යුරේනියම් තොගය භාර දීමට ඉරානය එකඟයි..- ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
යුද්ධය අවසන් කිරීම සඳහා පවතින සාකච්ඡාවල ප්‍රධාන බාධාවක්ව පැවති, ඉරානය සතු යුරේනියම් තොගය භාර දීමට ඔවුන් එකඟ වී ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
වොෂින්ටනය සහ ටෙහෙරානය ගිවිසුමකට එළඹීමට "ඉතා ආසන්න" මට්ටමක පසුවන අතර, මේ සති අන්තයේ ඉක්මනින් යළිත් සාකච්ඡා ආරම්භ විය හැකි බවටයි ඔහු සඳහන් කර ඇත්තේ.
එක්සත් ජනපද ආර්ථිකය පිළිබඳ අවධානය යොමු කරමින් ලාස් වේගාස් හි පැවති උත්සවයකදී අදහස් දක්වමින්, යුද්ධය ආරම්භ වූ දා සිට ඒ පිළිබඳව වූ වඩාත්ම සුභවාදී තක්සේරුවක් ඔහු විසින් ලබා දී තිබේ.
ඔහු පැවසුවේ කටයුතු "ඉතා සාර්ථකව" සිදුවන බවත්, එය ඉක්මනින් අවසන් වනු ඇති බවත් ය.
මීට පෙර ධවල මන්දිරයේදී ඔහු කියා සිටියේ, න්‍යෂ්ටික අවි ලබා නොගැනීමට ඉරානය එකඟ වී ඇති බවත්, ඔහු විසින් "න්‍යෂ්ටික දූවිලි" ලෙස හැඳින්වූ යුරේනියම් තොගය භාර දීමට නියමිත බවත් ය.
කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඉරානය මෙතෙක් කිසිදු අදහසක් දක්වා නොමැත.
නැවත වරක් සෘජු සාකච්ඡා වටයක් පැවැත්වීමට හැකි වනු ඇති බවට විශ්වාසය පළ කළ ට්‍රම්ප්, තවත් දින පහකින් අවසන් වීමට නියමිත ඉරානය සමග පවතින සටන් විරාමය තවදුරටත් දීර්ඝ කිරීමේ අවශ්‍යතාවක් තිබේද යන්න පිළිබඳව තමාට සැකයක් පවතින බවද ප්‍රකාශ කර තිබේ.
_බිබීසී_
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..