අගමැතිනියගේ ගුරු හමුවට නොපැමිණි අයගෙන් හේතු විමසීම ගුරු සංගමය හෙළාදකී..
තංගල්ලේ පැවති ගුරු හමුවකට සහභාගි නොවීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ලෙස දන්වමින් තංගල්ල කලාප අධ්‍යාපන කාර්යලය සිදුකළ ඉල්ලීම දැඩි ලෙස හෙළා දකින බව හම්බන්තොට දිස්ත්‍රික් ලංකා ගුරු සංගමය පවසයි.
එම සංගමයේ දිස්ත්‍රික් ලේකම් සුරංග චින්තක මහතා පැවසුවේ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියට එලෙස කටයුතු කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවය.
පසුගිය 15 වන ඉරු දින තංගල්ල ප්‍රදේශයේ දී අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකට ගුරුභවතුන් සහභාගී නොවීමට හේතුව දන්වන ලෙස තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලය විසින් කලාපයේ විදුහල්පතිවරුන් වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
අදාළ දැනුම්දීම සම්බන්ධයෙන් ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකදී හම්බන්තොට ලංකා ගුරු සංගමයේ ලේකම් සුරංග චින්තක මහතා පළ කළේ, මෙවන් අදහසකි.
"ඉරිදා දිනයේ දී ගුරුවරු කැඳවීම කෙසේවත් සිදුකළ නොහැකි දෙයක්. ඒ නිසා අපි මේ ක්‍රියාව දැඩි ලෙස හෙළා දකිනවා. අපි තවදුරටත් මේ ගැන ගුරුවරු දැනුවත් කිරීමේ ක්‍රියාවලියේ යෙදෙනවා. මේ ආණ්ඩුව පත්වෙන්නේ ගුරුවරු පාරේ ඉඳලා, කෑ ගහලා කළු කොඩි අරන් ඇවිත් පැවති පාලනය බිඳ දමලා නව යුගයක් කරා ගෙනයෑමට ගුරුවරු තමා පෙරටුගාමීන් වුණේ. හැබැයි අද වෙද්දි පළමු ෂොට් එක ගුරුවරුන්ට වැදෙමින් පවතිනවා."
- අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වලිකාමම් හමුදා රෝහල කඩා ඉවත් කිරීමේ සුමන්තිරන්ගේ යෝජනාව ගැන ශමීන්ද්‍රගෙන් අනාවරණයක්..
පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව අමාරුවේ දැමීම සඳහා විජේවීර පවුලට අවමන් කිරීම දුෂ්ඨ ක්‍රියාවක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සරය කොළඹදී සමරයි - ශ්‍රී ලංකාව සමඟ හමුදාමය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බවට සහතිකයක්
ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..
ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ
කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..
ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..
"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!
ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..
සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..
ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..
ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!