ලන්ඩනයේ ඉරාන තානාපතිගෙන් අනතුරු ඇඟවීමක්..
ලන්ඩනයේ ඉරාන තානාපති සෙයිද් අලි මූසවි මහතා බ්‍රිතාන්‍යයට අනතුරු ඇඟවමින් පවසා ඇත්තේ එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාරවලට බ්‍රිතාන්‍යය තවදුරටත් සෘජුව සම්බන්ධ වුවහොත් ඉරානයට “ආත්මාරක්ෂාව සඳහා ක්‍රියා කිරීමේ අයිතිය” ඇති බවයි.
BBC හි Sunday with Laura Kuenssberg වැඩසටහනට අදහස් දක්වමින් ඔහු පැවසුවේ, බ්‍රිතාන්‍ය රජය ඇතුළු අනෙකුත් රටවල් තම ක්‍රියාමාර්ගවලදී “ඉතා සැලකිලිමත් සහ සංවේදීව” හැසිරිය යුතු බවට ඉරානය බලාපොරොත්තු වන බවයි.
මේ අතර බ්‍රිතාන්‍යය ඇමරිකාවට තම හමුදා මූලස්ථාන භාවිත කිරීමට අවසර ලබාදී තිබුණද, එය “ආරක්ෂක ප්‍රහාර” සඳහා පමණක් වන බවත්, ඉරානයට එල්ල කරන සෘජු ප්‍රහාරවලට බ්‍රිතාන්‍යය සම්බන්ධ වී නොමැති බවත් සඳහන් වෙයි.
මූසවි මහතා පැවසුවේ බ්‍රිතාන්‍යය මෙම “අක්‍රමණයට” සම්බන්ධ නොවීම හොඳ දෙයක් බවයි. ඔහුගේ අදහසට අනුව 2003 දී ඉරාක ආක්‍රමණයෙන් බ්‍රිතාන්‍ය රජය පාඩම් ඉගෙනගෙන ඇති බවද කියා සිටියේය.
ඉරාන ජනාධිපතිවරයා ගල්ෆ් රටවල් වෙත සෙනසුරාදා සමාව ඉල්ලා සිටියද, ඉරානයට එල්ල කරන ප්‍රහාර දිගටම පැවතිනම් ඇමරිකානු හමුදා මූලස්ථානවලට ප්‍රහාර එල්ල කිරීම ඉරානය නතර නොකරන බවද තානාපතිවරයා පැහැදිලි කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්