බහරේන් පිපිරීම සිදුවූයේ අමෙරිකාව මෙහෙයවූ 'පේට්‍රියට්' මිසයිලයකින් බව හෙළි වෙයි..
ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ වී දසවන දින අමෙරිකාවේ මිත්‍ර රටක් වන බහරේනයේ සිදුවූ පිපිරීමකට, අමෙරිකාව විසින් මෙහෙයවනු ලබන 'පේට්‍රියට්' (Patriot) ගුවන් ආරක්ෂණ පද්ධතියකින් නිකුත් කළ මිසයිලයක් සම්බන්ධ බවට විශ්ලේෂණයකින් හෙළි ව ඇතැයි අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි.
රොයිටර් පුවත් සේවය විසින් කරන ලද පර්යේෂකයන්ගේ විශ්ලේෂණයකට අනුව මෙම තොරතුරු අනාවරණය වී ඇතැයි ද එම පුවත් සේවය වාර්තා කර තිබේ.
ඉකුත් මාර්තු 09 වන දින අලුයම බහරේනයේ සිට්‍රා දූපතේ මහසා (Mahazza) ප්‍රදේශයේ සිදුවූ මෙම පිපිරීමෙන් ළමුන් ඇතුළු පුද්ගලයින් 32 දෙනෙකු තුවාල ලැබූ අතර ඉන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල විය.
පිපිරීම සිදුවූ ස්ථානය අගනුවර වන මනාමා (Manama) සිට නුදුරින් තෙල් පිරිපහදුවක් පිහිටි ප්‍රදේශයක් වන අතර, ප්‍රහාරයෙන් නිවාස රැසකට ද දැඩි හානි සිදු ව තිබුණි.
මීට පෙර බහරේනය සහ වොෂින්ටනය මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා කළේ ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වූ බවටයි.
කෙසේ වෙතත්, රොයිටර් පුවත් සේවය නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් බහරේන රජය පළමු වරට පිළිගෙන ඇත්තේ එම පිපිරීමට පේට්‍රියට් මිසයිලයක් සම්බන්ධ වී ඇති බවයි.
එහිදී රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අදාළ මිසයිලය මගින් ඉරාන ඩ්‍රෝන යානයක් ගුවනේදී සාර්ථකව විනාශ කළ බවත්, එමගින් ජීවිත රැසක් බේරා ගැනීමට හැකි වූ බවත්ය.
සිදුවූ හානි සහ තුවාල ලැබීම්, පේට්‍රියට් මිසයිලය හෝ ඉරාන ඩ්‍රෝන යානය සෘජුවම පොළොවට පතිත වීම නිසා සිදුවූවක් නොවන බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්