News Category
From Date
To Date
Maximum Number of Result

තෙල්වලින් රු. බිලියන 15 කට වැඩි බදු ආදායමක් ආණ්ඩුවට ලැබෙනවා.. ඩීසල්වලට බදු සහනයක් දෙන්න - දුමින්ද නාගමුව

Mar 26, 2026 at 05:16 PM
|

ඉන්ධනවලින් වාර්ෂිකව රජයට රුපියල් බිලියන 15කට වඩා බදු ආදායමක් හිමිවන බවත් ඒ අනුව මේ අවස්ථාවේදී ඩීසල් සඳහා බදු සහනයක් ලබාදීමට රජය ක්‍රියා නොකළහොත් ඉදිරියේදී රට තුළ දැවැන්ත ආර්ථික අර්බුදයක් ඇතිවීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව අවධාරණය කරයි.

'යුද්ධය උන්ගේ විනාශය අපේ! අධිරාජ්‍යවාදී යුද්ධය එපා!' තේමාව යටතේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරන ලද සංවාද කතිකාව කොළඹදී පැවැති අතර ඊට සහභාගි වෙමිනුයි ඔහු මේ බව පැවසුවේ.

එහිදී අදහස් දැක්වූ දුමින්ද නාගමුව මෙසේද පැවසීය

"ආර්ථික යුද්ධයේ තීරණාත්ම පරිච්ඡේදයක් තමයි අද මැදපෙරදිග කලාපයේ දිගහැරෙමින් තියෙන්නේ. තෙල් සහ ගෑස් වෙළඳාමේ වැඩි කොටස අත්පත් කරගන්න, ලෝකයේ ඛනිජ සම්පත් මංකොල්ල කන්න ඕනෑම පහත් ක්‍රියාවක් කරන්න මේ රටවල් සූදානම්. ඒ දිහා නිහඬව බලාගෙන ඉන්නවා කියන්නෙම එක පැත්තකින් අපිත් මේ යුද්ධයේ කොටස් කරුවන් වෙනවා කියන එක.

අනිත් කාරණය තමයි මේ යුද්ධයත් එක්ක ලෝකයේ ආර්ථික සහ දේශපානලන කැළඹීම් ඇතිවෙන්න පුලුවන්. ඒ දේශපානලන ආර්ථික කැළඹීම් නිවැරදිව හඳුනාගෙන ඊට අදාල ක්‍රියාමාරග නොගත්තොත් අපිට රටක් විදිහට විශාල අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා අපි හිතනවා මේ වෙලාවේ ආණ්ඩුවට යම් යෝජනා ප්‍රමාණයක් ඉදිරිපත් කළ යුතුයි කියලා.

එකක් තමයි අපි මේ වෙනකොටත් විවිධ රටවල් එක්ක යුද ගිවිසුම් අත්සන් කරලා තියනවා. ගෝඨාභය රාජපක්ෂලා අත්සන් කරලා යහපාලන ආණ්ඩුව කාලේ දින නියමයක් නැතුව දීර්ඝ කරපු ඇක්සා ගිවිසුම එයින් එකක්. ඊට පස්සෙ වර්තාමන ආණ්ඩුව පසුගිය අප්‍රේල් 5 වෙනිදා ඉන්දියාව එක්ක ආරක්ෂක ගිවිසුමක් අත්සන් කළා.

ඊට පස්සෙ ජපානය එක්ක තව ආරක්ෂක ගිවිසුමක් අත්සන් කළා. මේ ගිවිසුම් අත්සන් කළේ ජනතාවට හොරෙන්. මේ වගේ තියෙන්නේ මොනවද කියලා තාම රටට හෙළිදරව් කරලා නැහැ. අපි ආණ්ඩුවට කියනවා රට අනතුරේ හෙළන මේ යුධ ගිවිසුම් වහාම අහෝසි කරන්න කියලා.

අන්ති එක තමයි ජත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක අත්සන් කරපු ඉතාම අවාසිසහගත ණය ගිවිසුමෙන් ගැලවෙන්න මේක අවස්ථාවක් කරගන්න පුලුවන්. මොකද මේ ණය ගිවිසුම නිසා අපි රටක් විදිහට ඉදිරියේදී විශාල ආර්ථික අර්බුදයකට ඇද වැටෙන්න නියමිතයි. ඒ නිසා මේ ගිවිසුම සමාලෝචනය කිරීම වහාම කළ යුතුයි.

ඊළඟට ආහාර ද්‍රව්‍ය, අධ්‍යාපන සහ සෞඛ්‍ය උපකරණ ඇතුළු අත්‍යාවශ්‍යය ද්‍රවය මත පනවල තියෙන බදු ඉවත් කරලා සාමාන්‍ය ජනතාවට සහනයක් දෙන්න ඕන. මොකද මේ රටේ ජනතාවගේ ජීවන තත්වය මේ වෙනකොට තියෙන්නේ ඉතාම පහත් අඩියක. දැන් ආණ්ඩුව තෙල් මිල වැඩි කරමින් යනවා. අපි දන්නවා තෙල් සංස්ථාව සතු රුපියල් බිලියන 900ක ණයක් ‍රනිල්ගේ කාලේ මහා භාණ්ඩාගාරයට පවර ගත්තා. ඒ ණය බදු මගින් කපාහරින විදිහට තමයි සකස් කරලා තියෙන්නේ. ඒ අනුව ඉන්ධනවලින් වාර්ෂිකව රුපියල් බිලියන 15කට වැඩි බද්ධක් රජයට ලැබෙනවා. හැබැයි මේ වෙලාවේ අපි හිතනවා ඩීසල් සඳහා බදු සහනයක් ලබා දිය යුතුයි කියලා. මොකද ඩීසල් මිල ඉහළ යාම පොදුවේ අනෙක් සියලු ක්ෂේත්‍රවල මිල ඉහළ යාමට බලපානවා. පොදු ප්‍රවාහණය, භාණ්ඩ ප්‍රවාහනය, කෘෂි යන්ත්‍රෝපකරණ, ධීවර කටයුතු, මේ හැම එකකම මිල ඉහළ යාම පාලනය කරන්න පුලුවන් ඩීසල් සඳහා බදු සහනයක් දුන්නොත්.

එහෙම බදු සහනයක් දීමෙන් රජයට අහිමි වෙන්නේ වාර්ෂිකව රුපියල් බිලියන 7ක් වගේ සුළු ප්‍රමාණයක් විතරයි. ඒ පාඩුව දරාගෙන ඩීසල්වලට සහනයක් නොදුන්නොත් ඉදිරි කාලය ඇතුළේ රට විශාල ආර්ථික අර්බුදයකට ගොදුරු වෙන එක නවත්වන්න පුලුවන් කමක් නෑ.

අපිට ආරංචි විදිහට දැන් ආණ්ඩුව සූදානම් වෙමින් ඉන්නවා බලශක්ති හිඟයත් එක්ක පාසල් වහන්න. අපි කියනවා එහම වුනොත් ඒක දරුවන්ගේ අධ්‍යාපනය පෞරුෂත්වය කඩා වැටෙන්න හේතුවෙන ක්‍රියාවක්. ඒ නිසා ඉදිරියේදී පසල් පවත්වාගෙන යන්න බැරි තත්වයක් උද්ගත වුණොත් ළඟම පාසලට දරුවන්ව ඇතුළත් කරන්න පුලුවන් ක්‍රමවේදයක් දැන්මම සකස් කරන්න කියලා අපි මේ වෙලාවේ ආණ්ඩුවට යෝජනා කරන්න කැමතියි.

ඒ සඳහා සියලු ග්‍රාමීය පසල්වල පහසුකම් වැඩි දියුණු කිරීමට වහාම ප්‍රතිපාදන වෙන් කරන්න ඕන. මේවා තමයි මේ වෙලාවේ ආණ්ඩුවක් විදිහට ගන්න ඔන රැඩිකල් ක්‍රියාමාරග.

අද මෙතන මේ සාකාච්ඡා සභාවට වෘත්තීය සමිති දේශපානලන පක්ෂ සහ සමාජ ක්‍රියාකාරීන් රැසක් එකතුවෙලා ඉන්නවා. ඉදිරියේදී ලෝක මට්ටමින් ඇතිවෙන්න නියමිත මේ දැවැන්ත ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග ගැන තවදුරටත් රට ඇතුළේ සංවාදයක් ඇති කරන්න අපි සියලුදෙනා එකතුවෙලා ඉදිරියටත් කටයුතු කරන්න සූදානම්. ඒ සඳහා එකතුවෙන්න කියලා අපි රටේ සියලු ප්‍රගතිශීලී ජනතාවට ආරාධනා කරනවා."

සම්බන්ධිත පුවත් | Related News

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සාමාන්‍ය නීතිමය ක්‍රියාවලියකට එහා ගිය සංකීර්ණ දේශපාලන තත්ත්වයක් නිර්මාණය කර ඇති බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.
උත්සව අවස්ථාවකදී දේශපාලනඥයෙකු විසින් සාම්ප්‍රදායික නර්තන ඇඳුමකින් සැරසී සිටි කුඩා දැරියකගේ ශරීරයට අත තබා සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් මුල් කරගනිමින්, දරුවන්ගේ ශාරීරික ස්පර්ශයන්හිදී ඔවුන්ගේ පූර්ණ කැමැත්ත සහ අනුමැතිය කෙරෙහි ප්‍රමුඛත්වය ලබා දීමේ වැදගත්කම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂ අමාත්‍ය අමාත්‍ය රාජ්නාත් සිං මහතා ලංකාව සමඟ ගිවිසුම් තුනකට අත්සන් තබා ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම එයාර් බස් මිලදී ගැනීමේ සිද්ධියේ සැකකරුවකු වන මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ ඇපල් ජංගම දුරකථනයේ දත්ත ලබා ගැනීම සඳහා වූ අධිකරණ නියෝගය ඇපල් සමාගම වෙත ඊමේල් මගින් යොමු කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (09) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ දැනුම් දුන්නේය.
සෙවනලගල සීනි කර්මාන්ත ආයතනය ලාභ ලබන මට්ටමට ගෙන යෑමට නොහැකි වී ඇත්තේ පැවති ආණ්ඩු ඒවා සිය පෞද්ගලික බූදලයක් යැයි සිතා කටයුතු කිරීම නිසා බව කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි.
කොළඹ වරායේ බහලුමක තිබූ රුපියල් බිලියනයක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගය වැටලීම සම්බන්ධයෙන් අපරාධ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුගෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය (08) අයිස් පැයක කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
පර්සියානු බොක්කේ පිහිටි අමෙරිකානු නෞකා දෙකකට සහ බොරතෙල් නෞකා අටකට ප්‍රහාර එල්ල කළ බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) පවසයි.
ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඔබ්බෙහි වූ ජාත්‍යන්තර මුහුදේ ඉරාන නෞකා ඇතුළු නැව් 47ක් නවතා තිබෙන බවත්, ඒ පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය නිරන්තර නිරීක්ෂණයක පසුවන බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
ජෝර්දානයේ අල් අස්රාක් ප්‍රදේශයේ පිහිටි අමෙරිකානු කඳවුරකට බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කළ බව ඉරානය පවසයි.

ප්‍රධාන පුවත්

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..

කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සභාවාරය ආරම්භ කිරීමට පෙර පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම යන අංග ත්‍රිත්වය න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගේ අදහස් ඔහුගේ වචනයෙන්,

ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!

දශක ගණනාවක් තිස්සේ කියුබානු වෛද්‍ය වෘත්තිකයන් දස දහස් ගණනක් ලොව පුරා රටවල් හැටක පමණ ස්ථානගත කර තිබේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රම බලකායට වඩා බොහෝ සෙයින් වැඩි ය. එසේම, බොහෝ දුරට ගෝලීය දකුණේ සෞඛ්‍ය සේවා අඩු හෝ වෛද්‍ය සේවය නොලබන ජනගහනයක ඔවුහු සේවය කරති. විදේශ නිලධාරීන් වෙත වීසා අත්හිටුවන බවට තර්ජනය කිරීමෙන්, ඇමරිකා එක්සත් ජනපද රජය අදහස් කරන්නේ විදේශයන්හි මෙම කියුබානු වෛද්‍ය මෙහෙයුම් කඩාකප්පල් කිරීමටය. එය ක්‍රියාත්මක වුවහොත්, ලොව පුරා මිලියන ගණනක් ජනතාව වඩාත් දුක් විඳිනු ඇත.

කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..

කළුතර ප්‍රාදේශීය සභාවේ න්‍යාය පත්‍රයෙන් පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම සඳහා විනාඩියක නිශ්ෂබ්දතාව යන අංග ත්‍රිත්වය ඉවත්කරන බව එම සභාවේ සභාපතිවරයා විසින් සභාවට දන්වා ඇත.

දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක

නාමල් රාජපක්ෂට විරුද්ධව සාක්ෂි දීපු නිමල් පෙරේරා දූෂිතයෙක් බවත් මොහුගේ ව්‍යාපාරික සගයා තමයි මේ වත්මන් ආණ්ඩුවේ ඉන්න ප්‍රබල අමාත්‍යවරයකු බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික කැදවුම්කරු ඩී.වී චානක මහතා පැවසීය.

22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වන සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේ පටිපාටිමය සාධාරණත්වය සහ විනිවිදභාවය පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා නිකුත් කළ විශේෂ වාර්තාවකින් දැඩි අවධානය යොමු කර තිබේ.

22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තමන් ගොනුකළ පෙත්සමක් විභාගයට නොගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (07) පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

​සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..

​ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය තවදුරටත් සන්නද්ධ සංවිධානයක් ලෙස නොපැවැතුණද, විදේශයන්හි ඇති එහි ජාලයන් අරමුදල් රැස්කිරීම, දේශපාලන ප්‍රචාරණ, සැමරුම් උත්සව සහ දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් කොටස් අතර ශ්‍රී ලංකා ගැටුම සම්බන්ධ ප්‍රකාශනයන් භාවිත කිරීම දෙසට වැඩි වැඩියෙන් යොමු වී ඇති බව ලෝරෙන්ටියන් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ අන්තර් විෂය පර්යේෂණ සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ හිටපු පර්යේෂණ නිලධාරී ආචාර්ය නෙවිල් හේවගේ මහතා පවසයි.

ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලනයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ජන රැළි, රටේ දැවෙන ප්‍රශ්නවලින් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා පැවැත්වෙන හිස් “චූන් පාන් සන්දර්ශන” පමණක් බවත්, පසුගිය වසර දෙක ඇතුළත ආණ්ඩුව සිදුකර ඇත්තේ මැතිවරණ පොරොන්දු සියල්ල බල්ලට දමා ඩඩ්ලි, ධම්මික, ඉෂාර වැනි මහා පරිමාණ ව්‍යාපාරික පැලැන්තිය පිනවීම පමණක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”

හිතුන හිතුන වෙලාවට රෝහල්වලට යන සංස්කෘතිය වෙනස් කරන බවත්, පවුලට වෛද්‍යවරයකු ලබාදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.