
ටෙලිකොම් විකුණන ගනුදෙනුව ගැන අලිරජා සුබාෂ්කරන් එක්ක කොළඹදී සාකච්ඡා... ඩීල් එක පිටුපස නිළියකුත්
‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත පවසන්නේ ටෙලිකොම් ආයතනය විකුණා දැමීම සඳහා ලයිකා මොබයිල් ජාලයේ අධිපති අලිරජා සුබාෂ්කරන්ගේ ප්‍රමුඛත්වයෙන් මේ වනවිටත් ගනුදෙනු පිළිබඳ සාකච්ඡා පැවැත්වෙන බවය.
එච්.ඒ.අයි.එම්.එස්. ඉන්ටර්නැෂනල් ආයතනය අලිරජා සුබෂ්කරන් වෙනුවෙන් මෙම ලංසු තැබීම සහ කැමැත්ත ප්‍රකාශ කිරීමේ ලිපි ලබාදී ඇතැයි ද මාධ්‍ය හමුවකදී හෙතෙම පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
”විශේෂ පුද්ගලයෙක් පෙරේදා (19) ශ්‍රී ලංකාවට ආවා. ඔහු වෙන කවුරුත් නෙවෙයි කුප්‍රකට ලයිකා මොබයිල් ජාලයේ අධිපති අලිරජා සුබාෂ්කරන්. මේ අවස්ථාවේ ජනාධිපතිවරයා එක්ක එකතු වෙලා රවී කරුණානායක හා සම්බන්ධ වෙලා නිළි පරම්පරාවකුත් ඉන්නවා මේ ඩීල් එක පිටිපස්සේ. ජානකී විජේරත්න නිළිය තමයි මේ ඩීල් එක පිටිපස්සේ ඉන්නේ.
එච්.ඒ.අයි.එම්.එස්. ඉන්ටර්නැෂනල් කියන ආයතනය තමයි අලිරජා සුබාෂ්කරන් වෙනුවෙන් මේ ලංසු තැබීම, කැමැත්ත ප්‍රකාශ කරලා තියෙන්නේ. ඊ.ඕ.අයි එක දීලා තියෙන්නේ.
එතකොට මේ වනවිටත් ලංකා හොස්පිටල් සහ හිල්ටන් විකිණීම සඳහා ඊ.ඕ.අයි එක දීලා තියෙනවා. අලිරජා සුබෂ්කරන්ගේ අනුමැතිය සහිතව එච්.ඒ.අයි.එම්.එස්. කියන ආයතනය ලංකා හොස්පිටල් එකට අදාළ ඊ.ඕ.අයි එක දීලා තියෙනවා.
ඒ වගේම තවත් විදේශීය ආයතන රාශියක් මේ රටේ ධනය, මේ රටේ මහජනතාව වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය ආයතන විකිණීමේ කුමන්ත්‍රණය පිටිපස්සේ ඔවුන්ගේ මිල ගණන් සහ මේවා මිලදී ගැනීමේ කැමැත්ත මේ වනවිටත් ප්‍රකාශ කරලා තියෙනවා.
ශ්‍රී ලංකා ටෙලිකොම් සේවකයන් සියලු දෙනාම මහපාරට බැහැල ඉන්න මේ අවස්ථාවේදී ඔවුන් තවමත් දන්නේ නෑ කොළඹ තරුපහේ හෝටලයක රහසිගත ස්ථානයක ටෙලිකොම් විකිණීමේ මහා ගනුදෙනු සාකච්ඡාව කුප්‍රකට ලයිකා අධිපති අලිරාජා සුබාෂ්කරන්ගේ ප්‍රමුඛත්වයෙන් සිද්ධ වෙනවා කියලා.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
