හෝමූස්හී දී සිය නෞකාවලට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාවේ දැඩි කනස්සල්ල..
ලෝක තෙල් වෙළඳාමේ තීරණාත්මක මුහුදු මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධියේදී ඉන්දියානු ධජය සහිත වෙළඳ නෞකා දෙකකට ඉරාන ප්‍රහාරක යාත්‍රා මගින් වෙඩි ප්‍රහාර එල්ල කර තිබේ.
ඕමානයට ඊසාන දෙසින් වූ මුහුදු තීරයේදී අද දින මෙම අනපේක්ෂිත සිදුවීම වාර්තා වූ අතර, ඉන් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුවී නොමැති බවත් නෞකාවලට හානි සිදුවී නොමැති බවත් ආරංචි මාර්ග තහවුරු කරයි.
මෙම නෞකා ද්විත්වයෙන් එකක් දැවැන්ත ප්‍රමාණයේ බොරතෙල් ප්‍රවාහන නෞකාවක් (VLCC) වන අතර, ප්‍රහාරයත් සමඟ සිය ගමන් මග වෙනස් කර ආපසු හැරී ඒමට එම නෞකාවලට සිදුවිය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යාංශය වහාම ක්‍රියාත්මක වෙමින් ඉන්දියාවේ ඉරාන තානාපතිවරයා කැඳවා සිය දැඩි කනස්සල්ල පළ කර තිබේ.
ඉන්දියාව සැමවිටම වෙළඳ නෞකාවල සහ නාවිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බව අවධාරණය කළ ඉන්දියානු විදේශ ලේකම්වරයා, මීට පෙර අවස්ථාවලදී ඉන්දියාව බලා යාත්‍රා කළ නෞකාවලට ඉරානය ලබාදුන් සහයෝගය ද මෙහිදී සිහිපත් කළේය.
මෙවැනි වෙඩි තැබීම් වෙළඳ නාවික ක්ෂේත්‍රයේ ආරක්ෂාවට තර්ජනයක් බව පෙන්වා දුන් විදේශ ලේකම්වරයා, ඉන්දියාවේ විරෝධය ඉරාන බලධාරීන් වෙත දන්වන ලෙසත් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දියාව බලා එන නෞකාවල ආරක්ෂාව යළි තහවුරු කරන ලෙසත් ඉල්ලීමක් කළේය.
කලාපය තුළ පවතින යුදමය වාතාවරණය හමුවේ ඉරාන මෙහෙයුම් පද්ධති අතර ඇතිවූ කිසියම් ව්‍යාකූල තත්ත්වයක් මත මෙම ප්‍රහාරය එල්ල වන්නට ඇති බව විශ්ලේෂකයෝ පවසති.
පවතින යුද ආතතිය හමුවේ මෙවැනි සන්නිවේදන දුර්වලතා හේතුවෙන් අත්වැරදීම් සිදුවීම මීට පෙර අමෙරිකානු මෙහෙයුම්වලදී ද වාර්තා වී තිබුණි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය සිය රජයට දැනුම් දීමට ඉරාන තානාපතිවරයා මෙහිදී එකඟතාව පළ කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..