භාණ්ඩ මිල ඉහළ යා හැකියි.. ඒත් භාණ්ඩ හිඟයක් නෑ - ඇමති වසන්ත
පාරිභෝගිකයන් අනවශ්‍ය කලබලයකින් යුතුව ආහාර ද්‍රව්‍ය රැස් කිරීමෙන් වැළකිය යුතු බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අවධාරණය කරයි.
මේ වන විට දිවයින සතුව ප්‍රමාණවත් තරම් ආහාර සංචිත පවතින බැවින්, ඉදිරි උත්සව කාලසීමාව තුළ කිසිදු හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට රජය පියවර ගෙන ඇති බව හෙතෙම පැවසීය.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ මෙරට ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම සම්බන්ධයෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ ආහාර ආනයනකරුවන්ගේ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ ආහාර සුරක්ෂිතතා කමිටුව රැස්වීමට නියමිත අතර, සැපයුම් ජාල අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද අනුකමිටුව ද රැස්වන බවයි.
ඉදිරි උත්සව සමය සහ යල් කන්නයේ වගා කටයුතු ආරම්භ වීම සැලකිල්ලට ගනිමින් තෙල්, පොහොර සැපයීම, වී මිලදී ගැනීම, සහල් නිෂ්පාදනය මෙන්ම වෙළඳපොළේ ලූනු සහ සීනි වැනි ද්‍රව්‍ය සුලභ කිරීමට අවශ්‍ය පියවර පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.
පවතින යුදමය තත්ත්වය හමුවේ මෙරටට වැඩිපුරම හාල්මැස්සන් ගෙන්වන ඉරානයෙන් ලැබෙන සැපයුමේ යම් බිඳවැටීමක් පවතින බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ඒ වෙනුවට විකල්පයක් ලෙස තායිලන්තයෙන් හාල්මැස්සන් ආනයනය කිරීමට මේ වන විටත් මෙරට ආනයනකරුවන් කටයුතු කරමින් සිටින බව ඔහු පැවසීය.
එහිදී ආනයනකරුවන් කියා සිටියේ ඉදිරියේදී භාණ්ඩ මිල ඉහල යා හැකි නමුත් භාණ්ඩ හිගයක් නොවනු ඇති බවය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..