කොළඹ වරායට ආසන්නව ඇති තවත් ඉරාන නෞකාවක් ගැන සජිත්ගෙන් හෙළිදරව්වක්..
තවත් ඉරාන නෞකාවක් කොළඹ වරාය ආසන්නව ඇති බවට තොරතුරු වාර්තා වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
එසේම ඒ පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් රජයෙන් අවශ්‍ය බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.
පාර්ලිමේන්තුවේදී අද (05) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව ඔහු පවසා සිටියේය.
එමෙන්ම ගාල්ල වරාය ආසන්න මුහුදු සීමාවේ මුහුදුබත් වූ ඉරාන නාවුක හමුදාවට අයත් නෞකාවේ නාවිකයන් බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවුක හමුදාව කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පුදකර සිටින බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.
මෙම ප්‍රහාරය සිදු වූ නිශ්චිත ස්ථානය හෝ එය මෙරට මුහුදු සීමාවට හෝ අනන්‍ය ආර්ථික කලාපයට සම්බන්ධද යන්න සහ රජය ගත් රාජ්‍ය තාන්ත්‍රික ආරක්ෂිත පියවර ගැන මෙතෙක් නිල ප්‍රකාශයක් ඉදිරිපත් කර නොමැති බව ඔහු පැවසුවේය.
එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර නීතිය අනුවත් ජාත්‍යන්තර මානව නීතිය ඇතුළු නීති අනුව රටක මුහුදු සීමාවන් තුළ කටයුතු කළ ආකාරය දැක්වෙන බවත්, රටේ සෛරීභාවය ඒ්කීය භාවය සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීම රජයේ මෙන්ම පාර්ලිමේන්තුවේද යුතුකමක් බවත්, ඔහු සඳහන් කළේය.
එසේම මෙවැනි සංවේදී සිදුවීමක් රට ආසන්නයේ සිදුව තිබියදී සභාව දැනුවත් නොකිරීම මන්ත්‍රීවරුන්ගේ ව්‍යවස්ථානුකූල වගකීම ඉටු කිරිමට බාධාවක් බවයි විපක්ෂ නායකවරයා මෙහි දී පැවසුවේ.
සීඑන්එන්, බීබීසී, අල්ජසීරා ආදිය සබ්මැරීනයක් හරහා ටෝපිඩෝ ප්‍රහාරයක් සිදුව ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය පවා කියන විට මෙරට ආරක්ෂක අමාත්‍යාංශය එවැනි දෙයක් සිදු නොවන බවට පවසන බවත්, අමෙරිකාවේ ආරක්ෂක ලේකම්වරයා පවා එවැනි සබ්මැරීන් ටෝපීඩෝ ප්‍රහාරයක් එල්ල කළ බව පවසන විට රජය මේ ප්‍රශ්න ගැන නිල ප්‍රකාශයක් කළ යුතු බවත්, විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
ගාල්ලේ මෘත ශරීර විශාල ප්‍රමාණයක් ගෙන්වා ඇති අතර, මේවා තැන්පත් කරන්න අඩි 40 කන්ටේනර් අවශ්‍ය බවට වෛද්‍ය අංශ ඉල්ලා සිටින නිසා එය රජය ලබා දිය යුතු බවත්, ඔහු එහිදී පවසා තිබේ..
ජාතික ආරක්ෂාව ගැන මේසයක් බංකුවක් ගෙන ආවොත් ටියුෂන් දෙන්නම් යැයි කියූ මැති ඇමතිවරුන් ඉන්න වත්මන් රජයේ අය අප රටේ මුහුදු සීමාවේ සහ අනන්‍ය ආර්ථික කලාපයේ සිදුවන දේවල් නොදැන සිටීම පුදුමයට කරුණක් බවයි විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් පැවසුවේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව බද්දක්..
ආණ්ඩුව මෙරට අධිකරණය සිරගතකර තමන් භාරයට අරගෙන.. - විමල්ගෙන් චෝදනා..
සබරගමුව වෛද්‍ය පීඨය අනතුරේ.. නැවතත් වෛද්‍ය නොවන තැනත්තෙක් පීඨාධිපති කිරීමේ තැතක්.. ලෝක වෛද්‍ය සභාවේ ප්‍රතීතනය අහිමිවීමේ අවදානමක්..
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගෝඨාභයට එරෙහිව කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් වී නැහැ.. - ගෝඨාභයගේ රිට් පෙත්සමේ සවිස්තරාත්මක වාර්තාව..
භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක වංචාව: මුදල් අමාත්‍යංශය කියන්නේ බොරු.. - මහ බැංකුවෙන් ආන්දෝලනාත්මක නිවේදනයක්
වලිකාමම් හමුදා රෝහල කඩා ඉවත් කිරීමේ සුමන්තිරන්ගේ යෝජනාව ගැන ශමීන්ද්‍රගෙන් අනාවරණයක්..
පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව අමාරුවේ දැමීම සඳහා විජේවීර පවුලට අවමන් කිරීම දුෂ්ඨ ක්‍රියාවක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සරය කොළඹදී සමරයි - ශ්‍රී ලංකාව සමඟ හමුදාමය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බවට සහතිකයක්
ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..
ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ
කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..
ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..
"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස