News Category
From Date
To Date
Maximum Number of Result

ඉරාන ගැටය: ට්‍රම්ප් පුටින් වෙත හැරුනේ ඇයි?

Mar 11, 2026 at 03:22 PM
|

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය 9 වනදා රාත්‍රියේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට කළ දුරකථන ඇමතුම පැහැදිලිවම එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව දියත් කර ඇති යුද්ධයේදී දැනටමත් මතුවීමට පටන් ගෙන ඇති උපායමාර්ගික අවුල් සහගත තත්ත්වයෙන් මිදීමට මාර්ගයක් සෙවීමේ උත්සාහයකි.

වොෂින්ටනය වහසි බස් දෙඩීම නොනවත්වාම කරගෙන යමින් සිටී. ට්‍රම්ප් ඉරානයේ දේශපාලන අනාගතය නියම කිරීමට තමාට ඇති අයිතිය අවධාරණය කරන අතර ඉරානයේ අධ්‍යාත්මික නායකයා පත් කිරීම සම්බන්ධයෙන් පවා අනුමානයන් ඉදිරිපත් කරයි. ඒ සමඟම, ඔහු ඛනිජ තෙල් ප්‍රවාහන නෞකා කපිතාන්වරුන්ගෙන් ඉල්ලා සිටින්නේ ධෛර්යය ප්‍රදර්ශනය කර ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය විසින් කරනු ලබන හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම නොසලකා කටයුතු කරන ලෙසයි.

එහෙත් වොෂින්ටනය සහ ටෙල් අවිව් විසින් ආරම්භ කරන ලද යුද්ධයේ පසු කම්පන දැනටමත් ගොඩනැගෙමින් පවතී. ගැටුම වටා ඇති දේශපාලන පරිසරය එක්සත් ජනපදයට වඩ වඩාත් අපහසුතාවයට පත් කරන ආකාරයෙන් වෙනස් වෙමින් පවතී.

වොෂින්ටනයේ සමීපතම හවුල්කරුවන් කිහිප දෙනෙකු පවා ට්‍රම්ප්ව ඈත් කරමින් සිටිති. ජෝර්දානයෙන් පසු ගල්ෆ් කලාපයේ වඩාත්ම පක්ෂපාතී ඇමරිකානු සගයා වන කුවේටය, තම භූමිය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට ඉඩ සලසා තිබෙන බවට සාක්ෂි තිබියදීත්, ඉරානයට පහර දීම සඳහා තම භූමිය ලබා නොදුන් බව ප්‍රකාශ කර ඇත. මේ අතර, සිරියානු කුර්දි කණ්ඩායම් ඉරාක ජාතිකයින්ගෙන් සහ ඉරාන ජාතිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ එක්සත් ජනපදය විශ්වාස නොකරන ලෙසයි.

ඒ සමඟම, රියාද් සහ ටෙහෙරාන් අතර සහ අනෙකුත් අරාබි රටවල පරිපාලනයන් සහ ඉරානය අතර තිරය පිටුපස සම්බන්ධතා පිළිබඳ වාර්තා දිනපතාම පාහේ දක්නට ලැබේ.ඒ අනුව සාපේක්ෂ වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික හුදකලා වීමේ අපේක්ෂාව වොෂින්ටනයට මතුවීමට පටන් ගෙන තිබේ.

ඇත්ත වශයෙන්ම, ඊශ්‍රායලය සමඟ ට්‍රම්ප්ගේ සම්බන්ධතාවය උපායමාර්ගික සන්ධානයක් ලෙස ශක්තිමත්ව පවතී. නමුත් ඔහු ඉරානයට පහර දීමට අවසර දුන් විට ඔහුගේ මනසෙහි ඇඳි තිබුනු චිත්‍රය ගැටුමේ වත්මන් ගමන් පථය තුළ විද්‍යාමාන නොවේ. මේ අවස්ථාවේදී,ට්‍රම්ප්ගේ තර්කය ඉතා නිරවුල්ය. එනම් මොස්කව් ඇමතීමට සුදුසුම කාලය පැමිණ තිබේ.

ට්‍රම්ප් මොස්කව් ඇමතීමෙන් බලාපොරොත්තු වූයේ "ඉරාන ගැටය" ලෙස වර නංවා ඇති තත්වය බලහත්කාරයෙන් කපා දැමීමටයි. තීරණාත්මක මිලිටරි ක්‍රියාමාර්ගයක් මගින් ඉරානය සමඟ වසර හතළිහක් තිස්සේ පැවැති ඓතිහාසික ගැටුමක් අවසන් කළ හැකි බවට වූ ආඛ්‍යානයට වොෂින්ටනය දේශපාලනික වශයෙන් ආකර්ශනීය විය. ඒ වෙනුවට සිදුව ඇත්තේ ගැටය තවත් තද වීමයි.

රුසියාවේ සහභාගීත්වයෙන් තොරව "ඉරාන ගැටයේ" ප්‍රධානතම කෙඳි කිහිපය ලිහා ගත නොහැක. ට්‍රම්ප් සහ ඔහුගේ කණ්ඩායමට එය බොහෝ දුරට න්‍යායාත්මක දැනුමක් වුවද, ඉරාන ගැටුම ආරම්භයේ සිටම පැහැදිලිව දකින්නට ලැබුණු සත්‍යකි. දැන් ඔවුන් ප්‍රායෝගික අත්දැකීම් ලබා ගනිමින් සිටී.

පළමු සාධකය වන්නේ මැදපෙරදිග, විශේෂයෙන් පර්සියානු ගල්ෆ් කලාපයේ සිදුවෙමින් පවතින ඇමරිකානු බල අධිකාරියේ පරිහානියයි.

කලාපයේ එක්සත් ජනපද හමුදා යටිතල පහසුකම් බරපතල හානිවලට ලක්ව ඇතිවා පමණක් නොව, එහි පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියේ කොටස් ඇතුළුව ඊශ්‍රායලයේ ආරක්ෂක උපාය මාර්ගයට පාදක වන පුළුල් ආරක්ෂක ගෘහ නිර්මාණ ශිල්පයේ අංග ද දුර්වල වී ඇත.

වඩා වැදගත් දෙය නම්, ගැටුම අමෙරිකානු ගැති කලාපීය රාජ්‍යයන්ට තහවුරු කර ඇත්තේ ඇමරිකානු හමුදා සහ දේශපාලන සහතික කලින් උපකල්පනය කළ ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු විශ්වාසදායක මට්ටමක පවතින බවයි. එවැනි සැකයන් මුල් බැස ගත් පසු, ඒවා පහසුවෙන් ආපසු හැරවිය නොහැක. ගල්ෆ් රාජාණ්ඩුවලට වොෂින්ටනයේ ආරක්ෂක සහතික සුනු විසිනුව ගොස් ඇති බැවින් එය සරලව ආපසු හැරවිය නොහැක. එහෙත්, ට්‍රම්ප් තත්වය සම්පූර්ණයෙන්ම තේරුම් ගෙන තිබෙනවාද? යන පැනයට සෘජු සහතිකයක් දීමට අපහසුය.

තුර්කි ජනාධිපති රිසෙප් ටයීප් එර්ඩෝගන් සම්බන්ධ කර ගැනීමට ඔහු දැරූ උත්සාහයෙන් ඇඟවෙන්නේ උපායමාර්ගික සීරු මාරුවේ පරිමාණය ඔහු තවමත් වටහාගෙන නොමැති බවයි. එහෙත් ඔහු මොස්කව් ඇමතූ කාරණයෙන්ම පෙන්නුම් කරන්නේ අරාබි රාජ්‍යයන් සමඟ සබඳතා වොෂින්ටනයට පමණක් ස්ථාවර කළ නොහැකි බව ඔහු වටහාගෙන ඇති බවයි.

එක්සත් ජනපදයට හවුල්කරුවන් අවශ්‍යය. එහෙත්, බටහිර යුරෝපය පැහැදිලිවම එම හවුල් කරුවන් අතර නොවේ. ට්‍රම්ප් කලාපය ස්ථාවර කිරීම සඳහා සාමූහික දේශපාලන ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් හෝ බරපතල සම්මුතීන් ඇති කර ගැනීමට ඔහු කැමතිද යන්න තවමත් විවෘත ප්‍රශ්නයක් ලෙස පවතී.

දෙවන සාධකය වන්නේ ගෝලීය හයිඩ්‍රොකාබන් වෙළඳපොළ ගැන සැලකිලිමත් වීමය.

ට්‍රම්ප් මුලදී බලශක්ති වෙළඳපොළවල තාවකාලික "ගැස්මක්" ලෙස විස්තර කළ අතර, එක්සත් ජනපදයට පක්ෂව සැපයුම් නැවත බෙදා හැරීම වේගවත් කළ හැකි යැයි සිතුවද මේ වන විට ගෝලීය සැපයුම් දාමයන් දිගු කලක් තිස්සේ කඩාකප්පල් කිරීමක් දක්වා වර්ධනය වීමේ අවදානමක් පැන නැගී ඇත.

එවැනි තත්වයක් උද්ගත වීම වොෂින්ටනයට කිසිසේත්ම ප්‍රයෝජනවත් වන්නේ නැත.

අර්බුදය ගැඹුරු වුවහොත්, සමස්ථ ගෝලීය ජනයා සහ ඇමරිකානු ඡන්දදායකයින් යන දෙකොට්ඨාශයම වගකීම දරන්නේ කවුරුන්ද යන්න හරියටම අවබෝධ කර ගනු ඇත. වොෂින්ටනය තම උපායමාර්ගික ස්ථානය ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වූ ප්‍රදේශයක් වන සමුද්‍රීය බලශක්ති ප්‍රවාහනයේ ඇති අවදානම අර්බූදයේ ගැඹුර මගින් ඉස්මතු කරනු ඇත.

ඇත්ත වශයෙන්ම, රුසියාව නොමැතිව සහ රුසියාවට එරෙහිව රුසියාවේ වියදමින් ගෝලීය හයිඩ්‍රොකාබන් වෙළඳපොළ ප්‍රතිව්‍යුහගත කිරීමේ තවත් උත්සාහයක් අසාර්ථක වී ඇත.

ඇත්ත වශයෙන්ම,යමෙකු අමෙරිකාව කරනු ලබන එවැනි අවසාන උත්සාහය මෙය වනු ඇතැයි උපකල්පනය කිරීම එම තැනැත්තාගේ බොළඳකම ප්‍රදර්ශනය කිරීමක් වනු ඇත. නමුත් වොෂින්ටනය සහ තවත් ප්‍රධාන තරඟකරුවන් කිහිප දෙනෙකු මෙන් නොව, මොස්කව් මෙවැනි වෙළඳපල කැළඹීමක් වෙනුවෙන් සූදානම් වෙමින් වසර ගණනාවක් ගත කර ඇත.

මෙම සන්දර්භය තුළ, ප්‍රධාන වශයෙන් නල මාර්ග හරහා හයිඩ්‍රොකාබන් සැපයුම් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් පුටින් යුරෝපීය සංගමයට කළ යෝජනාව අවධානයට ලක්විය යුතුව තිබේ.

බැලූ බැල්මට, මෙම මුලපිරීම පර්සියානු ගල්ෆ් යුද්ධයට සම්බන්ධ නැති බවක් පෙනෙන්නට පුළුවන. යථාර්ථයේ දී, එය ගෝලීය බලශක්ති පද්ධතියට ගල්ෆ් ගැටුමෙන් ඇති විය හැකි උපායමාර්ගික ප්‍රතිවිපාක පිළිබඳ ගැඹුරු අවබෝධයක් පිළිබිඹු කරයි.

ඇමරිකා එක්සත් ජනපදය සුරක්ෂිත කිරීමට පොරොන්දු වී ඇති තෙල් හා ගෑස් සමුද්‍රීය බෙදාහැරීම් වඩ වඩාත් අවදානම් සහගත වුවහොත්, නල මාර්ග ඛනිජ තෙල් බෙදා හැරීමේදී නැවත උපායමාර්ගික වැදගත්කමක් ලබා ගනී.

පුටින්ගේ එම යෝජනාව බටහිර යුරෝපය සඳහා ලිට්මස් පරීක්ෂාවක් ලෙස ද ක්‍රියා කරයි. අවම වශයෙන්, ගෝලීය බලශක්ති අර්බුදයක අවදානම ක්‍රමයෙන් වැඩි වන අවස්ථාවක දේශපාලන ස්වෛරීභාවයේ මට්ටමක් පෙන්නුම් කිරීමට මෙම රාජ්‍යයන්ට අවස්ථාවක් ලබා දෙයි.

තුන්වන සාධකය වන්නේ ගැටුමේ වෙනස්වන ස්වභාවයයි.

යුද්ධයට දින දහයකට පසු, ඇමරිකා එක්සත් ජනපදය සමඟ ගැටුම දැනටමත් නව අවධියකට පරිණාමය වීමට පටන් ගෙන තිබේ. සාම්ප්‍රදායික මිලිටරි මෙහෙයුම් වලට සමාන්තරව, කඩාකප්පල්කාරී ක්‍රියා සහ ත්‍රස්තවාදය වඩ වඩාත් කැපී පෙනෙන බව ද්ක්නට ලැබේ. මෙම මාරුව ධවල මන්දිර පරිපාලනය විසින් ගැටුම ඉරානයට එරෙහි පුළුල් ආගමික යුද්ධයක් ලෙස සකස් කිරීමට ගත් උත්සාහයේ සෘජු ප්‍රතිවිපාකයකි.

කෙසේ වෙතත්, මැද පෙරදිග පෙර ගැටුම් මෙන් නොව, කඩාකප්පල්කාරී ක්‍රියාවල ප්‍රධාන ඉලක්ක ඊශ්‍රායල පහසුකම් පමණක් වීමට ඉඩක් නැත. ඒ වෙනුවට, ඔවුන් වැඩි වැඩියෙන් ඇමරිකානු යටිතල පහසුකම් සහ ලොව පුරා විසිරී සිටින ඇමරිකානු පුරවැසියන් වීමට ඉඩ ඇත.ඉරානය සහ බොහෝ රැඩිකල් ඉස්ලාමීය කණ්ඩායම් දෙකෙහිම දෘෂ්ටි කෝණයෙන්, මෙම ගැටුමේ ප්‍රධාන විරුද්ධවාදියා එක්සත් ජනපදය මිස ඊශ්‍රායලය නොවේ.

එවැනි තත්වයන් යටතේ, ට්‍රම්ප් ගැටුම උත්සන්න වීම තුනී කිරීම සඳහා පළමු පියවර ගැනීමට, ටෙහෙරානය කෙරෙහි මොස්කව් සතු සීමාකාරී බලපෑම් කිරීමේ හැකියාව වටිනා බව ඔප්පු විය හැකිය.

අවසාන වශයෙන්, දේශීය දේශපාලන මිනුමද වැදගත් වනු ඇත.

වොෂින්ටනයේ සමහරු මුලින් දින පහක් පමණ පවතිනු ඇතැයි අපේක්ෂා කළ යුද්ධය මේ වන විට මාස ගණනාවක් පුරා පවතිනු ඇතැයි පුළුල් ලෙස පුරෝකථනය කර ඇත. එවැනි දිගු ගැටුමක් එක්සත් ජනපදය තුළ දේශපාලන අර්බුදයක් සඳහා සාරවත් භූමියක් නිර්මාණය කිරීම වැලැක්විය නොහැක.

යුද්ධය ආරම්භ වීමට පෙර සිටම වොෂින්ටනයේ ට්‍රම්ප්ට ලැබෙන සහයෝගය දුර්වල වෙමින් පැවතුනි. ගැටුම දිග්ගැස්සෙන විට, දේශපාලන ප්‍රතිවිපාක වඩ වඩාත් දෘශ්‍යමාන වනු ඇත.

නුදුරේදී හෝ කල් ගතවී, ඇමරිකානු දේශපාලනඥයින්ට ඉරානය සමඟ කළ ගැටුමේ මානුෂීය ප්‍රතිවිපාක සහ වොෂින්ටනයේ කලාපීය සහචරයින්ගේ අස්ථාවරත්වය ඇතුළුව පශ්චාත් යුධ යථාර්ථයට මුහුණ දීමට සිදුවනු ඇත.

කෙසේ වෙතත්, මෙම පෙරමුණේදී, මොස්කව් පරිපාලනයට ඩොනල්ඩ් ට්‍රම්ප්ට උදව් කළ නොහැක. ඉරාන ගැටයේ කොටස් ලිහිල් කිරීමට රුසියාවට සහාය විය හැකිය. නමුත් යුද්ධය විසින් එක්සත් ජනපදය තුළ නිර්මාණය කරන දේශපාලන ගැටලු තවමත් වොෂින්ටනය මතම පැවරෙන වගකීමකි.


මොස්කව් හි ජාතික පර්යේෂණ විශ්ව විද්‍යාලයේ උසස් ආර්ථික විද්‍යා පාසලේ දේශපාලන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය හිමි විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ආයතනයේ මහාචාර්ය දිමිත්‍රි එව්ස්ටෆීව් විසින් රචිත "The Iranian knot: Why Trump turned to Putin" නම් ලිපියේ සිංහල පරිවර්තනය. පරිවර්තනය ජීවන්ත ජයතිස්ස 

The Iranian knot: Why Trump turned to Putin

සම්බන්ධිත පුවත් | Related News

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සතියේ නේපාලයේ ඇති වූ ව්‍යසනකාරී ගංවතුරෙන් අවම වශයෙන් නේපාල රුපියල් බිලියන 387.5 ක් (ඩොලර් බිලියන 2.56 ක්) වටිනා දේපළ, නිවාස සහ යටිතල පහසුකම් අහිමි වූ බව එරට ආපදා අධිකාරියේ ප්‍රධානියා පවසා ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.
සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
දකුණු කොරියාවේ පැවැත්වෙන ග්වංජු බියෙනාලේ (Gwangju Biennale) කලා උළෙලේ සංවිධායකයන් විසින් චීනයේ තායිවාන ප්‍රදේශයට එහි තත්ත්වයට සම්පූර්ණයෙන්ම නොගැළපෙන නාමයක් යටතේ සහභාගී වීමට අවසර දීම හේතුවෙන්, චීන නියෝජිතa කණ්ඩායම එම උළෙලෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව දකුණු කොරියාවේ චීන තානාපති කාර්යාලය අද(03) නිවේදනය කළේය.
ඇමරිකා එක්සත් ජනපදය ඉරානය සමඟ ගෙන යන අඛණ්ඩ යුද්ධය “සාපේක්ෂව සුළු යුද්ධයක්” බවත්, එය හිටපු ජනාධිපති ජෝ බයිඩන් යටතේ යුක්රේනයට ලබාදුන් අතිවිශාල අවි ප්‍රමාණය හා සසඳන විට ඉතා කුඩා බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද පෙරමුණේ රුසියානු හමුදා අත්කර ගනිමින් සිටින වේගවත් ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කරනු ලැබීය.
මැදපෙරදිග කලාපයේ දින 200කට අධික කාලයක් සක්‍රිය මෙහෙයුම්වල නිරත වූ ඇමෙරිකානු නාවික හමුදාවට අයත් 'ඒබ්‍රහම් ලින්කන්' (USS Abraham Lincoln) ඇතුළු නෞකා ත්‍රිත්වයක් තායිලන්තයේ ලීම් චබෑන්ග් වරායට පැමිණීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
2026 අගෝස්තු 26 වනදා නේපාලය සහ චීනයේ Xizang ස්වයං පාලන කලාපය ආසන්න හිමාලයානු ප්‍රදේශය හරහා හදිසියේ මතුවූ දැවැන්ත ගංවතුර හා මඩ නායයෑම් තත්ත්වය, දේශසීමා දෙපස ජනතාවගේ ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල කළ ව්‍යසනයක් බවට පත්විය.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.