News Category
From Date
To Date
Maximum Number of Result

පාතාලය මර්ධන මෙහෙයුම අද සිට

Dec 17, 2023 at 07:28 AM
|

සංවිධානාත්මක අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය මර්ධන මෙහෙයුම් අද  (17) සිට ආරම්භ කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කලේ මාතර පොලිස් කොට්ඨාශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම උදෙසා පැවති විශේෂ වැඩසටහනකට එක් වෙමිනි.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"මීට වසර එක හමාරකට පෙර මෙම අමාත්‍යංශයේ වගකීම භාරගැනීමට අපට සිදුවූයේ මුළු රටම ගිනි ගනිමින් තිබුණු පසුබිමක් තුළයි.  අරගලය තුළ මුළු කොළඹම ජන ජීවිතය වෙනස් වී පැවතුනා. මාර්ග අවහිරව පැවතුණා. කිසිදු විදේශිකයකු මෙරටට පැමිනුනේ නැහැ. ව්‍යාපාර කටයුතු අඩපණ වුණා. බොහෝ ආයතන වැඩි කාලයක් වසා තැබීමට සිදුවීම හේතුවෙන්  බොහෝ දෙනෙකුට නිසි වැටුපක් ලැබුණේ නැහැ. ඒ කාලය තුල රටේ නායකත්වයේද වෙනසක් සිදුවූවා. ඉතා දීර්ඝ ලෙස මෙම තත්ත්වය පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව වර්තමාන පොලිස්පතිතුමාගේ ද සහයෝගයෙන් මුලින්ම එවකට කොළඹ විවිධ ස්ථානවල පිහිටුවා තිබූ ගම් ඉවත් කර ගැනීම සඳහා නිශ්චිත කාලසීමාවක් ලබා දෙන බවට නිවේදනයක් ප්‍රසිද්ධ කිරීම සඳහා සැලසුමක්‌ සකස් කරනු ලැබුවා. ඉන් අනතුරුව එවක පොලිස්පතිවරයාද දැනුවත් කර කොළඹ ජන ජීවිතය යළි යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කළා. එම අවස්ථාවේ අරගලයට පහර දුන් බවට සමාජ මාධ්‍ය තුලින් අප පිළිබඳ දැඩි විරෝධයක් ඇති කරනු ලැබුවා. නමුත් අප මර්දනය කළේ අරගලය නොවෙයි. අප සිදු කලේ සාමාන්‍ය ජන ජීවිතය පවතිනවාටත් වඩා ඉතාමත් අපහසු තත්වයකට පත් වීම වැලැක්වීමයි.

එවකට පොලිසියටත් පොලිස් නිලධාරීන්ටත් ඉතාමත් නරක ආකාරයෙන් සැලකු කාලයක් පැවතුනා. පොලිස් නිල ඇඳුම ඇඟලා ගත් පසු කිසිවෙකුටත් යටත් විය යුතු නැහැ.  රාජකාරිය නොබියව ඉටු කරන ලෙස මම නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඒ තුළින් නැවතත් පොලිසියටත් දිරිගැන්වීමක් ලබා දෙන්නට අපට හැකි වුණා. අප අනුගමනය කළ සෑම ක්‍රියාමාර්ගයක්ම ගනු ලැබුවේ මහජනයාගේ යහපත වෙනුවෙන්. ඒ තුළින් රට නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට අපට හැකියාව ලැබුණා.

අරගලය ඇතුළු එවකට පැවැති තත්ත්වයන් හේතුවෙන් පාතාලය, අපරාධ, මත්ද්‍රව්‍ය පිළිබඳ අවධානය යම් ප්‍රමාණයකට පොලිසියෙන් ගිලිහී තිබුණා. එම නිසා සෑම ප්‍රදේශයකම මෙවැනි ක්‍රියාකාරකම් වර්ධනය වීම සිදු වුණා. මේ තත්ත්වය පිළිබඳ ජනාධිපතිතුමා අවස්ථා කීපයකදීම සමඟ සාකච්ඡාවේ නිරත වුණා. ඊට පවතින එකම විකල්පය නීතිය තදින් ක්‍රියාත්මක කිරීම බව අප ජනාධිපතිතුමාට පෙන්වා දුන්නා. ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට ජනාධිපතිතුමා පොරොන්දු වුණා.

ප්‍රජා පොලිස් කමිටු ඇතුළු සියලු දෙනාගේම සහයෝගය ලබා ගනිමින් අපරාධ සහ මත්ද්‍රව්‍ය මර්ධනය කිරීමේ වැඩසටහන ආරම්භ කිරීමට අප සූදානම්.පොලීසියට සහ විශේෂ කාර්ය බලකායට ඒ වෙනුවෙන් තදින්ම ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා.

මෙරටට මහා පරිමාණයෙන් මත්කුඩු ගෙන්වන පිරිසක් සිටිනවා, එම මත්කුඩු බෙදාහරින පිරිසක් සිටිනවා, මත්කුඩු භාවිතා කරන පිරිසක් සිටිනවා. මෙරටට මහා පරිමාණයෙන් මත්කුඩු ගෙන්වන ජාවාරම්කරුවන් පිළිබඳව නාවික හමුදාවත් සමඟ එක්ව පොලිසිය විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනු ලබනවා. අපගේ විශේෂ අවධානය යොමු වන්නේ මත්කුඩු අලෙවි කිරීමේ ජාලය සම්පූර්ණයෙන්ම අක්‍රිය කිරීම සඳහායි. ඒ සඳහා ප්‍රජා පොලිස් ඒකකවල විශේෂ සහයෝගය අවශ්‍ය වනවා. විශේෂයෙන්ම ගම් සහ නගර ආශ්‍රිතව මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ නිරත වන්නන් පිළිබඳව ජනතාවට අවබෝධයක් පවතිනවා. පොලිසියට අවශ්‍ය වන්නේ ඒ තොරතුරු ලබා ගැනීමයි. එලෙස ලබාදෙන තොරතුරු සහ තොරතුරු ලබා දෙන අයගේ ආරක්ෂාව පිළිබඳව සියලු සැලසුම් අප සකස් කර තිබෙනවා. මේ වෑයම සඳහා අපත් සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. කවර තරාතිරමක අයෙකුගේ හෝ බලපෑම්වලට යටත් නොවී නීතිය ක්‍රියාත්මක කිරීමට අප කටයුතු කරනවා. එළඹෙන ජුනි 30 වනදා වන විට සම්පූර්ණ වෙනසක් සඳහා අවශ්‍ය කටයුතු කරන ලෙස පොලිසියට උපදෙස් ලබාදී තිබෙනවා.

විශේෂයෙන්ම මත්කුඩු හා මත්ද්‍රව්‍ය හේතුවෙන් පාතාල ක්‍රියාකාරකම්ද  වර්ධනය වනවා. කාන්තාවන්ට හා ළමයින්ට විවිධ හිරිහැර වලට  මුහුණ දීමට සිදු වනවා. ජනවාරි මාසයේ සිට එවැනි ක්‍රියාකාරකම් පිළිබඳ දැනුම්දීමට පොලිස් කාන්තා නිලධාරිනියන් කටයුතු කරන, පැය 24ම ක්‍රියාත්මක වන ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දීමට කටයුතු කරනවා.

මේ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රහාරයන්ට මුහුණ දීමට සිදුවේවි. මේ වන විටත් සංවිධානාත්මකව එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. එවැනි කටයුතුවලින් මෙම ක්‍රියාමාර්ග අධෛර්යමත් කිරීමට කිසිවෙකු උත්සාහ කරනවා නම් එය කිසිසේත්ම සාර්ථක වන්නේ නැහැ. එවැනි ප්‍රචාරයන් සිදුකරන බොහෝ දෙනෙකු යැපෙන්නේ පාතාලයෙන් හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන්. බොහෝ දෙනෙකු විදේශයන්හි සිට මෙවැනි කටයුතු සඳහා මුදල් වැය කරනවා. අරගලගේ දී සිදුවුයේත් එයයි.

මේ වැඩ පිළිවෙල වෙනුවෙන් කිසිදු අවිශ්වාසයකින් තොරව අප හා අත්වැල් බැඳගන්නා ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. එහි සහයෝගයත් සමඟ කවර බාධක, අභියෝග පැවතුනත් මේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙනයාමට කටයුතු කරනවා.

මත්ද්‍රව්‍ය අලෙවියේ යෙදෙන පිරිසගෙන්ද තම දරුවන්, පවුල පිළිබඳ සිතමින් මේ ව්‍යසනයට දායක නොවන ලෙස ඉල්ලීමක් කරනවා. මින් ඉදිරියට එවැනි අයවලුන් සඳහා පොලිසියෙන් කිසිදු සමාවක් හිමිවන්නේ නැහැ.

පාතාල ක්‍රියාකාරකම් වලට සම්බන්ධ බොහෝ ප්‍රබලයින්ද අවසානයේ පොලිසියේ හෝ විරුද්ධවාදීන්ගේ ඉලක්කයන් බවට පත්වෙනවා. ඉන් අනතුරුව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ද කිසිවෙකුගේ පිහිටකින් තොරව අසරණ බවට පත්වන ආකාරය අපි දැක තිබෙනවා. එම නිසා මෙවැනි කටයුතුවලින් ඉවත් වන ලෙස සිහිපත් කරනවා.එමෙන්ම නීතී විරෝධී ලෙස අවි ආයුධ ළඟ තබාගෙන සිටින පිරිසටද ඉදිරියේදී පොලිසියෙන් ගැලවීමක් නොලැබෙන බවද සිහිපත් කිරීමට කැමැතියි.ඔවුන් එම ආයුධ යම් කිසි අපරාධ ක්‍රියාවකට භාවිතා කරන්නට සැරසෙනවා නම් ඊට පෙර පොලිසියට ආයුධ භාවිත කිරීමට සිදුවෙනවා.”

අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක මහතා, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, විශේෂ කාර්ය බලකාය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා ඇතුළු පොලිස් ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රජා පොලිස් කමිටු නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය
මහජන ආරක්ෂක අමාත්‍යංශ

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී දළදා මාලිගාවේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය වන්දනා මාන කිරීම වෙනුවෙන් යොදවා තිබූ විශේෂ දුම්රිය සේවාව නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත්ව යථා තත්ත්වයට පත්වෙමින් පැවතිය ද, ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් එනම් තුනෙන් එකක් පමණ, දරිද්‍රතා මට්ටමේ හෝ නැවත දරිද්‍රතාවයට ඇද වැටීමේ අවදානමක පවතින බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය (SLCAC ), බ්‍රැම්ප්ටන් හි ශ්‍රී ලංකා කැනඩා සංගමය (SLCAB) සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ කේන්ද්‍රීය රජය දෙමළ ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදු කරන බවට ව්‍යාජ ලෙස ප්‍රකාශ කරන දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත අභියෝගයට ලක් කරමින් ඔන්ටාරියෝ ඉහළ උසාවියේදී නඩුවක් ගොනු කළ අතර, ඔන්ටේරියානුවන් ඒ සම්බන්ධයෙන් හැදෑරිය යුතුය. මෙම කාරණය සම්බන්ධයෙන් ආචාර්ය නෙවිල් හේවගේ මහතාද වෙනම නඩුවක් ගොනු කළේය.
පළාත් පාලන ඡන්දයේදී ජාතික ජන බලවේගය නොදිනන ආයතනවලට රාජ්‍ය මූල්‍ය වෙන් නොකරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ගැන වහා රටට පැහැදිලි කිරීමක් කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමිසමට ලිපියක් මගින් දැනුම් දී ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව
පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.
2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.
ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද(21) උදෑසන මිය ගිය බව වතිකානුවේ භාන්ඩාගාර දෙපාර්තමේන්තුවේ කාදිනල් කෙවින් ෆෙරෙල් නිවේදනය කළේය.

ප්‍රධාන පුවත්

දළදා ප්‍රදර්ශනයට සහභාගි වීමට යොදවා තිබූ විශේෂ දුම්රිය සේවය අවලංගු කළා - දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි

ශ්‍රී දළදා මාලිගාවේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය වන්දනා මාන කිරීම වෙනුවෙන් යොදවා තිබූ විශේෂ දුම්රිය සේවාව නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත්ව යථා තත්ත්වයට පත්වෙමින් පැවතිය ද, ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් එනම් තුනෙන් එකක් පමණ, දරිද්‍රතා මට්ටමේ හෝ නැවත දරිද්‍රතාවයට ඇද වැටීමේ අවදානමක පවතින බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා පවසයි.

දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය

ශ්‍රී ලංකාවේ කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය (SLCAC ), බ්‍රැම්ප්ටන් හි ශ්‍රී ලංකා කැනඩා සංගමය (SLCAB) සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ කේන්ද්‍රීය රජය දෙමළ ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදු කරන බවට ව්‍යාජ ලෙස ප්‍රකාශ කරන දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත අභියෝගයට ලක් කරමින් ඔන්ටාරියෝ ඉහළ උසාවියේදී නඩුවක් ගොනු කළ අතර, ඔන්ටේරියානුවන් ඒ සම්බන්ධයෙන් හැදෑරිය යුතුය. මෙම කාරණය සම්බන්ධයෙන් ආචාර්ය නෙවිල් හේවගේ මහතාද වෙනම නඩුවක් ගොනු කළේය.

ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්

පළාත් පාලන ඡන්දයේදී ජාතික ජන බලවේගය නොදිනන ආයතනවලට රාජ්‍ය මූල්‍ය වෙන් නොකරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ගැන වහා රටට පැහැදිලි කිරීමක් කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමිසමට ලිපියක් මගින් දැනුම් දී ඇත.

කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව

සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි

පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.

ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි

ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.