ලෝකයේ සල්ලි හුවමාරු වෙන අලුත්ම රහස් ජාලය.. ඇමරිකාවේ SWIFT ක්‍රමයට චීනය ගහපු මාරාන්තික ගේම මෙන්න..
ඇමරිකාවේ ඇති භයානකම ආයුධය වන්නේ න්‍යෂ්ටික බෝම්බ නොව ඔවුන් මුළු ලොවම බිය ගන්වමින් පාලනය කරගෙන සිටින සුපිරිම ආයුධය වන්නේ "SWIFT" (ස්විෆ්ට්) පද්ධතිය බවටත් අන්තර්ජාලය තුළින් තොරතුරු අනාවරණය වෙයි.
ලෝකයේ රටවල් අතර මුදල් යවන්නේ මේ SWIFT යන ජාත්‍යන්තර බැංකු ජාලය හරහා බවද, නමුත් මේ වන විට චීනය සහ BRICS රටවල් එකතුවී ඇමරිකාවට පාලනය කිරීමට නොහැකි සහ ඔවුන්ගේ ඔත්තු සේවා වලට හසු නොවන අලුත්ම "රහස් බැංකු ජාලයක්" නිර්මාණය කර අවසන් බවත් තොරතුරු අනාවරණය වේ.
"mBridge" (එම්-බ්‍රිජ්) නමින් හැඳින්වෙන, ලෝක ආර්ථිකය සදහටම කණපිට හරවන මේ අලුත්ම චීන මෙහෙයුම සම්බන්ධයෙන් කරුණු මෙසේ හඳුනාගත හැකිය.
SWIFT පද්ධතියේ පාලනය කිරීම සිදුකරන්නේ ඇමරිකාව සහ යුරෝපය විසිනි. යම් රටක් ඇමරිකාවට අකීකරු වුවහොත්, ඇමරිකාව සිදු කරන්නේ එම රට SWIFT පද්ධතියෙන් කපා හැරීමය. රුසියාව යුක්‍රේනයට පහරදීම සිදුකළ පසු අමෙරිකාව විසින් රුසියාවට සිදුකළේ ද එයමය. SWIFT පද්ධතියෙන් කපා හැරීම හරහා ඕනෑම රටකට වෙනත් රටකට මුදල් යැවීම සහ වෙනත් රටකින් ඉන්ධන ගෙන ඒමට මුදල් ගෙවීමට හෝ නොහැකි තත්ත්වයක් ඇතිවේ. එමගින් මුළු රටේම ආර්ථිකය අඩපණ වන අතර එය එක්තරා න්‍යෂ්ටික බෝම්බයකට සමාන වේ.
චීනය හැදූ රහස් උමඟ: 'mBridge' ව්‍යාපෘතිය
ඇමරිකාවේ මෙම තර්ජනයෙන් බේරීම සඳහා චීනය, හොංකොං, තායිලන්තය, සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) එක්වී නිර්මාණය කළ අලුත්ම ඩිජිටල් මුදල් ජාලය වන්නේ "mBridge" ය. මෙය ක්‍රියාත්මක වන්නේ Blockchain තාක්ෂණයෙන්. මෙම ක්‍රමය මගින් ඇමරිකන් බැංකු හරහා නොගොස් ඇමරිකානු ඩොලරය පාවිච්චි නොකර තත්පර කිහිපයක් ඇතුළත එක රටක සිට තව රටකට කෝටි ගණනක මුදල් යැවිය හැකි බවත් අනාවරණය වේ.
මීට පෙර ලංකාවෙන් ඩුබායි වලට හෝ තායිලන්තයට හෝ මුදල් යවද්දී, මෙරට රුපියල් මුලින්ම ඇමරිකන් ඩොලර් වලට හරවා ඇමරිකාවේ ඇති බැංකුවක් (Correspondent Bank) හරහා ගොස් අදාළ රටට මුදල් යැවීමට සිදුවේ. මෙහි මැද සිටින ඇමරිකන් බැංකු එමගින් ලොකු කොමිස් මුදලකුත් කපා ගැනීම සිදුකරයි. නමුත් mBridge හරහා මෙය සිදුකිරීමේ දී, ඇමරිකන් බැංකු සම්පූර්ණයෙන්ම ඉවත් වේ. රටවල් වලට සෘජුවම තමන්ගේ දේශීය මුදල් වලින් (Yuan, Dirham, Baht) ගනුදෙනු කිරීමට හැකි වේ. එමගින් ඩොලරයට ඇති ඉල්ලුම සම්පූර්ණයෙන් බිඳවැටීම සිදුවේ.
mBridge ජාලය තුළ සිදුවන ගනුදෙනු ඇමරිකානු ඔත්තු සේවා වලටවත්, CIA එකටවත් හසුකර ගැනීමට නොහැකිය. ඇමරිකාව විසින් ඉරානයට හෝ රුසියාවට හෝ සම්බාධක ක්‍රියාත්මක කළ ද මේ හරහා එම රටවලට කිසිඳු අවුලකින් තොරව චීනය සහ අරාබි රටවල් සමග මුදල් ගනුදෙනු සිදුකිරීමට හැකියාව ලැබේ. ඇමරිකාව දශක ගණනාවක් තිස්සේ පාවිච්චි කළ "සම්බාධක" (Sanctions) නමැති බියගැන්වීමේ ආයුධය මෙයින් සදහටම අහෝසි වී යයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..