'පාස්කු මහ මොළකරු' පොත යැයි දැක්වෙන ව්‍යාජ පොතක් වට්ස්ඇප් මාර්ගයෙන් බෙදා හැරලා.. ශානි අබේසේකරටත් චෝදනා - ගම්මන්පිලගෙන් හෙළිදරව්වක්
පිිවිතුරු හෙළ උරුමය පක්‍ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.
“පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු සොයා යෑම” නමින් පොතක් පසුගිය මාර්තු 31 දා මම නිකුත් කළා. පොත් නිකුතුව අතරේ දී ශාලාවේ සිටි සාතිශය බහුතරයකට මගේ පොත යැයි දැක්වෙන ව්‍යාජ පොතක් පීඩීඑෆ් පොතක් ලෙස වට්ස්ඇප් මාර්ගයෙන් ලැබී තිබුණා. එම පොත සැබෑ පොතෙන් 70%ක් පමණ සම්පූර්ණ කර තිබුණු අවස්ථාවේ කෙටුම්පතක් භාවිතා කර සකස් කරන ලද ව්‍යාජ පොතක්.
මගේ පොතේ කෙටුම්පත් අවස්ථා තුනක දී තුන්වන පාර්ශවයන්ට දුන්නා. පළමු එක දුන්නේ පෙබරවාරි 22 දා හිටපු බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේ මහතාට. බුද්ධි මෙහෙයුම් ගැන මේ පොතේ තිබෙන නිසා ඔහුගේ අදහස් ලබා ගන්න මට ඕනෑ වුණා. දෙවැනි එක දුන්නේ මාර්තු 10 දා මහචාර්ය රොහාන් ගුණරත්නට. ඒ පොතට පෙරවදනක් ලියා ගන්න. තුන් වන පිටපත මාර්තු 21 දා පොත මුද්‍රණය කළ සරසවි ප්‍රකාශකයින්ට.
මේ පිටපත් තුනෙන් ව්‍යාජ පොත සකස් කිරීමට පදනම් කරගෙන තිබෙන්නේ සුරේෂ් සලේ මහතාට ලබා දුන්නු පොත. මේ එකිනෙකාට පොත දෙන්නේ අවස්ථා තුනක දී. ඒ නිසාම කෙටුම්පත් තුනක්. සුරේෂ් සලේ මහතාව අත්අඩංගුවට ගත්තාට පස්සේ ඔහුගේ නිවස රහස් පොලිසිය පරික්ෂා කළත් නිවසෙන් කිසිම දෙයක් ගෙන ගිහින් තිබුණේ නෑ. මම සුරේෂ් සලේ මහතාගෙන් වක්‍ර ආකාරයකින් පොතේ කෙටුම්පත ගැන විමසුවා. ඔහු මට කිව්වේ තමන්ව අත්අඩංගුවට පත් වන අවස්ථාවේ තමන්ගේ ගමන් මල්ලේ තිබුණා. දැන් ඒක රහස් පොලිසිය භාරයේ කියලා.
රහස් පොලිසිය භාරයේ තිබුණු බුද්ධිමය දේපලක් සොරකම් කරලා නම් ඒකේ වගකීම ගන්න ඕනෑ රහස් පොලිසියේ ලොක්කා ලෙස ශානි අබේසේකර මහතා. බුද්ධිමය දේපල සොරකම් කරලා විතරක් නොවේ ඒක භාවිතා කරලා ව්‍යාජ පොතක් හදලා. ඔය බෙදා හරින්නේ මගේ පොත නොවේ. ඒකේ මුල් අවස්ථාවක කෙටුම්පතක් භාවිතා කරලා සකස් කරපු ව්‍යාජ පොතක්. ඒක කූට ලේඛණයක්. කූට ලේඛණ සෑදීම කියන්නේ වසර තුනකට සිර දඬුවම් ලැබිය හැකි වරදක්. තමන්ගේ භාරයට ලැබුණු දෙයක් අවභාවිතා කිරීමත් ඒ වගේම සිර දඬුවම් ලැබිය හැකි වරදක්. ඊට අමතරව මට වන්දි ඉල්ලා සිවිල් නඩුවක් පැවරීමේ හැකියාවත් තිබෙනවා.
ඒ වගේම ව්‍යාජ පොතක් සමාජ මාධ්‍ය වල බෙදා හැරීමත් මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්. කවුරු හරි මගේ පොත ලෙස දැක්වෙන ව්‍යාජ පොත සමාජ මාධ්‍ය තුල බෙදා හරිනවා නම් ඒක දඬුවම් ලැබිය හැකි වදරක්. මම මේ ගැන අද රහස් පොලිසියට පැමිණිලි කරන්නේ නෑ. පැමිණිලි කරලා වැඩක් නෑ. මොකද විමර්ශකයා ද සැකකරුවා ද දෙන්නාම ශානි අබේසේකර මහතා. මේක හරියට බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ වගේ වැඩක්. හැබැයි හැමදාම මාලිමාව බලයේ ඉන්නේ නෑ කියන එක වැරදි කරන අය තේරුම් ගන්න ඕනි. ඉදිරි වසර 20 තුළම මට මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරලා නඩු පැවරීමට නීතියෙන් ඉඩ තියෙනවා. හෙටම ගිහින් පැමිණිලි කරන්න ඔන කියලා දෙයක් නෑ අපරාධමය වරදක් පිළිබදව වසර 20ක කාලයක් තුළ අපිට පැමිණිලි කරන්න පුළුවන්. හැබැයි එච්චර කල් නම් ඉන්න වෙන්නේ නෑ මේ යන විදියට නුදුරු අනාගතයේම මට පැමිණිල්ල කරන්න මට අවස්ථාව ලැබෙනවා.
වට්ස්ඇප් හරහා බෙදා හැරිය අය කවුදැයි පහසුවෙන්ම සොයා ගන්න පුළුවන්. මට ව්‍යාජ පොත එවූ අයට පුළුවන් තමන්ට එව්වේ කවුද කියා විමර්ශකයින්ට කියන්න. ඒ අයට පුළුවන් තමන්ට එව්වේ කවුදැයි කියන්න. තමන්ට ලැබුණු විධිය පැහැදිලි කරන්න කාට හරි බැරි නම් ඒ තමයි වට්ස්ඇප් වලට ව්‍යාජ පොත එකතු කරපු පුද්ගලයා. ව්‍යාජ පොතක් සකස් කිරීම, එය සමාජ මාධ්‍ය තුළ බෙදාහැරීම, රහස් පොලිසිය කොහොමත් මේකට වැරදිකරු වෙනවා.
විදේශගතව සිටින නීතිඥයෙකු කියන ඩෝබි බලකායේ සාමාජිකයෙක් පොත් නිකුතුව කරන්නත් කලින් මේ පොතේ ව්‍යාජ පිටපතක් තමන්ගේ සමාජ මාධ්‍යයට එක් කළා. ඒ කියන්නේ ඔහු නීතිඥයෙකු ලෙස පෙනී සිටියත් නීතිය දන්නේ නෑ වගේ. ලෝකයේ මොන මුල්ලක ජීවත් වුණත් මේ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා කියන ප්‍රතිඥාව අපි දෙනවා. ඔහු ඇත්තටම නීතිඥයෙකු නම් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඔහුගේ නීතිඥ භාවයත් අහෝසි කරවන්න පුළුවන්.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..