ලාල් කාන්තගෙන් හිරුට එන්තරවාසියක්.. බිලියන 10ක වන්දි ඉල්ලයි..
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කැබිනට් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා විසින් හිරු ටීවී (Hiru TV) නාලිකාවට සහ ඒසියා බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් ආයතනයට එරෙහිව රුපියල් බිලියන 10ක වන්දි ඉල්ලා එන්තරවාසියක් යොමු කර තිබේ.
තම සේවාදායකයා විසින් ඉදිරිපත් කරන ලද වත්කම් හා බැරකම් ප්‍රකාශය වැරදි ලෙස අර්ථකථනය කරමින් හිරු නාලිකාව මගින් අසත්‍ය සහ ද්වේශසහගත පුවතක් ප්‍රචාරය කළ බව අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ බුද්ධික විජේසූරිය මහතා මෙම එන්තරවාසිය මගින් පෙන්වා දෙයි.
එන්තරවාසියට අනුව, 2026 අප්‍රේල් 16 වන දින හිරු පුවත් විකාශය මගින් අමාත්‍ය ලාල්කාන්ත මහතා සතුව රුපියල් කෝටි 46කට අධික වත්කම් ඇති බවට පුවතක් පළ කර ඇත. එහිදී අමාත්‍යවරයාගේ දියණිය සතු, රුපියල් 143,000කට ආසන්න වටිනාකමකින් යුතු කොටස්, රුපියල් තිස් අටකෝටි තිස් නව ලක්ෂයකට (රු. 383,906,705.40) අධික සුරකුම්පත් ලෙස හිතාමතාම සාවද්‍ය ලෙස ප්‍රචාරය කර ඇති බවට චෝදනා එල්ල වේ.
මෙම ප්‍රවෘත්තිය පළ කිරීමට ප්‍රථම අමාත්‍යවරයාගෙන් කිසිදු විමසීමක් හෝ පැහැදිලි කිරීමක් ලබා ගැනීමට මාධ්‍ය ආයතනය උත්සාහ කර නොමැති බව එහි සඳහන් වේ. "ඇමති ලාල්ට කෝටි 46ක එහා වත්කම්" වැනි සිරස්තල සහ අමාත්‍යවරයාගේ රුව යොදාගනිමින් ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ද මෙම අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම මගින් ඔහුගේ දේශපාලන හා වෘත්තීය කීර්ති නාමයට දැඩි කැළලක් සිදු වී ඇති බව නීතිඥවරයා අවධාරණය කරයි.
රජය විසින් ලබා දී ඇති පොදු දේපළක් වන සංඛ්‍යාත, පටු පෞද්ගලික දේශපාලන අරමුණු වෙනුවෙන් අදාළ නාලිකාව අවභාවිත කරන බව පෙනී යන බැවින්, ඔවුන්ගේ විකාශන බලපත්‍රය අවලංගු කිරීමට අදාළ බලධාරීන් වෙත කරුණු දැක්වීමට ද අපේක්ෂා කරන බව එන්තරවාසිය මගින් දන්වා ඇත.
අදාළ වන්දි මුදල දින හතක් ඇතුළත ගෙවීමට පියවර නොගතහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙනුවෙන් නීතිඥ බුද්ධික විජේසූරිය මහතා වැඩිදුරටත් දන්වා සිටියි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..