අත්අඩංගුවේ හිටියත් නිදහසේ හිටියත් මහ මොළකරු 31දා හෙළි කරනවා.. - ගම්මන්පිල කියයි
පිිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.
"පසුගිය සතියේ ආණ්ඩුවේ මාධ්‍ය හමුවේ දී ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඇමතිතුමා ගම්මන්පිල 27 දා නඩුවෙන් අත්අඩංගුවට පත් නොවුණොත් 31දා පාස්කු මහ මොලකරු හෙලි කරාවි යැයි කිව්වා. පුළුවන් නම් 27දාට මාව අත්අඩංගුවට අරන් පෙන්වන්න කියලා මම නලින්ද ඇමතිතුමාට අභියෝග කරනවා. හය පාරක්ම අත්අඩංගුවට ගන්න හදලා දැන් හති වැටලා වැඩේ අත් හැරලා කියලා අපි හිතුවේ.
ගරු ඇමතිතුමනි, මම අත්අඩංගුවට පත් වෙන්න හොරකම් මැරකම් සල්ලාලකම් කරලා නෑ. ආණ්ඩුවට අයිති බෝල්පොයින්ට් පෑනක්වත් ගෙදර ගෙනිහින් නෑ. ඒ නිසා ඔබතුමාලගේ ඇමතිවරුන්ගේ මට්ටමින් මාව මනින්න එපා කියලා ඉල්ලා සිටිනවා. අපි වැරදි වැඩ කරලා නැති නිසා තමයි කොන්ද කෙලින් තියාගෙන ඔබතුමාලාගේ ආණ්ඩුව බලයට පැමිණි දවසේ ඉඳන්ම වැරදි දේට වැරදියි කියන්නේ.
ඔබතුමාලා බොරු චෝදනා මත අත්අඩංගුවට අරගෙන උසාවි ඉදිරිපත් නොකර රැඳවුම් නියෝග මත මිනිස්සු තියා ගන්න රුසියොනෙ. පිල්ලෙයාන් සහ සුරේෂ් සලේ යන දෙදෙනාටම කලේ ඒකනේ. ඒ නිසා මහ මොලකරු හෙළි කරන එක නවත්වන්න බොරුවට අත්අඩංගුවට ගන්න පුළුවන් බව අපි දන්නවා. ඒකට අපි සුදානම්. අපි අත්අඩංගුවේ හිටියත් නිදහසේ හිටියත් මහ මොලකරු හෙළි කරන පොත මාර්තු 31දාට නිකුත් වෙනවා. ඒ වගේම මා ජීවතුන් අතර සිටියත් නැතත් මහ මොලකරු හෙළි කරන පොත මාර්තු 31දාට දොරට වඩිනවා.
අද රහස් පොලිසිය මේජර් ජනරාල් සුරේෂ් සලේගේ පවුලේ අයට ඔහුව බලන්න දෙන්නේ නැතිව දස වද දෙනවා. ගෙදර අය එන දවසටවත් ගෙදරින් කෑම එකක් ගේන්න දෙන්නේ නෑ. හැබැයි ඊබ්‍රහීම් නානා රැඳවුම් නියෝග යටතේ ඉන්න කොට නම් රවි සෙනෙවිරත්න සහ ශානි අබේසේකර ඒ අයට රජ සැප දුන්නේ. 2019 රාමසාන් දිනයේ දී ඊබ්‍රහීම් පවුලෙන් රැඳවියන් ඔක්කෝටම තරු පහේ හෝටලයකින් දවල් කෑම ලබා දුන්නා. ඒ විතරක් නොවේ. රහස් පොලිස් නිලධාරින්ටත් එදා දවල් කෑම ඊබ්‍රහීම් නානාගේ පවුලේ අයගේ අනුග්‍රහයෙන්. මම මේ කියන්නේ කටකතා නොවේ. පාස්කු විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ පොලිස් රැඳවියෙකු වුණු නාමල් අත්තනායක දිවුරුම් පිට ලබා දුන්නු ප්‍රකාශයේ මේක සඳහන් වෙන්නේ. විමර්ශන කොමිසමේ 2020 දෙසැම්බර් 18 සාක්ෂි සටහන් වල 108 පිටුව බැලුවොත් ඕනෑම කෙනෙකුට මේක දැක ගන්න පුළුවන්. රවි සෙනෙවිරත්නලා ශානි අබේසේකරලා ත්‍රස්තවාදින්ට රජ සැප දෙන අතරේ රණවිරුවන්ට අපා දුක් දෙන කොට මේ අය නියෝජනය කරන්නේ කාවද කියන එක කාටත් හිතා ගන්න පුළුවන්.
මාර්තු 31 නිකුත් කරන පොතේ මතු කරන එක් වැදගත් කාරණයක් තමයි බුද්ධි නිලධාරින්ට නීතිමය රැකවරණ ලබා දිය යුතුයි කියන එක. ඇමෙරිකාව සහ ඉන්දියාව වැනි රටවල බුද්ධි නිලධාරින්ට නීතිමය රැකවරණයක් තිබෙනවා. නමුත් අපේ රටේ එහෙම නෑ. සොනික් සොනික් කියන්නේ මුස්ලිම් අන්තවාදින් අතර අන්තවාදියෙකු වගේ සිටිය බුද්ධි නිලධාරියෙක්. නමුත් එයාගේ අනන්‍යතාවය රහස් පොලිසියේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා හෙලිදරව් කරනවා. ඒක ජීවිතය අනතුරේ හෙලන හෙලිදරව්වක්. මේක ඇමෙරිකාවේ දී කළා නම් ශානි මහත්තයාට අවුරුදු 10ක සිර දඬුවම් නියම වෙනවා. ලංකාවේ දී කරපු නිසා ශානි වෙනුවට සොනික් සොනික්ට හිරේ ඉන්න වුණා.
මීට කලින් 2002 දී පොලිසිය විසින් මිලේනියම් සිටි ආරක්ෂිත නිවසක් වට කරලා බුද්ධි නිලධාරින්ගේ අනන්‍යතාවය හෙලිදරව් කලා. මුතාලිෆ් වගේ ශ්‍රේෂ්ඨ රණවිරුවන් කොටින්ට දඩයම් කරන්න පුළුවන් වුණේ පොලිසිය විසින් අනන්‍යතාවය හෙලි කිරීමෙන්. නිලාම් වගේ රණවිරුවන් සදහටම රට දාලා ගියේ ඒ පාවාදීම නිසා. ශානිලා රවිලා නියෝජනය කරන්නේ ඒ පාවාදීමේ වර්තමාන පරම්පරාව. ඒවා මාර්තු 31 නිකුත් වන පොතේ තිබෙන නිසා තමයි පොතට බය වෙලා මේ දඟලන්නේ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා