ඇමරිකා - ඉරාන සාම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන්..
ඇමරිකා - ඉරාන තීරණාත්මක සාම සාකච්ඡා කිසිදු නිල එකඟතාවයකින් තොරව අවසන් වී ඇති බව ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) ප්‍රකාශ කරයි.
පැය 12කට අධික කාලයක් පුරා පාකිස්තානයේ ඉස්ලාමාබාද් හී පැවැති සාම සාකච්ඡාවෙන් පසු පළමුරවට මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමෙරිකානු උප ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.
එහිදී ඔහු සඳහන් කර ඇත්තේ ඉරානය එක්සත් ජනපදයේ කොන්දේසිවලට එකඟ නොවූ බවත් දෙරට අතර සාකච්ඡාවෙන් පසු එකඟතාවක් ඇති නොවූ බවත්ය.
ඉරානයේ න්‍යෂ්ටික හැකියාවන් නැවැත්වීම මූලික ඉලක්කයක් බවත් සඳහන් කළ උප ජනාධිපතිවරයා පවසා ඇත්තේ අදාළ සාම සාකච්ඡාවලින් එකඟතාවයක් ඇති කර ගැනීමට නොහැකි වීමෙන් පසු එක්සත් ජනපදය පාකිස්තානයෙන් ඉවත් වීමට සැලසුම් කර ඇති බවය.
කෙසේ වෙතත් සාම සාකච්ඡා සඳහා මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කළ පාකිස්තානයට සිය ස්තූතිය පළ කරන බවද ඔහු මෙහිදී සඳහන් කර තිබේ.
මැදපෙරදිග පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය සහ එක්සත් ජනපදය අතර සාම සාකච්ඡා ඊයේ (11) ආරම්භ වූයේ පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පිහිටි සෙරීනා හෝටලයේදීය.
මෙම සාකච්ඡා සඳහා පාකිස්තානය මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරන අතර එම සාකච්ඡා ඊයේ පස්වරුවේ ආරම්භ විය.
ඉරාන මාධ්‍ය වාර්තාවලට අනුව අදාළ සාම සාකච්ඡා සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය න්‍යෂ්ටික ගැටළුව, යුද වන්දි, සම්බාධක ඉවත් කිරීම සහ ඉරානයට සහ කලාපය තුළ පවතින යුදමය තත්ත්වය සම්පූර්ණයෙන් අවසන් කිරීම ඇතුළු ප්‍රධාන කරුණු රැසක් මෙහිදී ඉරානය විසින් සාකච්ඡාවට ගෙන තිබේ.
කෙසේ වෙතත් දෙපාර්ශ්වය අතර පැවැත්වෙන මෙම සාකච්ඡා හී පොදු රාමුවකට ළඟා වන තුරු හෝමූස් සමුද්‍ර සන්ධියේ තත්ත්වය වෙනස් නොවනු ඇති බවත් ඉරානය පවසා ඇතැයිද සඳහන් වේ.
මේ අතර ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බකායි ද අමෙරිකාව අතර පැවැති සාම සාකච්ඡාවල තත්ත්වය සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
එමගින් ඔහු සඳහන් කර ඇත්තේ සාකච්ඡාවල සාර්ථකත්වය යහපත් විශ්වාසය මත රඳා පවතිනු ඇති බවය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..