ජනපතිගේ EV කතාව සම්පූර්ණ බොරු.. ලංකාවේ EV හතරගුණයක් චාජ් කලත් 300MW යන්නෑ.. - ආචාර්ය විදුර රලපනාව
රාත්‍රී කාලයේදී විදුලි වාහන ආරෝපණය කිරීම හේතුවෙන් මෙගාවොට් 300ක අමතර විදුලි ඉල්ලුමක් පවතින බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා කළ ප්‍රකාශය විද්‍යාත්මකව කිසිසේත්ම පිළිගත නොහැකි, සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රකාශයක් බව ආචාර්ය විදුර රලපනාව මහතා පවසයි.
දෙරණ රූපවාහිනී නාලිකාව සමඟ පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව අවධාරණය කළේය.
මෙහිදී අදහස් දැක්වූ ආචාර්ය රලපනාව මහතා සඳහන් කළේ ලංකාවේ පවතින විදුලි වාහන සංඛ්‍යාව අනුව එම ඉල්ලුම මෙගාවොට් 100ක්වත් විය නොහැකි බවයි.
මෙගාවොට් 300ක ඉල්ලුමක් ඇති වීමට නම් දැනට මෙරට පවතින විදුලි වාහන සංඛ්‍යාව මෙන් හතර ගුණයක වාහන ප්‍රමාණයක් තිබිය යුතු බවත්, ඒ සියලු වාහන එකවර ආරෝපණයට සම්බන්ධ කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.
විදුලි වාහන සැබෑ ස්වභාවය පැහැදිලි කරමින් ඔහු කියා සිටියේ, කිලෝමීටර් 300ත් 500ත් අතර ධාවන පරාසයක් සහිත නවීන විදුලි වාහන දිනපතා ආරෝපණය නොකරන බවත්, සාමාන්‍යයෙන් දින පහකට වරක් පමණ ආරෝපණය කරන බවත්ය. එසේම, වාහනයක් ආරෝපණය කිරීමට ගත වන්නේ කෙටි කාලයක් බැවින් සියලු වාහන එකවර ජාලයට සම්බන්ධ වී මෙවැනි විශාල ඉල්ලුමක් ඇති නොවන බව ද වසර 10ක් විදුලි වාහන භාවිතා කරන්නෙකු ලෙස තමාට සහතික විය හැකි බව ඔහු පැවසීය.
මෙවැනි වැරදි දත්ත ජනාධිපතිවරයා වෙත ලබා දීම පිටුපස පොසිල ඉන්ධන ප්‍රමෝට් කරන උපදේශකයන් සිටින බවට ද ඔහු මෙහිදී චෝදනා කළේය.
රට බලශක්තියෙන් ස්වයංපෝෂිත වීමට නම් පුනර්ජනනීය බලශක්තිය, බැටරි ගබඩා පද්ධති සහ විදුලි වාහන ප්‍රවර්ධනය අත්‍යවශ්‍ය බව ආචාර්ය විදුර රලපනාව මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..