බලය අනිසි ලෙස භාවිත කරන්න අවසර දෙන්න බැහැ.. - චීනය ආරක්ෂක මණ්ඩලයේ දී අවධාරණය කරයි..
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ක්‍රියාමාර්ග, ගැටුම් අවම කිරීම සහ සමනය කිරීම කෙරෙහි යොමු විය යුතු අතර අනවසර හමුදා ක්‍රියාමාර්ග කිසිවිටක නීත්‍යනුකූල නොකළ යුතු බව චීනය යළි අවධාරණය කර ඇත.
හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳ කෙටුම්පත් යෝජනාවක් සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණඩලයේ ඊයේ (07) පැවති ඡන්ද විමසීමෙන් අනතුරුව අදහස් දක්වමින් චීනයේ නිත්‍ය නියෝජිත Fu Cong මේ බව පවසා තිබේ.
ආරක්ෂක මණ්ඩලයට බලය අනිසි ලෙස භාවිත කිරීමට අවසර ලබා දිය නොහැකි අතර, ගැටුම් උත්සන්න වීමට තුඩු දෙන පරිදි ආතතීන් තවදුරටත් උත්සන්න කිරීමට ද ඉඩ දිය නොහැකි බව ඔහු එහිදී වැඩිදුරටත් පවසා ඇත.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත එදින ඉදිරිපත් කෙරුණු හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳ කෙටුම්පත් යෝජනාවට පක්ෂව ඡන්ද 11 ක් ලැබුණු අතර, පාකිස්ථානය සහ කොලොම්බියාව ඡන්දය දීමෙන් වැළකී සිට තිබේ.
එමෙන්ම ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයන් ලෙස චීනය සහ රුසියාව ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් කෙටුම්පත් යෝජනාව සම්මත නොවිණ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්