
වැට් බද්දෙන් ජීවත් වීමේ අයිතියත් උදුරාගත් ආණ්ඩුව විදුලිබල පනතින් හා ජල කළමනාකරණ පනතින් කරන්නට යන දේ - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්
මෙරට ගුවන් සේවය, විදුලි සංදේශ සේවය, රක්ෂණ සංස්ථාව වැනි ලාභ ලබන ආයතන 8ක් සම්පූර්ණයෙන් විකුණා දැමීමට මේ වන විට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සම්මත කර ඇති බවත්, පාර්ලිමේන්තුවේ අයවැය කතාවේ දී අනුමතවී ඇත්තේ මෙම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම වුවද, අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ ඇත්තේ සම්පූර්ණයෙන්ම විකුණා දැමීම ලෙස බවත් දේශහිතෛෂීී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ජාතික සංවිධාන එකමුතුව සංවිධාන කර තිබූ මාධ්‍ය හමුවක දී ඒ මහතා සඳහන් කළේ එහි නරකම තැනකට එළඹෙමින් ආණ්ඩුව විදුලිබල මණ්ඩලය සම්පූර්ණයෙන්ම අහෝසිකර විදුලිය සැපයීම පෞද්ගලීකරණය කිරීමට සූදානම් වන බවත් ය.
විදුලිබල මණ්ඩලයේ කාර්ය භාරය මෙහිදී පෞද්ගලික සමාගම් කිහිපයකට පැවරෙන බවත්, එම ක්‍රියාවලිය කොටස් 6 කට කඩා විදුලි ජනනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ වෙළෙඳාම සඳහා සමාගම් පිහිටුවන බවත් ඒ මහතා පවසයි.
විදුලිබල මණ්ඩලයේ සිටින සේවකයන් සූක්ෂම ලෙස විශ්‍රාම ගන්වා, විශ්‍රාම පාරිතෝෂිකය මහ ජනයාගේ මුදලින් ගෙවා ඔවුන්ගේ විරෝධයක් පැන නොනගින ලෙස මෙම කටයුත්ත සූදානම් කර ඇති බවත් වසන්ත බණ්ඩාර මහතා හෙළිකරයි.
මෙම සමාගම්වලින් නිකුත් කෙරෙන සෑම මෙගාවොට් එකකින්ම තමන්ගේ ගිණුමට ගාණක් යන ලෙස කංචන විජේසේකර විදුලිබල ඇමැතිවරයා මෙම පනත සාදා ඇති බවද ඒ මහතා මෙහිදී හෙළි කළේය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
