පාස්කු ප්‍රහාරය ගැන සත්‍ය මත පදනම් වූ පරික්ෂණයක් සිදුකර සත්‍යතාවය හෙළිකරන්න.. - කාදිනල් හිමි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව සුබවාදී පිළිවෙතක් අනුගමනය කරමින් සිටියදී, ඇතැම් රාජ්‍ය නිලධාරීන් එය අකර්මණ්‍ය කිරීමට උත්සාහ දරමින් සිටින බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් චෝදනා කරයි.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සත්වැනි ස්මරණය වෙනුවෙන් අද (21) පැවති වැඩසටහනට එක්වෙමිනි.
පාස්කු ප්‍රහාරය පිටුපස ඔවුන් නියෝජනය කරන දේශපාලනික බලවේග සිටියේදැයි ප්‍රශ්නයක් මතුවන බවද පැවසු කාදිනල් හිමි එසේ නොවන්නේ නම් සත්‍ය සොයා යන ගමනට මෙතරම් බාධා කරන්නේ මන්දැයි මෙහිදී ප්‍රශ්න කර සිටියේය.
මේ පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසම පවා ගැඹුරින් අධ්‍යයනය කළ නොහැකි වු කරුණු කිහිපයක් පිළිබඳ එම වාර්තාවේ සඳහන් කර ඇති බව සඳහන් කළ කාදිනල් හිමි අබු හින්ද් කවුරුන්දැයි සොයා ගැනීම වැදගත් බවද පැවසීය.
සහරාන් සමඟ ගනුදෙනු කළ බවටද තොරතුරු වාර්තා වන එම පුද්ගලයා පිළිබඳ තොරතුරු සෙවීම ඉතා වැදගත් බවද සඳහන් කළ කාදිනල් හිමි කොමිෂන් සභාව විසින් අබු හින්ද්ගේ අනන්‍යතාවය පිළිබඳ විමර්ශනය කරන බවට රහස් පොලීසිය විසින් සාක්ෂි ලබාදුන් බවද සඳහන් කළේය.
"මේ භයානක ඝාතන පිටුපස ඇත්තේ කවුරුන්දැයි අපිට හෙළිදරව් කර දෙන්න. ශ්‍රී ලංකාව තුළ දශක ගණනාවක් තුළ සිදුවු විවිධ ඝාතනයන් අතුරුදන් කිරීම් හා මිනීමැරුම් පිටුපස තිබුණේ කුමන අරමුණක් ද ? කරේ කවුරුන්ද යන්න සොයා ගෙන සියල්ල කාලයේ වැලිතලාවෙන් වැලලී යෑමට ඉඩ හැරීම අපගේ රටතුළ මෑත කලායේ බිහි වී ඇති අති භයානක ප්‍රවණතාවයකි. 70 දශකයේ ඇරඹී මෙය නොබෝ දා දක්වා පැවති ජාතික ව්‍යවසනයකි....
මේ අති විශාල සාරධර්ම පිරහීම තුළ වින්‍යානුකූලබව, නීතියට ගරු කිරීමේ උතුම් ගුණය හා ශිෂ්ට සම්පන්න හැසිරීම් රටාව අප රටෙන් බැහැරවිය. මෙවැනි පරිසරයක ශ්‍රී ලංකාව තුළ පසුගිය දශක 4ක කාලය තුළ සිදුවු මීනිමැරුම්, අතුරුදන්වීම් හා දූෂණ පිළිබඳ අවංක සොයාබැලීමක් සිදුකිරීම දුෂ්කර වී ඇත්තේ දේශපාලන ඇඟිලි ගැසීම් හා මුසාව ක්‍රියාකාරී වීම නිසා යැයි කිව යුතුය.
පාස්කු ප්‍රහාරයද එවැනි දුක්බර අත්දැකීමකි. එහි වින්දිතයින් විඳිනා දහදුක මේ කිසිදු ආයතනයකට හෝ පුද්ගලයෙකුට දැනෙන දෙයක් වේදැයි ප්‍රශ්නයක් මතුවෙයි.
ඇතැම් පිරිස් පාස්කු ප්‍රහාරයේ විමර්ශන අදාල නිලධාරීන් මගින් ස්වාධීනව සිදුකරන්නට ඇති ඉඩකඩ අවහිර කරන්නට වෙරදන්නේ ඇයි දැයි අපට නොවැටහේ. 2024 ඔක්තෝබර් 6 වන දින අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ දී බෝම්බ ප්‍රහාරයේ වින්දිතයින් මුණගැසුණු මොහොතේ ඔවුන්ට දුන් ප්‍රතිඥාව වුයේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍ය කාලයේ වැලිතලාවට වැසීයාමට තමන් ඉඩ නොදෙන බවයි. අපි ඉල්ලා සිටින්නේ මේ පොරොන්දුව යථාර්තයක් කරමින්, පාස්කු ප්‍රහාරය පිළිබඳව පරිපූර්ණ විනිවිඳ පෙනෙන සත්‍ය මත පදනම් වූ පරික්ෂණයක් සිදුකර එහි සත්‍යතාවය අපට හෙළිකර දෙන ලෙසයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..