවුල්කරුවන් සමග ලොව පුරා පරීක්ෂණ පැවැත්වීම සඳහා 2027 වසර තීරණාත්මක වසරක් වනු ඇති බවත් ය.
ඉදිරි මාස 12 සිට 18 දක්වා කාලය තුළ රොබෝ ටැක්සි සිය ගණනක් හෝ දහස් ගණනක් නිෂ්පාදනය කිරීමට සිය සමාගම බලාපොරොත්තු වන බව ද ඔහු පවසා තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..
අද, හෙට සහ අනිද්දා දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවක්..
කොටුව මහේස්ත්රාත්වරයා නිකුත් කළ තහනම් නියෝගයට එරෙහිව ගම්මන්පිලගෙන් පෙත්සමක්..