ලෝකයේ සල්ලි හුවමාරු වෙන අලුත්ම රහස් ජාලය.. ඇමරිකාවේ SWIFT ක්‍රමයට චීනය ගහපු මාරාන්තික ගේම මෙන්න..
ඇමරිකාවේ ඇති භයානකම ආයුධය වන්නේ න්‍යෂ්ටික බෝම්බ නොව ඔවුන් මුළු ලොවම බිය ගන්වමින් පාලනය කරගෙන සිටින සුපිරිම ආයුධය වන්නේ "SWIFT" (ස්විෆ්ට්) පද්ධතිය බවටත් අන්තර්ජාලය තුළින් තොරතුරු අනාවරණය වෙයි.
ලෝකයේ රටවල් අතර මුදල් යවන්නේ මේ SWIFT යන ජාත්‍යන්තර බැංකු ජාලය හරහා බවද, නමුත් මේ වන විට චීනය සහ BRICS රටවල් එකතුවී ඇමරිකාවට පාලනය කිරීමට නොහැකි සහ ඔවුන්ගේ ඔත්තු සේවා වලට හසු නොවන අලුත්ම "රහස් බැංකු ජාලයක්" නිර්මාණය කර අවසන් බවත් තොරතුරු අනාවරණය වේ.
"mBridge" (එම්-බ්‍රිජ්) නමින් හැඳින්වෙන, ලෝක ආර්ථිකය සදහටම කණපිට හරවන මේ අලුත්ම චීන මෙහෙයුම සම්බන්ධයෙන් කරුණු මෙසේ හඳුනාගත හැකිය.
SWIFT පද්ධතියේ පාලනය කිරීම සිදුකරන්නේ ඇමරිකාව සහ යුරෝපය විසිනි. යම් රටක් ඇමරිකාවට අකීකරු වුවහොත්, ඇමරිකාව සිදු කරන්නේ එම රට SWIFT පද්ධතියෙන් කපා හැරීමය. රුසියාව යුක්‍රේනයට පහරදීම සිදුකළ පසු අමෙරිකාව විසින් රුසියාවට සිදුකළේ ද එයමය. SWIFT පද්ධතියෙන් කපා හැරීම හරහා ඕනෑම රටකට වෙනත් රටකට මුදල් යැවීම සහ වෙනත් රටකින් ඉන්ධන ගෙන ඒමට මුදල් ගෙවීමට හෝ නොහැකි තත්ත්වයක් ඇතිවේ. එමගින් මුළු රටේම ආර්ථිකය අඩපණ වන අතර එය එක්තරා න්‍යෂ්ටික බෝම්බයකට සමාන වේ.
චීනය හැදූ රහස් උමඟ: 'mBridge' ව්‍යාපෘතිය
ඇමරිකාවේ මෙම තර්ජනයෙන් බේරීම සඳහා චීනය, හොංකොං, තායිලන්තය, සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) එක්වී නිර්මාණය කළ අලුත්ම ඩිජිටල් මුදල් ජාලය වන්නේ "mBridge" ය. මෙය ක්‍රියාත්මක වන්නේ Blockchain තාක්ෂණයෙන්. මෙම ක්‍රමය මගින් ඇමරිකන් බැංකු හරහා නොගොස් ඇමරිකානු ඩොලරය පාවිච්චි නොකර තත්පර කිහිපයක් ඇතුළත එක රටක සිට තව රටකට කෝටි ගණනක මුදල් යැවිය හැකි බවත් අනාවරණය වේ.
මීට පෙර ලංකාවෙන් ඩුබායි වලට හෝ තායිලන්තයට හෝ මුදල් යවද්දී, මෙරට රුපියල් මුලින්ම ඇමරිකන් ඩොලර් වලට හරවා ඇමරිකාවේ ඇති බැංකුවක් (Correspondent Bank) හරහා ගොස් අදාළ රටට මුදල් යැවීමට සිදුවේ. මෙහි මැද සිටින ඇමරිකන් බැංකු එමගින් ලොකු කොමිස් මුදලකුත් කපා ගැනීම සිදුකරයි. නමුත් mBridge හරහා මෙය සිදුකිරීමේ දී, ඇමරිකන් බැංකු සම්පූර්ණයෙන්ම ඉවත් වේ. රටවල් වලට සෘජුවම තමන්ගේ දේශීය මුදල් වලින් (Yuan, Dirham, Baht) ගනුදෙනු කිරීමට හැකි වේ. එමගින් ඩොලරයට ඇති ඉල්ලුම සම්පූර්ණයෙන් බිඳවැටීම සිදුවේ.
mBridge ජාලය තුළ සිදුවන ගනුදෙනු ඇමරිකානු ඔත්තු සේවා වලටවත්, CIA එකටවත් හසුකර ගැනීමට නොහැකිය. ඇමරිකාව විසින් ඉරානයට හෝ රුසියාවට හෝ සම්බාධක ක්‍රියාත්මක කළ ද මේ හරහා එම රටවලට කිසිඳු අවුලකින් තොරව චීනය සහ අරාබි රටවල් සමග මුදල් ගනුදෙනු සිදුකිරීමට හැකියාව ලැබේ. ඇමරිකාව දශක ගණනාවක් තිස්සේ පාවිච්චි කළ "සම්බාධක" (Sanctions) නමැති බියගැන්වීමේ ආයුධය මෙයින් සදහටම අහෝසි වී යයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්