භාණ්ඩාගාර සල්ලි ආණ්ඩුව හොරකම් කළා කියන්නෙ බොරු.. ඒක හැකර්ලගේ වැඩක්.. - මුදල් නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත
ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරය විසින් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අනතුරුව අදාළ වාරික ගෙවීමේදී සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතාව, සංවිධානාත්මක සයිබර් අපරාධකරුවන් පිරිසක් විසින් සිදු කරන ලද්දක් බවත්, ඒ සඳහා ආණ්ඩුවේ කිසිදු පාර්ශ්වයක සම්බන්ධයක් නොමැති බවත් මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා අවධාරණය කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, ඔස්ට්‍රේලියාවේ අපනයන මූල්‍ය ආයතනය වෙත ගෙවිය යුතු මුදල් සම්බන්ධයෙන් භාණ්ඩාගාරය සහ එම ආයතනය අතර පැවති ඊමේල් (Email) පණිවිඩ හුවමාරු පද්ධතිය හැකර්වරුන් විසින් හැක් කර ඇති බවයි.
එමගින් අදාළ ණය හිමියාට ලැබිය යුතු මුදල් වංචනික ලෙස හැකර්වරුන්ගේ ගිණුම් වෙත ලබාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම සිදුවීම පාදක කරගනිමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ විවිධ පාර්ශ්වයන් විසින් "ආණ්ඩුවේ හිතවතුන්ගේ ගිණුම්වලට මුදල් බැර වී ඇති" බවටත් "රටේ මූල්‍ය ආරක්ෂාව බිඳ වැටී ඇති" බවටත් පදනම් විරහිත ප්‍රකාශ සිදු කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එවැනි ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, මහජනතාව නොමග යවන මෙවැනි සාවද්‍ය තොරතුරු විශ්වාස නොකරන ලෙසත් ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
ගිණුම් අංකවල වෙනසක් සිදුවන බව දැනගත් වහාම මහා භාණ්ඩාගාරය විසින් මේ පිළිබඳව ශ්‍රී ලංකා පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන අංශයට සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට (CERT) දැනුම් දුන් බව අමාත්‍යවරයා පැවසීය.
ඉන්දියාවට සිදු කිරීමට ගිය ගෙවීමකදී ද මෙවැනිම උත්සාහයක් ගෙන තිබූ බැවින් ඒ පිළිබඳව සැක මතු වී පරීක්ෂණ කටයුතු කඩිනම් කර ඇත.
මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් දීර්ඝ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ඊට අමතරව භාණ්ඩාගාරයේ අභ්‍යන්තරව නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරුන් දෙදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මගින් ද පරීක්ෂණ පවත්වා ඇත.
එම කමිටු නිර්දේශ මත, අදාළ ගනුදෙනු කටයුතුවල නිරත වූ නිලධාරීන්ගේ කිසියම් විනයානුකූල ගැටලු පවතීද යන්න සොයා බලා අවශ්‍ය විනය ක්‍රියාමාර්ග දැනටමත් ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් මෙම විමර්ශන කටයුතු අඛණ්ඩව සහ වේගයෙන් සිදු කිරීමට අවශ්‍ය සියලු උපදෙස් මහා භාණ්ඩාගාරය වෙත ලබා දී තිබේ. අදාළ හැකර්වරුන් අල්ලා ගැනීම සහ අහිමි වූ මුදල් නැවත ලබා ගැනීම රජයේ මූලික අරමුණ බවත්, පරීක්ෂණවලට බාධාවක් විය හැකි බැවින් මේ පිළිබඳව අනවශ්‍ය මාධ්‍ය සංදර්ශන පැවැත්වීමෙන් වැළකී සිටින බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මහජනතාවගේ මූල්‍ය වගකීම තහවුරු කරමින්, විමර්ශනවල ප්‍රගතිය ඉදිරියේදී නිසි පරිදි වාර්තා කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා වැඩිදුරටත් සහතික විය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..