විදුලි සංදේශ සහ අන්තර්ජාල වංචා මැඩපැවැත්වීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීමට චීනය දක්වන සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට චීනය කැපවී සිටිනවා- ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි
ශ්‍රී ලංකාව තුළ මාර්ගගත වංචා සම්බන්ධයෙන් චීන ජාතිකයන් ඇතුළු විදේශීය සැකකරුවන් ගණනාවක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය මගින්," ශ්‍රී ලංකාව සතු දියුණු විදුලි සංදේශ යටිතල පහසුකම්, හිතකර භූගෝලීය පිහිටීම, සාපේක්ෂව ලිහිල් වීසා ප්‍රතිපත්ති මෙන්ම එහි ජනතාවගේ කරුණාව සහ මිත්‍රශීලී බව හේතුවෙන්, සමහර විදුලි සංදේශ ආශ්‍රිත වංචා කරන අපරාධ කල්ලි ශ්‍රී ලංකාවට සංක්‍රමණය වී ඇති අතර, දේශීය හා විදේශීය චීන පුරවැසියන් ඉලක්ක කර ගනිමින් වංචා ක්‍රියාකාරකම්වල නිරත වෙමින් සිටිති.' යනුවෙන් චීන තානාපති කාර්යාලය සිය නිවේදනය මගින් පවසයි. එලෙසම ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට, විදුලි සංදේශ සහ මාර්ගගත වංචා වැනි දේශසීමා අපරාධවලට එරෙහිව සටන් කිරීමේදී ඒකාබද්ධ මෙහෙයුම් සහ සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීමට සහ අන්තර්ජාතික විදුලි සංදේශ සහ මාර්ගගත වංචාවල අභියෝගයට මුහුණ දීම සඳහා එක්ව කටයුතු කිරීමට චීනය සැම විටම සූදානම් බවද චීන තානාපති කාර්යාලය සිය නිවේදනය මගින් අවධාරණය කරයි.
චීන තානාපති කාර්යාලය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්...
විදුලි සංදේශ සහ අන්තර්ජාල වංචා මැඩපැවැත්වීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීමට චීනය දක්වන සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට චීනය කැපවී සිටිනවා
ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන මාර්ගගත වංචා සම්බන්ධයෙන් විසින් චීන ජාතිකයන් ඇතුළු විදේශීය සැකකරුවන් ගණනාවක් අත්අඩංගුවට ගත් බවට මෑතකදී පළ වූ වාර්තා චීනය සමීපව නිරීක්ෂණය කරමින් සිටියි. මෙවැනි සිද්ධීන් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු කෙරෙහි දැවැන්ත හානියක් සිදු කරන අතර, නීතියට අනුකූලව සැකකරුවන්ට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමේදී චීන තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට පූර්ණ සහයෝගය ලබා දෙනු ලබයි.
අද ලෝකයේ, විදුලි සංදේශ සහ අන්තර්ජාල ආශ්‍රිත වංචා අපරාධ විවිධ රටවල වේගයෙන් වර්ධනය වෙමින් පැතිරෙමින් පවතින අතර එය ලොව පුරා පොදු අනතුරක් සහ ගෝලීය ගැටලුවක් බවට පත්ව තිබේ. චීනය, පසුගිය වසරවලදී එවැනි වංචාවන්ට එරෙහිව සටන් කිරීම සඳහා මියන්මාරය, කාම්බෝජය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු බොහෝ රටවල් සමඟ ඵලදායී සහයෝගීතාවයක් පවත්වාගෙන තිබේ. අපරාධ කල්ලි විශාල ප්‍රමාණයක් විනාශ කර තීරණාත්මක ප්‍රතිඵල අත්කර ගත් නමුත් එහි ප්‍රතිඵලයක් ලෙස සමහර අපරාධ කණ්ඩායම් අග්නිදිග ආසියාවේ වෙනත් රටවලට සංක්‍රමණය වී ඇති බව පෙනෙන්නට තිබේ.
ශ්‍රී ලංකාව සතු දියුණු විදුලි සංදේශ යටිතල පහසුකම්, හිතකර භූගෝලීය පිහිටීම, සාපේක්ෂව ලිහිල් වීසා ප්‍රතිපත්ති මෙන්ම එහි ජනතාවගේ කරුණාව සහ මිත්‍රශීලී බව හේතුවෙන්, සමහර විදුලි සංදේශ ආශ්‍රිත වංචා කරන අපරාධ කල්ලි ශ්‍රී ලංකාවට සංක්‍රමණය වී ඇති අතර, දේශීය හා විදේශීය චීන පුරවැසියන් ඉලක්ක කර ගනිමින් වංචා ක්‍රියාකාරකම්වල නිරත වෙමින් සිටිති. ඒ අනුව මෑතකදී ශ්‍රී ලංකාවේ එවැනි සිද්ධීන් වැඩි වෙමින් පවතින බව නිරීක්ෂණය වී තිබේ.
චීන රජය මෙම ප්‍රවණතාවය මැඩ පැවැත්වීම කෙරෙහි විශාල වැදගත්කමක් ලබා දෙන අතර ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ සමීප සන්නිවේදනයක් පවත්වා ගෙන යමින් චීන-ශ්‍රී ලංකා මාර්ගගත වංචා විරෝධී නීතිය ක්‍රියාත්මක කිරීමේ සහයෝගීතාවය ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කරනු ලබයි. විදුලි සංදේශ ආශ්‍රිත වංචා ඵලදායී ලෙස මර්දනය කිරීමට සහ දෙපාර්ශ්වයේම ඒකාබද්ධ උත්සාහයන් සමඟ ශක්තිමත් නිරෝධකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් 2024 දී වංචාවලට සම්බන්ධ චීන ජාතිකයන් ගණනාවක් අත්අඩංගුවට ගනු ලැබීය. එලෙසම එම පිරිස් 2025 දී චීනයට ආපසු ගෙන්වා ගත්හ.ඒ අනුව අදාළ සහයෝගීතාවය අඛණ්ඩව ඉදිරියට ගෙන යනු ලැබේ.
චීනය සහ ශ්‍රී ලංකාව දිගුකාලීන මිත්‍රත්වයක් ඇති හොඳ හවුල්කරුවන් වන අතර, ඔවුන් සැමවිටම එකට සිටින අතර එකිනෙකාට සහයෝගය දක්වයි. ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට, විදුලි සංදේශ සහ මාර්ගගත වංචා වැනි දේශසීමා අපරාධවලට එරෙහිව සටන් කිරීමේදී ඒකාබද්ධ මෙහෙයුම් සහ සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීමට සහ අන්තර්ජාතික විදුලි සංදේශ සහ මාර්ගගත වංචාවල අභියෝගයට මුහුණ දීම සඳහා එක්ව කටයුතු කිරීමට චීනය සැම විටම සූදානමින් සිටී. එවැනි උත්සාහයන් අප දෙරටේ ජනතාවගේ පුද්ගලික ආරක්ෂාව සහ දේපළ ආරක්ෂා කිරීමට මෙන්ම චීනය සහ ශ්‍රී ලංකාව අතර සර්ව සම්පූර්ණ ප්‍රායෝගික සහයෝගීතාව ගැඹුරු කිරීම සඳහා හොඳ පරිසරයක් නිර්මාණය කිරීමට උපකාරී වනු ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..