සියලු චෝදනා බැහැර කරනවා!.. ඉල්ලන කිසිම දෙයක් දෙන්නේ නෑ.. - ලාල්ට හිරුගෙන් සැර ප්‍රතිචාරයක්
ඒෂියා බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් (පුද්ගලික) සමාගම (හිරු ටීවී) විසින් පසුගියදා විකාශය කරන ලද පුවතක් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ එන්තරවාසියකට පිළිතුරු දෙමින්, එම පුවතේ වූ තාක්ෂණික දෝෂ නිවැරදි කර ඇති බවත්, අදාළ පාර්ශවයට කිසිදු ද්වේෂසහගත චේතනාවකින් තොරව එම වාර්තාකරණය සිදු කළ බවත් එම ආයතනය අවධාරණය කරයි.
සුදත් පෙරේරා ඇසෝසියේට්ස් නීතිඥ සමාගම මගින් යොමු කරන ලද ලිපියක් මගින් දන්වා ඇත්තේ අප්‍රේල් 16 වන දින විකාශය වූ පුවතේ වත්කම් හා බැරකම් ප්‍රකාශයට අදාළ සංඛ්‍යාලේඛනවල ගණනය කිරීමේ දෝෂයක් සිදුව ඇති බව හඳුනාගෙන තිබේ. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ මාධ්‍ය ආයතනය අප්‍රේල් 18 වන දින සියලුම මාධ්‍ය ජාලයන් ඔස්සේ (හිරු TV, හිරු FM, ෂා FM ඇතුළු සමාජ මාධ්‍ය ජාල) එම වැරදි නිවැරදි කර ප්‍රසිද්ධියට පත් කර ඇති බවය.
මෙම මාධ්‍ය වාර්තාකරණය මගින් කිසිදු පුද්ගලයෙකුට අපහාස කිරීමේ හෝ හානියක් කිරීමේ අදහසක් නොතිබූ බවත්, සිදුවූ අතපසුවීම සම්බන්ධයෙන් දැනගත් වහාම ස්වේච්ඡාවෙන්ම සමාව අයදිමින් එම වැරදි නිවැරදි කිරීමට පියවර ගත් බවත් නීතිඥවරයා මගින් දැනුම් දී ඇත. එබැවින් එන්තරවාසිය මගින් ඉල්ලා ඇති වන්දි මුදල් ගෙවීමට තම සේවාදායකයා බැඳී නොමැති බව එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.
2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතට අනුව ලාල්කාන්ත මහතා ඉදිරිපත් කර ඇති වත්කම් හා බැරකම් ප්‍රකාශය නීත්‍යානුකූල නොවන බවත්, එහි බරපතළ දෝෂ පවතින බවත් නීතිඥවරු පෙන්වා දෙති.
අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ පිළිගෙන ඇති පරිදි පොදු දේපළවලට හානි කිරීම සහ ප්‍රචණ්ඩත්වය ඇවිස්සීම වැනි ක්‍රියාවලට සම්බන්ධ වී ඇති බැවින්, ඔහුට හානි වීමට තරම් "කීර්තිනාමයක්" නොමැති පුද්ගලයෙකු බව අධිකරණය ඉදිරියේ තහවුරු කරන බව ලිපිය මඟින් අවධාරණය කර ඇත.
තම ආයතනයේ විකාශන අයිතියට බාධා කිරීමට දරන ඕනෑම උත්සාහයකට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත්, අනිවාර්ය ව්‍යවස්ථාපිත නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාට එරෙහිව කටයුතු කරන බවත් එම ලිපිය මඟින් වැඩිදුරටත් දන්වා තිබේ.
තවද, මාධ්‍ය නිදහස සහ බලපත්‍ර කොන්දේසිවලට පටහැනිව කටයුතු කිරීමට දරන ඕනෑම උත්සාහයකට එරෙහිව දැඩිව පෙනී සිටින බවද හිරු මාධ්‍ය ජාලය නියෝජනය කරන නීතිඥ සමාගම අවධාරණය කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..