News Category
From Date
To Date
Maximum Number of Result

ජවිපෙට වියදම් කළ ඊබ්‍රාහිම්, පාස්කු ප‍්‍රහාරයෙන් නිදහස් කර වෙනත් අයට ඇඟිල්ල දික් කරනවා.. - නාමල්

Apr 21, 2026 at 07:07 AM
|

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට තුන් පාරක් ඇවිත් හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිව රැක්ක බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ජවිපෙ ජාතික ලැයිස්තුවේ සිටි ඊබ්‍රාහිම් පාස්කු ප්‍රහාරයෙන් හංගා ආරක්ෂා කරමින් වෙනත් අයට ඇඟිල්ල දිගු නොකළ යුතු බවත් නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කලේ අද දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ පැවති නව අවුරුද්දේ වැඩ ආරම්භ කිරීමට එක්වෙමින් මාධ්‍යවේදීන් අමතමිනි.

‍ෙමෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,"අලුත් අවුරුද්දේ අපි නැකැත් චාරිත්‍ර අවසන් කරලා මේ වෙනකොට පක්ෂ කාර්යාල වැඩ කටයුතු පටන් අරන් තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා මේ අවුරුද්ද තුළ දේශපාලනික වශයෙන් අපේ පක්ෂයේ ශාඛා සමිති ග්‍රාමීය මට්ටමේ නායකයින් පත්කරා අපි පහුගිය අවුරුද්දේ. ඉතින් ශාඛා සමිති හදලා පක්ෂයේ යාන්ත්‍රණය තවදුරටත් ශක්තිමත් කරන්න. පළවෙනි දේ තමයි අර අපි හැමදාම විශ්වාස කරන දෙයක් තියෙනවානේ මේ ආණ්ඩුවට ජනතාව ඡන්දෙ දුන්නේ එක හේතුවක් මත. ආණ්ඩුව ලවා ජනතාවගේ අවශ්‍යතාවයන් අපි ඉටු කරන්න ඕනි. ආණ්ඩුව බලෙන් ගිහින් ගෙනල්ලා වාඩි කරපූ ආණ්ඩුවක් නෙවෙයි ඡන්දයෙන් පත් වුණේ අසීමිත පොරොන්දු දීලා. අද ඒ ආණ්ඩුවට පොරොන්දු කඩ කරන්න අයිතියක් නෑ. ඒ හින්දා ජනතාවට වෙච්ච පොරොන්දු ආණ්ඩුව ඉෂ්ඨ කරන්න ඕන.

දැන් කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි තියෙනවා කියලා ජනාධිපතිවරයා ඇවිල්ල පාර්ලිමේන්තුවේ කිව්වනේ. හැබැයි අද වෙනකොට මොකක්ද වෙන්නේ එක ඇත්තකින් ගල් අඟුරු වංචාව අනික් පැත්තෙන් පුනර්ජනනීය විදුලිය වසලා පුනර්ජනනීය විදුලිය උත්පාදනය කරන ආයතන වහල දාලා තනිකර ඩීසල් මාෆියාව මේ රටේ අරගෙන යන්න ආණ්ඩුව කටයුතු කරනවා. ඒක තමයි මේ ආණ්ඩුවේ සැලැස්ම ඒ වංචාව පිළිබඳවත් ඉතිරි කාලසීමාවේ රට දැන ගනී. අපි මීට පෙරත් අපි පක්ෂයේ දේශපාලන මණ්ඩලයෙන් තීන්දුවක් ගත්තා මෙවර පෝය දිනයක් හින්ද මැයි දිනය අපි වෙනදා රැලියක් ආකාරයෙන් සමරන්නේ නෑ කියන කාරණය අපේ ටී බී ඉලංගරත්න මහත්මයාගේ පිළිරුව ඉදිරිපිට මැයි දිනය කම්කරුවන් වෙනුවෙන් දිනයක් බවට පත්කරනවා ඒ වගේම තමයි ලංකාවේ ආගමික සිද්ධස්ථාන වල කම්කරුවන්ට ආශිර්වාද කරලා ආගමික වතාවත් කටයුතු කරන්න අපි කටයුතු කරනවා.

දැන් අපි බලාගෙන ඉන්නවා සාධාරණව පරීක්ෂණයක් සිද්ධ වෙනවද කියලා පැහැදිලිවම මේ ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් රට දැනගෙන ඉන්නවා විගණකාධිපතිවරිය ගේ වාර්තාව දිහා බැලුවම ඒක වංචාවක් බව පේනවා. ඒ වගේම තමයි ගල් අඟුරු සම්බන්ධයෙන් ලැබ් රිපෝට් එක ගත්තත් බොරු වාර්තාවක් දීලා තියෙන්නේ ඉතින් මේවා හංගන්න බෑ හැබැයි දැන් අපි බලන් ඉන්නවා ඇමතිවරයා ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබීනට් මණ්ඩලය ඒ වගකීම බාරගන්නවද එහෙම නැත්තං ඔවුන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක කෙරුණු නිලධාරීන් මත වරද දාලා නිලධාරීන්ව අස් කරල දානවද කියල. කලින් අපි දැක්කනේ එහෙම වෙනවා දැන් බන්ධනාගාර කොමසාරිස්වරයා අස් කරා. හැබැයි මානව හිමිකම් එකෙන් එතුමාට සාධාරණයක් ඉෂ්ඨ වුණා. ඒකෙන් ඇමැතිවරයාගේ ආණ්ඩුවේ වැරදි වහගන්න නිලධාරීන්ගේ පිට වැරදි පටවනවා අවසානයේ මොකක්ද වෙන්නේ.අපට විශ්වාසයි සාධාරණයක් ඉෂඨ වෙනවා දැන් මේකෙත් අපි බලන් ඉන්නවා ජනාධිපතිවරයා

මේකට වගකියන්න ඕන ජනාධිපතිවරයා පත්කරේ මෙයාව දැන දැනමයි. ඒ විතරද පාර්ලිමේන්තුවට ඇවිල්ලා තුන්පාරක් ආරක්ෂා කරානේ ජනාධිපතිවරයා මේ ඇමතිවරයාව 159 ක් ඡන්ද දීලා ආරක්ෂා කරේ එකසිය පනස් නවයක් පාර්ලිමේන්තුවේ දවසක් වාද විවාද කරලා චන්දෙ දුන්නා. දැන් අපි බලන් ඉන්නවා මොකක්ද වෙන්නේ කියලා නිලධාරීන්ගේ පිට දානවද නැත්නම් ආණ්ඩුවකින් බාරගන්නවද කියලා

වරදක් වෙලා තියෙනවද කියලා දැන් පැහැදිලියිනේ ඔව් දැන් අපි බලන් ඉන්නවා මේ ආණ්ඩුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවද කියලා පොලිස්පතිවරයා මාලිමාවේ පොලිස්පතිවරයා විදියට තවදුරටත් හැසිරෙනවද කියලා. පොලිස්පතිවරයා මාලිමාවේ පොලිස්පතිවරයාද එහෙම නැත්නම් ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පතිවරයාද කියල අපි බලාගෙන ඉන්නවා.

ජනතාවට ඉතාමත් ම අපහසු කාලයක් ඒක අපි තේරුම් ගත යුතුයි දේශපාලනය කරන පක්ෂයක් විදියට අපි ඒක තේරුම් ගත යුතුයි. ආණ්ඩුව ඒක තේරුම් ගත යුතුයි.ජනතාව මත අසීරු බදු ගොඩක් පටවලා තියෙනවා. ඒ වගේම ගල් අඟුරු වංචාවෙන් වෙච්ච පාඩුව. ඒ වගේම ලෝකේ වැඩිම මිලට තෙල් මිලදී ගත්ත ආණ්ඩුව බවට අපි පත්වෙලා තියෙනවා. ලෝකයේ වැඩිම මිලට මේක අපි නෙවෙයි කියන්නේ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ ලෝකයේ වැඩිම මිලට තෙල් ගෙනල්ලා අසීමිත බරක් ජනතාව පිට පටවපු ආණ්ඩුවක් බවට පත්වෙලා තියෙනවා.

ඒ වගේම දිට්ටා සුළි කුණාටුවෙන් අසරණ වෙච්ච ජනතාවට තාමත් සාධාරණයක් කරන්න ජනාධිපතිවරයා එක ගෙදරකට ගිහිල්ලා කිරි ඉතිරෙව්වා. එදා ගියාද නැද්ද කියලා කියන්න මම දන්නෑ හැබැයි කිරි උතුරුවලා තිබුනා. ඒක හොඳයි.තවමත් ජනතාව අනාථ කඳවුරු වල ජීවත්වන තැනට පත්වෙලා තියෙනවා අනාරක්ෂිත තැන්වලින් ජනතාව ඉවත් කරන්න කටයුතු කරල නෑ, ගිය පාර නම් මම කලින් ගමකට ගිය වෙලාවේ අයිය කෙනෙක් ඉඩම් පෙන්නුවා කියලා හැබැයි තාම ජනතාව අනාරක්ෂිත තැන්වල තමයි ඉන්නේ. අයියා හොයන්නත් නෑ දැන් ඒ නිසා මේ අවුරුද්ද ඉතාමත් අභියෝගාත්මක අවුරුද්දක් ජනතාවට මොකද ආණ්ඩුව පැහැදිලිවම තමන්ගේ වැරදි වහගන්න විපක්ෂ මර්දනය කරනවා. තමන්ගේ නොහැකියාව වහගන්න ඒ පීඩනය ජනතාවට දෙනවා

ගල් අඟුරු ගැන හොයන්න ඕන 2009 ඉඳන්නෙවෙයි මේක අසූඅට අසූ නවය කාලයේ ඉඳන් හොයන්න ඕන. ඒ කියන ගල් අඟුරු තිබුනනම් ඒ කාලේ

පාස්කු ප්‍රහාරය තනිකර දේශපාලනීකරණය කරලා තියෙනවා. මේ ආණ්ඩුව තනිකර දේශපාලනීකරණය්ස් කරලා තියෙනවා. එක පැත්තකින් කලින් පිල්ලෙයාල් හිටපු පාර්ලිමේන්තු ඇමතිවරයා අත්අඩංගුවට ගත්තා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් . විෂය භාර ඇමතිවරයා පාර්ලිමේන්තු ඇවිත් කිව්වා ඔහු අනාවරණය කරලා තියෙනවා තොරතුරු රාශියක් කියලා. ඔහු උසාවියට ඉදිරිපත් කරන්නේ මොකටද වෙනත් ඝාතනයක් සම්බන්ධයෙන් උසාවියට ඉදිරිපත් කරන්නේ.

ඒ වගේම අද සුරේස් සලේ අපේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියා අත්අඩංගුවට අරගෙන තියෙනවා ඔහුව ප්‍රශ්න කරනවා. හැබැයි කවුද ඔහුව ප්‍රශ්න කරන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ බුද්ධි අංශ වාර්තා ලාච්චුවේ හංගගෙන හිටපු දෙන්නා. දැන් ඒ දෙන්නම තමයි ගල් අඟුරු ගැන හොයන්න යන්නේ. ඒක තමයි හොඳම විහිළුව. තමන්ගේ දේශපාලනවේදිකාවේදී පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අපෙන් අහනවට වඩා ඔබතුමා ඔය ප්‍රශ්නය අහන්න ඕන ජේවීපී එකෙන් හරි ඊබ්‍රාහිම්ගෙන් අහන්න කියලා ඇයි පුතාලා දෙන්න එහෙම කරේ. දැන් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මහා මොලකරුවෙක් ඉන්නවා රාජපක්ෂලා කියල කියනවනේ ඉතින් ඊබ්‍රහම් මහත්තයා දන්නවා ඇතිනේ. එයාගේ පුතාලා දෙන්නා ත්‍රස්තවාදියෝ වුණේ රාජපක්ෂල නිසාද වෙන හේතුවක් නිසාද කියලා ඔහු තාම ජවිපෙ එකේ සාමාජිකයෙක්නෙ . ජාතික ලැයිස්තුවේ හිටියනේ ජේවීපී එකට වියදම් කරානේ තමන්ගේ පක්ෂෙට වියදම් කරපු කෙනාව හංගලා ආරක්ෂා කරලා ඔහුගේ දේපලත් නිදහස් කරලා දීලා කොහෙවත් යන කට්ටියන්ට ඇඟිල්ල දික් කරාට හරියන්නෑ.

සම්බන්ධිත පුවත් | Related News

ජෝර්දානයේ අල් අස්රාක් ප්‍රදේශයේ පිහිටි අමෙරිකානු කඳවුරකට බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කළ බව ඉරානය පවසයි.
මෑත කාලයේදී පොලිස් සේවයේ විවිධ ශ්‍රේණි සඳහා සිදුකළ උසස්වීම් අභියෝගයට ලක්කරමින් නිලධාරීන් 1,050කට ආසන්න පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 40ක් පමණ නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින බරපතළ ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලා අද (09) දිනයේ දීපව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක නිරත වීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවලට අනුව, මේ වසරේ අප්‍රේල් මාසය අවසන් වන විට රජය විසින් ගෙවීමට ඇති සමස්ත නොපියවූ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 30.53ක් (රුපියල් බිලියන 30,533.60ක්) දක්වා ඉහළ ගොස් ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන දේශීය ක්‍රිකට් තරගාවලියේ ව්‍යුහය වෙනස් කරමින් කණ්ඩායම් සංඛ්‍යාව අඩු කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගෙන ඇති තීරණයට එරෙහිව බදුරලිය ක්‍රීඩා සමාජය අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති 24ක් එක්ව එළඹෙන සැප්තැම්බර් 17 සහ 18 යන දෙදින තුළ පැය 48ක සංකේත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.
ප්‍රංශයේ පැරිස් අගනුවර ප්‍රධාන සංචාරක ආකර්ෂණය ලෙස සැලකෙන අයිෆල් කුලුනේ සේවක සේවිකාවෝ වැඩ වර්ජනයක් ආරම්භ කළහ. වැඩ වර්ජනය හේතුවෙන් අයිෆල් කුලුන වසා දැමුණු අතර, එය නැරැඹීමට විදේශවලින් පැමිණි සංචාරකයන්ට ද ආපසු හැරී යෑමට සිදුවිය.
පසුගිය 2024 ජනවාරි මාසයේ සිට 2025 ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින පුරා පිහිටි සතොස අලෙවිසැල් 31ක් වසා දැමීමට කටයුතු කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ප්‍රධාන පුවත්

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..

කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සභාවාරය ආරම්භ කිරීමට පෙර පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම යන අංග ත්‍රිත්වය න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගේ අදහස් ඔහුගේ වචනයෙන්,

ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!

දශක ගණනාවක් තිස්සේ කියුබානු වෛද්‍ය වෘත්තිකයන් දස දහස් ගණනක් ලොව පුරා රටවල් හැටක පමණ ස්ථානගත කර තිබේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රම බලකායට වඩා බොහෝ සෙයින් වැඩි ය. එසේම, බොහෝ දුරට ගෝලීය දකුණේ සෞඛ්‍ය සේවා අඩු හෝ වෛද්‍ය සේවය නොලබන ජනගහනයක ඔවුහු සේවය කරති. විදේශ නිලධාරීන් වෙත වීසා අත්හිටුවන බවට තර්ජනය කිරීමෙන්, ඇමරිකා එක්සත් ජනපද රජය අදහස් කරන්නේ විදේශයන්හි මෙම කියුබානු වෛද්‍ය මෙහෙයුම් කඩාකප්පල් කිරීමටය. එය ක්‍රියාත්මක වුවහොත්, ලොව පුරා මිලියන ගණනක් ජනතාව වඩාත් දුක් විඳිනු ඇත.

කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..

කළුතර ප්‍රාදේශීය සභාවේ න්‍යාය පත්‍රයෙන් පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම සඳහා විනාඩියක නිශ්ෂබ්දතාව යන අංග ත්‍රිත්වය ඉවත්කරන බව එම සභාවේ සභාපතිවරයා විසින් සභාවට දන්වා ඇත.

දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක

නාමල් රාජපක්ෂට විරුද්ධව සාක්ෂි දීපු නිමල් පෙරේරා දූෂිතයෙක් බවත් මොහුගේ ව්‍යාපාරික සගයා තමයි මේ වත්මන් ආණ්ඩුවේ ඉන්න ප්‍රබල අමාත්‍යවරයකු බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික කැදවුම්කරු ඩී.වී චානක මහතා පැවසීය.

22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වන සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේ පටිපාටිමය සාධාරණත්වය සහ විනිවිදභාවය පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා නිකුත් කළ විශේෂ වාර්තාවකින් දැඩි අවධානය යොමු කර තිබේ.

22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තමන් ගොනුකළ පෙත්සමක් විභාගයට නොගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (07) පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

​සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..

​ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය තවදුරටත් සන්නද්ධ සංවිධානයක් ලෙස නොපැවැතුණද, විදේශයන්හි ඇති එහි ජාලයන් අරමුදල් රැස්කිරීම, දේශපාලන ප්‍රචාරණ, සැමරුම් උත්සව සහ දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් කොටස් අතර ශ්‍රී ලංකා ගැටුම සම්බන්ධ ප්‍රකාශනයන් භාවිත කිරීම දෙසට වැඩි වැඩියෙන් යොමු වී ඇති බව ලෝරෙන්ටියන් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ අන්තර් විෂය පර්යේෂණ සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ හිටපු පර්යේෂණ නිලධාරී ආචාර්ය නෙවිල් හේවගේ මහතා පවසයි.

ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලනයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ජන රැළි, රටේ දැවෙන ප්‍රශ්නවලින් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා පැවැත්වෙන හිස් “චූන් පාන් සන්දර්ශන” පමණක් බවත්, පසුගිය වසර දෙක ඇතුළත ආණ්ඩුව සිදුකර ඇත්තේ මැතිවරණ පොරොන්දු සියල්ල බල්ලට දමා ඩඩ්ලි, ධම්මික, ඉෂාර වැනි මහා පරිමාණ ව්‍යාපාරික පැලැන්තිය පිනවීම පමණක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”

හිතුන හිතුන වෙලාවට රෝහල්වලට යන සංස්කෘතිය වෙනස් කරන බවත්, පවුලට වෛද්‍යවරයකු ලබාදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.