Escalation Trap හෙවත් උත්සන්න කිරීමේ උගුලට හසු වීම: අමෙරිකාව ආරම්භයේදී ලැබූ ජයග්‍රහණ ඉරානය සමඟ දිගු යුද්ධයකට මඟ පෑදිය හැක්කේ ඇයි?
එක්සත් ජනපදය සහ ඉරානය අතර ආතතීන් අඛණ්ඩව ඉහළ යත්ම, සීමිත මිලිටරි ක්‍රියාමාර්ග පුළුල් ගැටුමක් දක්වා සර්පිලාකාර ලෙස ඉහළ යා හැකි භයානක චක්‍රයක් වන "Escalation Trap" හෙවත් උත්සන්න කිරීමේ උගුලට හසුවීමේ අවදානම පිළිබඳව කනස්සල්ල වැඩි වෙමින් පවතී. Amanpour & Company යූ ටියුබ් නාලිකාව සමඟ මෑතකදී කළ සම්මුඛ සාකච්ඡාවකදී, යුද විශේෂඥ මහාචාර්ය රොබට් පේප් අනතුරු ඇඟවූයේ මුල් යුධ පිටියේ සාර්ථකත්වයන් ව්‍යාජ පාලනය පිළිබඳ හැඟීමක් ඇති කළ හැකි බවත්, එය දිගුකාලීන හා විනාශකාරී යුද්ධයකට මඟ පෑදිය හැකි බවත්ය. පහත පලවන්නේ ඒ මහතාගේ සම්මුඛ සාකච්ඡාව ඇසුරෙන් සැකසුනු ලිපියකි. සැකසුම ජීවන්ත ජයතිස්ස.
එක්සත් ජනපදය ඉරානයට එරෙහිව කරන ප්‍රහාර නවතා දැමීමට සාකච්ඡාවලට කොන්දේසි ඉදිරිපත් කරමින් ඉරානය අතර ඇතිවී තිබෙන යුද ආතතීන් සමනය කිරීමට ගන්නා උත්සහාය තුළ, හමුදා විශ්ලේෂකයින්ගෙන් තියුණු අනතුරු ඇඟවීමක් මතුවෙමින් තිබේ. එනම් ඉරාන යුධ පිටියේ මුල්ම අමෙරිකානු සාර්ථකත්වයක් ලෙස පෙනෙන අධ්‍යාත්මික නායක අයෙතුල්ලා කොමේනි ඇතුලු ඉහල ඉරාන නායකයින් විශාල ගණනක් නිවැරදි ඉලක්කය ලබාගත් මිසයිල ප්‍රහාරයකින් ඝාතනයට ලක් කිරීම වඩාත් භයානක හා දිගුකාලීන ගැටුමකට අඩිතාලම දැමීමක් විය හැකි බවට ඔවුහු අණතුරු අඟවති.
Amanpour & Company යූ ටියුබ් නාලිකාව සමඟ පසුගියදා සම්මුඛ සාකච්ඡාවකට එක්වූ කීර්තිමත් දේශපාලන විද්‍යාඥ රොබට් පේප්, "Escalation Trap" හෙවත් උග්‍ර කිරීමේ උගුලක්" ලෙස පවසන ප්‍රපංචය පිළිබඳව විග්‍රහ කරමින් ආරම්භක මිලිටරි ජයග්‍රහණ ඉරානය පාලනය කිරීම පිළිබඳ ව්‍යාජ හැඟීමක් නිර්මාණය කරන රටාවක් ඇති කරන බවත් ගැටුමට මැදිවී සිටින රටවල් විසඳුමකට සමීප කරනවාට වඩා ගැඹුරු යුද්ධයකට ඇද දමන බව පවසයි.
පේප්ට අනුව, මෙම උගුලේ පළමු අදියර බොහෝ විට නිරවද්‍ය ප්‍රහාර සහ උපායශීලී සාර්ථකත්වය මගින් සලකුණු කර ඇත. මෙම ක්‍රියාවන් සතුරාට වහාම හානි කරන අතර ප්‍රහාර එල්ල කරන පුද්ගලයා හෝ කණ්ඩායම දෙස බලා සිටින සැමට එම පිරිස් බලවතුන් ලෙස පෙනේ. නමුත් ප්‍රහාරකයා කලාතුරකින් පළිගැනීම වැළැක්වීම හෝ අර්ථවත් සහන බල කිරීම වැනි පුළුල් දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීමට සමත් වේ .
පේප්ගේ තර්කයට අනුව "අන්තරාය", "ප්‍රහාරයට අණ දුන් නායකයින් තත්වය පාලනය කරන බව විශ්වාස කිරීමට පටන් ගැනීමයි."
එලෙසම ඔහුට අනුව එම විශ්වාසය, ගැටුමේ දෙවන අදියරට කෙලින්ම යොමු කරයි. එනම් ප්‍රහාර දෙගුණ කිරීමට ප්‍රහාරකයා යොමුවේ. ආරම්භක ප්‍රහාර කල් පවතින ප්‍රතිඵල ලබා දීමට අපොහොසත් වූ විට, ප්‍රතිපත්ති සම්පාදකයෝ බොහෝ විට මිලිටරි පීඩනය වැඩි කිරීමෙන් ප්‍රතිචාර දක්වයි. පසුබැසීමට වඩා, ප්‍රතිවිරුද්ධ පාර්ශවය අනුවර්තනය වී ප්‍රතිප්‍රහාර එල්ල කරයි. මේ නිසාම සමහර විට අසමමිතිකව - ගැටුමේ විෂය පථය පුළුල් කරයි.
ඉරානය සම්බන්ධ සිද්ධියේදී , කලාපීය ආර්ථික සහ යුද මර්මස්ථාන ඉලක්ක කර ගැනීම සහ ගෝලීය බලශක්ති මාර්ගවලට බලපෑම් කිරීම ඇතුළුව සාම්ප්‍රදායික යුධ පිටිවලින් ඔබ්බට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ඇති බව පේප් පවසයි. මෙය සෑම නව පියවරක්ම ප්‍රාථමික ක්‍රියාකාරීන් සඳහා පමණක් නොව කලාපය පුරා පුළුල් පරිසරයක ගැටුම් පැතිරයාමේ තත්වයක් නිර්මාණය කරයි.
ඊළඟට එළඹෙන්නේ වඩාත්ම භයානක අවධියටයි. එනම් පාලනයකින් තොරව ගැටුම් ඉහළ යාමේ අවධියයයි. මෙම අදියරේදී, අවදානම් දෙගුණ තෙගුණ කරන අතරතුර විකල්ප වලට යොමු වීමට ඇති අවස්ථාව පටු වේ. මෙම අවධියේදී නායකයින් වඩාත් ආක්‍රමණශීලී උපාය මාර්ග සලකා බැළීමට යොමු විය හැක.ඒ අනුව ඔවුන්ට අවශ්‍ය නිසා නොව ඔවුන්ට ශක්‍ය විකල්පයක් නොමැති බව ඔවුන්ට හැඟෙන නිසා පුළුල් මිලිටරි මැදිහත්වීමකට ඔවුහු යොමු වෙති.
ප්‍රතිඵලය වන්නේ ගැටුමක් පාලනය කිරීමට වඩ වඩාත් අපහසු වීමයි. පේප්ගේ අනතුරු ඇඟවීම ඉතාමත් තියුණු ය. මෙම විෂම චක්‍රය දිගටම පැවතුනහොත්, මිනිස් ජීවිත වලින් ගෙවන ගෙවීම තියුණු ලෙස ඉහළ යනු ඇත. උපායමාර්ගික වැරදි ගණනය කිරීම්වල සැබෑ ලෝක පරිමාන ප්‍රතිවිපාක සම්බන්ධයෙන් අවධාරණය කරන ඔහු "බොහෝ දෙනෙක් මිය යනු ඇත," යනුවෙන් අනතුරු අඟවයි.
ඔහුගේ විශ්ලේෂණය අතීත ගැටුම් වලින් උගත් පාඩම් ප්‍රතිරාවය කරයි. එහිදී මුල් යුධ පිටියේ ජයග්‍රහණ ගැඹුරු උපායමාර්ගික අසාර්ථකත්වයන් ආවරණය කළේය. නව තත්වය තුළ කනස්සල්ලට කරුණ නම්, දැනටමත් අස්ථාවරත්වයෙන් පිරී ඇති කලාපයක අතීතයේ සිදු වූ තත්වයන්ට සමාන රටා නැවතත් දිග හැරෙනු ඇති බව ඔහු පෙන්වා දෙයි.
Escalation Trap හෙවත් උත්සන්න කිරීමේ උගුල පිළිබඳ සංකල්පය අලුත් දෙයක් නොවේ, නමුත් අද භූ දේශපාලනික වාතාවරණය තුළ එහි අදාළත්වය වර්ධනය වෙමින් පවතී. මිලිටරි තාක්ෂණයන් වඩාත් ඉහළ තත්වයකට පැමිණ තිබෙන අතර ගැටුම් වඩාත් සංකීර්ණ වන තත්වයක් තුළ, ඉක්මන්, තීරණාත්මක ප්‍රහාර මත විශ්වාසය තැබීමේ පෙළඹවීම වඩාත් ශක්තිමත්ව පවතී. එහෙත්, පේප්ගේ විග්‍රහය තුළ යෝජනා කරන පරිදි, නිරවද්‍යතාවය තත්වය පාලනය කිරීම සහතික නොකරයි.
එවැනි උගුලක් වළක්වා ගැනීම සඳහා මිලිටරි හැකියාවට වඩා වැඩි යමක් අවශ්‍ය වේ. එනම් ආතතිය තීව්‍ර වන අවස්ථාවන්හිදී පවත්වා ගැනීමට බොහෝ විට දුෂ්කර අංග වන සංයමය, පැහැදිලි දේශපාලන අරමුණු සහ තිරසාර රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් අවශ්‍ය වේ.
මහාචාර්ය පේප්ට අනුව දැනට, අනතුරු ඇඟවීමක් පමණක් කළ හැකිය. එනම් උපාය මාර්ගයේ වෙනසක් නොමැතිව, දෙපාර්ශ්වයම මුලින් අදහස් නොකළ නමුත් දෙදෙපාර්ශවයටම පහසුවෙන් ගැලවිය නොහැකි සීමිත ගැටුමක් ලෙස ආරම්භ වන එදිරිවාදිකම් පුළුල් හා බෙහෙවින් විනාශකාරී ගැටුමක් බවට පරිණාමය විය හැකිය.
(රොබට් පේප් මහතා යනු දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු සහ ගෝලීය ආරක්ෂාව පිළිබඳ ප්‍රමානික විශේෂඥයෙකි. )
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..