ඇමරිකා - ඉරාන සාම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන්..
ඇමරිකා - ඉරාන තීරණාත්මක සාම සාකච්ඡා කිසිදු නිල එකඟතාවයකින් තොරව අවසන් වී ඇති බව ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) ප්‍රකාශ කරයි.
පැය 12කට අධික කාලයක් පුරා පාකිස්තානයේ ඉස්ලාමාබාද් හී පැවැති සාම සාකච්ඡාවෙන් පසු පළමුරවට මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමෙරිකානු උප ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.
එහිදී ඔහු සඳහන් කර ඇත්තේ ඉරානය එක්සත් ජනපදයේ කොන්දේසිවලට එකඟ නොවූ බවත් දෙරට අතර සාකච්ඡාවෙන් පසු එකඟතාවක් ඇති නොවූ බවත්ය.
ඉරානයේ න්‍යෂ්ටික හැකියාවන් නැවැත්වීම මූලික ඉලක්කයක් බවත් සඳහන් කළ උප ජනාධිපතිවරයා පවසා ඇත්තේ අදාළ සාම සාකච්ඡාවලින් එකඟතාවයක් ඇති කර ගැනීමට නොහැකි වීමෙන් පසු එක්සත් ජනපදය පාකිස්තානයෙන් ඉවත් වීමට සැලසුම් කර ඇති බවය.
කෙසේ වෙතත් සාම සාකච්ඡා සඳහා මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කළ පාකිස්තානයට සිය ස්තූතිය පළ කරන බවද ඔහු මෙහිදී සඳහන් කර තිබේ.
මැදපෙරදිග පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය සහ එක්සත් ජනපදය අතර සාම සාකච්ඡා ඊයේ (11) ආරම්භ වූයේ පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පිහිටි සෙරීනා හෝටලයේදීය.
මෙම සාකච්ඡා සඳහා පාකිස්තානය මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරන අතර එම සාකච්ඡා ඊයේ පස්වරුවේ ආරම්භ විය.
ඉරාන මාධ්‍ය වාර්තාවලට අනුව අදාළ සාම සාකච්ඡා සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය න්‍යෂ්ටික ගැටළුව, යුද වන්දි, සම්බාධක ඉවත් කිරීම සහ ඉරානයට සහ කලාපය තුළ පවතින යුදමය තත්ත්වය සම්පූර්ණයෙන් අවසන් කිරීම ඇතුළු ප්‍රධාන කරුණු රැසක් මෙහිදී ඉරානය විසින් සාකච්ඡාවට ගෙන තිබේ.
කෙසේ වෙතත් දෙපාර්ශ්වය අතර පැවැත්වෙන මෙම සාකච්ඡා හී පොදු රාමුවකට ළඟා වන තුරු හෝමූස් සමුද්‍ර සන්ධියේ තත්ත්වය වෙනස් නොවනු ඇති බවත් ඉරානය පවසා ඇතැයිද සඳහන් වේ.
මේ අතර ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බකායි ද අමෙරිකාව අතර පැවැති සාම සාකච්ඡාවල තත්ත්වය සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
එමගින් ඔහු සඳහන් කර ඇත්තේ සාකච්ඡාවල සාර්ථකත්වය යහපත් විශ්වාසය මත රඳා පවතිනු ඇති බවය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්