අමෙරිකානු සටන් විරාම යෝජනාවට ඉරානයෙන් ප්‍රතිචාර

ඊයේ(26) රාත්‍රියේ එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද කරුණු 15 කින් යුත් යෝජනාවකට ඉරානය විධිමත් ලෙස ප්‍රතිචාර දක්වා ඇති බව ඉරාන රජයට සම්බන්ධ මූලාශ්‍රයක් තස්නිම් පුවත් සේවය වෙත දන්වා ඇතැයි පැවසේ.
එක්සත් ජනපදයෙන් ඉදිරිපත් කරන ලද යෝජිත කරුණු 15 සඳහා ඉරානයේ ප්‍රතිචාරය ඊයේ(26) රාත්‍රියේ අතරමැදියන් හරහා නිල වශයෙන් යවා ඇති බවත්, ටෙහෙරානය ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටින බවත් තස්නිම් වෙත දැනුම් දුන් ඉරාන රජයට සම්බන්ධ මූලාශ්‍රය පැවසීය.
මූලාශ්‍රයට අනුව, සතුරාගේ ආක්‍රමණශීලී ඝාතන ක්‍රියාවන් අවසන් කළ යුතු බවත්, යුද්ධය නැවත ඇති නොවන බව සහතික කිරීම සඳහා සංයුක්ත කොන්දේසි ස්ථාපිත කළ යුතු බවත්, වන්දි සහ හානිපූර්ණයන් සහතික කළ යුතු බවත් මෙන්ම ඒවා පැහැදිලිව තීරණය කළ යුතු බවත්, යුද්ධයේ අවසානය කලාපය පුරා මෙම සටනට සහභාගී වූ සියලුම පෙරමුණු සහ සියලුම ප්‍රතිරෝධක කණ්ඩායම් සඳහා ක්‍රියාත්මක කළ යුතු බවත් ඉරානය සිය ප්‍රතිචාරයේදී පැහැදිලි කර ඇත.
හෝමස් සමුද්‍ර සන්ධිය පිළිබඳ ඉරානයේ ස්වෛරීභාවය ඉරානයේ ස්වාභාවික සහ නීත්‍යානුකූල අයිතියක් වන අතර එය දිගටම පවතිනු ඇති බවත්, එය අනෙක් පාර්ශවයේ කැපවීම් ක්‍රියාත්මක කිරීම සඳහා සහතිකයක් වන අතර එය පිළිගත යුතු බවත් මූලාශ්‍රය වැඩිදුරටත් පැවසීය. පෙබරවාරි මාසයේදි දියත් කළ ඇමරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල ආක්‍රමණශීලී යුද්ධයට දින කිහිපයකට පෙර ජිනීවාහි පැවති දෙවන වටයේ න්‍යෂ්ටික සාකච්ඡා අතරතුර කරන ලද ඉල්ලීම් හැරුණු විට, ඉරානයේ කොන්දේසි මේවා බව මූලාශ්‍රය සඳහන් කළේය.
සාකච්ඡා පිළිබඳ එක්සත් ජනපදයේ ප්‍රකාශය හුදෙක් "තුන්වන රැවටීමේ" ව්‍යාපෘතියක් බව ඉරානයට පැහැදිලි බව මූලාශ්‍රය අවධාරණය කළ අතර, ඇමරිකානුවන් සාකච්ඡා සඳහා හිමිකම් පෑමේ මුවාවෙන් ඉලක්ක කිහිපයක් සාර්ථක කර ගැනීමට කැස කවන බව පැවසීය. ඒවා නම් පළමුව; යුද්ධය අවසන් කිරීමට උත්සාහ කරන පැහැදිලිවම සාමකාමී ප්‍රතිරූපයක් ඉදිරිපත් කිරීමෙන් ලෝකය රැවටීම. දෙවනුව; ගෝලීය වශයෙන් තෙල් මිල අඩු මට්ටමක තබා ගැනීම. තෙවනුව; ඉරාන භූමිය ආක්‍රමණය කිරීම හරහා දකුණු ඉරානයේ නව ආක්‍රමණශීලී ක්‍රියාමාර්ගයක් සඳහා සූදානම් වීම සඳහා කාලය ලබා ගැනීම යන කාරනා තුනයි.
2025 ජුනි යුද්ධයට පෙර සාකච්ඡා සහ එක්සත් ජනපදය තම පොරොන්දු ඉටු කරයිද යන්න පිළිබඳව ඉරානයට ඒ වන විටත් යම් පමණකට සැකයක් තිබූ නමුත් දැන් එක්සත් ජනපදය කිසිසේත් සාකච්ඡා කිරීමට කැමතිද යන්න සම්පූර්ණයෙන්ම සැක කරන බවද මූලාශ්‍රය පැවසීය.
දින 12ක යුද්ධයේදී සහ අඛණ්ඩව සිදුවන යුද්ධයේදී, ඇමරිකානුවන් සාකච්ඡා කරමින් යුද්ධය ආරම්භ කළ බවත්, මෙවරත් ඇමරිකානුවන් සාකච්ඡාවල ව්‍යාජ මුවාවෙන් නව අපරාධ සඳහා මග පෑදීමට උත්සාහ කරන බවත් මූලාශ්‍රය පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..