News Category
From Date
To Date
Maximum Number of Result

ඉරානය: එක්සත් ජනපදයට අසාර්ථක වීමට ඉඩ දිය නොහැකි පරීක්ෂණය.

Mar 26, 2026 at 04:10 PM
|

ඉරානය සමඟ අමෙරිකා එක්සත් ජනපදය කරගෙන යන යුද්ධයේ ප්‍රතිඵලය ඉදිරි වසර ගණනාව තුළ ලෝක වේදිකාවේ ඇමරිකාවේ හැකියාවන් තීරණය කරනු ඇත. බටහිර ආසියාවේ සිදුවන වත්මන් ගැටුම කලාපයෙන් ඔබ්බට ඉතා භයානක ප්‍රතිවිපාක ගෙන දෙන්නක් වීම නියතියකි.

කෙසේ වුවද මේ වන විට ඉරානය සම්බන්ධයෙන් එක්සත් ජනපද ප්‍රතිපත්තිය වඩ වඩාත් අක්‍රමවත් වී ඇත. අමෙරිකානු ජනාධිපතිවරයාගේ වෙනස්වන වාග්ලංකාර කෙරෙහි අවධානය යොමු කරනවාට වඩා, ගැටුමට පාදක වන තර්කනය පරීක්ෂා කිරීම ලෝක ජනයාට වඩාත් ප්‍රයෝජනවත් වේ. ඉරානයේ දුර්වලතාවය ලෙස තමන් දකින දෙයින් ප්‍රයෝජන ගනිමින්, ඉරානයට එරෙහිව දැඩි ලෙස ක්‍රියා කිරීමට දැන් සුදුසුම කාලය බව එක්සත් ජනපදය සිතන බව පෙනෙන්නට තිබේ.

හුදකලාව බැලූ විට, ඉහත කී අරමුණට යම් සීතල තාර්කිකත්වයක් ඇත. හොඳින් ක්‍රියාත්මක කරන ලද තනි, ප්‍රහාරයකට, න්‍යායාත්මකව, දිගුකාලීන ඉලක්ක කිහිපයක් එකවර සාක්ෂාත් කරගත හැකිය. එනම්, 1979 ඉරානයේ අමෙරිකා තානාපති කාර්යාල අර්බුදයේ ඓතිහාසික දුක්ගැනවිලි විසඳා ගැනීම, ඊශ්‍රායලයට සතුරු යැයි සැලකෙන පාලන තන්ත්‍රයක් ඉවත් කිරීම, ප්‍රධාන බලශක්ති සම්පත් සහ ප්‍රවාහන මාර්ග කෙරෙහි ලීවරයක් ලබා ගැනීම සහ නැගී එන යුරේසියානු ඒකාබද්ධතා ව්‍යාපෘති දුර්වල කිරීම  වැනි තීරණාත්මක ව්‍යාපෘති සාක්ෂාත් කර ගත හැකිය. උපදේශකයින් මෙය දුර්ලභ අවස්ථාවක් ලෙස ඉදිරිපත් කර ඇති බව පෙනේ. අමෙරිකානු ජනාධිපතිවරයා  නොපැකිළිව තර්කය පිළිගත්තේය.

නමුත් එවැනි අභිලාෂයන් මූලික වැරදි ගණනය කිරීම් මත රඳා පවතී. ඉරානය 2003 දී පැවැති ඉරාකය නොවනවාක් මෙන්ම 2001 දී පැවැති ඇෆ්ගනිස්ථානයද නොවේ. මෑත වසරවලදී එක්සත් ජනපදය සෘජුවම මුහුණ දුන් ඕනෑම විරුද්ධවාදියෙකුට වඩා ඉරානයේ හමුදාව බෙහෙවින් ශක්තිමත්ය. එලෙසම ඉරානය ගැඹුරු උපායමාර්ගික ගැඹුරක් සහ ගෝලීය වෙළඳ හා බලශක්ති ප්‍රවාහයන්ට බරපතල බාධාවන් ඇති කිරීමේ හැකියාව ඇති විශාල ඔරොත්තු දීමේ හැකියාවක් ඇති රාජ්‍යයකි.

මා ඉහත අවසානයට සඳහන් කළ කරුණ තීරණාත්මක ය. ඉරානයේ භූගෝලීය පිහිටීම රටවල් කිහිපයක් පමණක් සතුව ඇති ලීවරයක් ලබා දෙයි. සීමිත ගැටුමක් පවා මැද පෙරදිගින් ඔබ්බට නැව් මාර්ග සහ ආර්ථික ස්ථාවරත්වයට තර්ජනයක් විය හැකි අතර එය එක්සත් ජනපදයේ සහ එහි සහචරයින්ගේ අවශ්‍යතාවලට සෘජුවම බලපානු ලබයි. එම යථාර්ථය පමණක් ඉක්මන්, පිරිසිදු ජයග්‍රහණයක් සඳහා වන ඕනෑම උත්සාහයක් සංකීර්ණ එකක් බවට පත් කරයි.

එපමණක් නොව, දේශපාලන සන්දර්භය අතීත එක්සත් ජනපද මැදිහත්වීම්වලට වඩා බෙහෙවින් වෙනස් තත්වයක පවතී.අතීත ක්‍රියාමාර්ගවලදී දක්වා ඇති පැහැදිලි හේතු නොමැතිව මෙම බලහත්කාරය පෙන්වීම එක්සත් ජනපද හවුල්කරුවන් නොසන්සුන් කර ඇත. මීට පෙර එක්සත් ජනපදයට සහාය දැක්වූ මිත්‍ර පාක්ෂිකයින් දැන් වඩාත් ප්‍රවේශම් සහගත වන අතර අවදානම් සහ අවිනිශ්චිත ප්‍රතිඵල ගැන සිතමින් සිටිති.

අමෙරිකා එක්සත් ජනපදයේ මූලික උපකල්පනය වූයේ ඉරානය ඉක්මනින් යටත් වනු ඇති බවයි. එම යටත් වීම කෙබඳු වනු ඇත්ද යන්න කිසි විටෙකත් සම්පූර්ණයෙන්ම පැහැදිලි නොවීය. එනම් පාලන තන්ත්‍ර බිඳවැටීම, වෙනිසියුලාවේ සිදුවූවාක් මෙන් බලහත්කාරයෙන් අනුකූල වීම හෝ ටෙහෙරානයේ බලය තියුනු ලෙස සීමා කරන සාකච්ඡාමය විසඳුමක් යන විසඳුම් වලින් ඔබ්බට නොවන තත්වයක් බලාපොරොත්තු  විය. කෙසේ වෙතත්, දිගුකාලීන ගැටුමක් අමෙරිකානු සැලැස්මේ කොටසක් නොවීය.

කෙසේ වුවද මේ වන විට ගැටුම ඇදී ගොස් ඇති බැවින්, වඩාත් මූලික ප්‍රශ්නයක් මතු වී ඇත. එනම් සාර්ථකත්වය යනු කුමක්ද? යන පැනයයි. මෙම උභතෝකෝටිකය ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ පුළුල් වෙනසක් පිළිබිඹු කරමින් පවතියි. "ඇමරිකා ෆස්ට්" හෙවත් ඇමෙරිකාව පළමුව යන සටන් පාඨය බොහෝ විට හුදකලාව හෝ සංයමය ලෙස අර්ථ දැක්වේ. එහෙත් ප්‍රායෝගිකව, එහි අර්ථය සම්පූර්ණයෙන්ම වෙනත් ප්‍රපංචයක් බවට වර නංවා ඇත.එනම් එය වගකීමකින් තොරව සහ ඉතා මැනවින්, පිරිවැයකින් තොරව එක්සත් ජනපද අරමුණු හඹා යාම බව තහවුරු කර ඇත. ඒ අනුව සටන් පාඨයේ ගැඹුරු මූලධර්මය සරලයි. එනම් කැපවීම් අවම කරන අතරතුර උපරිම ප්‍රතිලාභ ලබා ගැනීම වේ.

කලක්, ඔහුගේ මෙම ප්‍රවේශය ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට තිබුණි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු වසර තුළ,බොහෝ විට අතිමහත් ආර්ථික බලය උපයෝගී කර ගනිමින් ඔහු ඇමරිකානු නියමයන් පිළිගැනීමට හවුල්කරුවන්ට බලපෑම් කිරීමට සමත් විය. නමුත් එම උපායමාර්ගය අර්ථවත් ප්‍රතිරෝධයක් නොමැතිකම මත රඳා පවතී. පාලනය කළ නොහැකි තත්වයකට එය උපයෝගී කරගන්නා   විට එය වඩාත් භයානක වේ.

ප්‍රධාන භූ දේශපාලනික අර්බුදයක් නිර්මාණය කිරීම සහ වොෂින්ටනය වාසි ලබා ගන්නා අතරතුර අනෙක් අය ප්‍රතිවිපාක අවශෝෂණය කර ගනු ඇතැයි අපේක්ෂා කිරීම සම්පූර්ණයෙන්ම වෙනස් යෝජනාවකි. එය විරුද්ධවාදීන් පමණක් නොව, එක්සත් ජනපදය තුලම ක්‍රියාත්මක වන සමස්ත පද්ධතියම අස්ථාවර කිරීමේ අවදානමක් ඇත.

මුල් දශක කිහිපය තුළ, එක්සත් ජනපද නායකත්වය "ලිබරල් හෙවත් නිදහස් ලෝක පිළිවෙලක්" අනුව සකස් කරන ලද අතර, එහිදී ඇමරිකානු අවශ්‍යතා ඉදිරියට ගෙන යාම සැමට ප්‍රයෝජනවත්ය යන්න ඒත්තු ගැන්වෙන ලෙස ඉදිරිපත් කරන ලදී. "කාරුණික ආධිපත්‍යයක්" පිළිබඳ සංකල්පය මෙම කාල පරිච්ඡේදයෙදී මතු විය. කෙසේ වුවද ට්‍රම්ප්ගේ ලෝක දැක්ම එම පූර්ව නිගමනය ප්‍රතික්ෂේප කරනු ලබන්නේය. ඒ වෙනුවට, එක්සත් ජනපද සමෘද්ධිය අන් අයගේ වියදමින් පැමිණිය යුතු බවත්, පැරණි සමතුලිතතාවය ආපසු හැරවීමට කාලය පැමිණ ඇති බවත් එය උපකල්පනය කරයි.

මෙම සීරු මාරුව ගැඹුරු ඇඟවුම් දරයි. තවදුරටත් ස්ථාවරත්වයක් ලබා දීමට උත්සාහ නොකරන ආධිපත්‍යයක් බලහත්කාරය මත වඩාත් දැඩි ලෙස රඳා පැවතිය යුතුය. නමුත් බලහත්කාරය ඵලදායී වීමට නම්, විශ්වසනීයත්වය අවශ්‍ය වේ. අවශ්‍ය විටෙක තම කැමැත්ත පැනවිය හැකි බව ආධිපත්‍ය බලය පැහැදිලිව පෙන්නුම් කළ යුතුය. ඉරානය අමෙරිකාවේ පැවැත්මේ පරීක්ෂණාගාරය බවට පත්ව ඇත.

ඇත්ත වශයෙන්ම, එක්සත් ජනපදය මෙම අභියෝගය තමාටම තෝරාගෙන ඇත. එබැවින් අවදානම අතිශයින් ඉහළ ය. තීරණාත්මක ප්‍රතිඵලයක් අත්කර ගැනීමට අපොහොසත් වීම තවත් පසුබෑමක් පමණක් නොව, එය ස්ථාපිත කිරීමට උත්සාහ කරන නව නීති යටතේ ගෝලීය බලවතෙකු ලෙස ක්‍රියා කිරීමට වොෂින්ටනයට ඇති හැකියාව ප්‍රශ්න කරනු ඇත.

පෙර පැවති සංග්‍රාම සමූහයන්ගෙන් වත්මන් ගැටුම වෙන්කර හඳුනා ගන්නේ මෙයයි. ඉරාකය සහ ඇෆ්ගනිස්ථානය පැහැදිලි ජයග්‍රහණ නොමැතිව අවසන් වූ නමුත් ඒවා වෙනස් උපායමාර්ගික ආදර්ශයක් යටතේ සටන් කරන ලද සටන් වේ. අද ගැටුම වඩාත් විවෘතව ගනුදෙනුකාරී වන අතර, වඩාත් පැහැදිලිව බල ප්‍රක්ෂේපණය පිළිබඳ වන අතර නීතිමය හෝ දෘෂ්ටිවාදාත්මක සලකා බැලීම්වලින් අඩු සීමාවකට කොටු වේ.

එමඟින් ජයග්‍රහණය නිර්වචනය කිරීම වඩාත් හදිසි වනවා මෙන්ම වඩාත් දුෂ්කර කරයි. අවශ්‍ය නම් මඟහැරිය හැකිව තිබූ යුද්ධයකදී, සාර්ථකත්වය සඳහා වන නිර්ණායක කල්තියා නියම කර නොමැත. එහෙත් ඇතැම් ප්‍රතිඵල පැහැදිලිවම අඩු වනු ඇත. උදාහරණයක් ලෙස, ගෝලීය වැදගත්කමක් ඇති හෝමූස් සමුද්‍ර සන්ධිය මත ඉරානය ඵලදායී පාලනයක් රඳවා ගන්නේ නම් ඕනෑම මෙහෙයුමක් සාර්ථක යැයි සැලකිය හැකි යැයි සිතීම දුෂ්කර ය.

පැහැදිලි විසඳුමක් නොමැතිව ගැටුම දිගු වන තරමට, වොෂින්ටනය මත ඇතිවන පීඩනය වැඩි වනු ඇත. ජාත්‍යන්තර පද්ධතිය තුළ අමෙරිකානු භූමිකාව නැවත අර්ථ දැක්වීමට උත්සාහ කරන බලවතෙකුට අපැහැදිලි බව විකල්පයක් නොවේ.  ඒ අනුව නිගමනය තියුණු ය. එක්සත් ජනපදයට දැන් තීරණාත්මක ජයග්‍රහණයක් අවශ්‍යයි. විකල්පය ලෙස පැහැදිලි ප්‍රතිඵලයක් නොමැති දිග්ගැස්සුනු ගැටුමක්, මැද පෙරදිග පමණක් නොව, ගෝලීය වශයෙන් අමෙරිකාවේ ස්ථාවරය අඩපණ කරනු ඇත.

ඒ සමඟම, සාකච්ඡාමය විසඳුමකට එළඹීමට ඇති සම්භාවිතාව අඩු බව පෙනේ. දෙපාර්ශ්වයේම ඉල්ලීම් විස්ඳුමට එළඹීමට ඇති හැකියාවට ඉතා දුරින් පවතී. ඒ අනුව ඉදිරියේදී වඩාත්ම සිදුවිය හැකි  තත්වය ලෙස පවතින්නේයුද්ධය උත්සන්න වීම පමණි.

සිදු විය හැකි අවදානම් පැහැදිලිය. නමුත් වොෂින්ටනයට, අසාර්ථක වීමේ පිරිවැය වඩා විශාල විය හැකිය.


ෆියෝඩර් ලුක්යානොව් විසින් රචිත Iran: The test the US cannot afford to fail    ලිපියේ සිංහල පරිවර්තනයයි. පරිවර්තනය ජීවන්ත ජයතිස්ස


ෆියෝඩර් ලුක්යානොව් යනු ජාත්‍යන්තර සබඳතා සහ විදේශ ප්‍රතිපත්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම රුසියානු විශේෂඥයෙකි. ඔහු 1990 සිට පුවත්පත් කලාවේ යෙදී ඇති අතර නූතන ජාත්‍යන්තර සබඳතා සහ රුසියානු විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රකාශන රාශියක කතුවරයාද වේ.

2002 සිට, ඔහු විදේශීය සහ රුසියානු විශේෂඥයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් අතර සංවාද සහ විවාද සඳහා වේදිකාවක් ලෙස කටයුතු කරන ලද සඟරාවක් වන Russia in Global Affairs සඟරාවේ ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කර ඇත.

2012 දී, ඔහු පැරණිතම රුසියානු රාජ්‍ය නොවන සංවිධානවලින් එකක් වන රුසියාවේ විදේශ සහ ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ කවුන්සිලයේ සභාපති ධුරයට තේරී පත් විය. 2015 සිට, ඔහු වැල්ඩයි ජාත්‍යන්තර සාකච්ඡා සමාජයේ සංවර්ධනය සහ සහාය සඳහා වූ පදනමේ විද්‍යාත්මක කටයුතු සඳහා අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇත.

ඔහු ජාතික පර්යේෂණ විශ්ව විද්‍යාලයේ උසස් ආර්ථික විද්‍යා පාසලේ ලෝක ආර්ථික හා ගෝලීය දේශපාලන පීඨයේ පර්යේෂණ මහාචාර්යවරයෙකු ලෙස සේවය කරයි.

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.