බාල ගල්අඟුරු නිසා නොරොච්චෝල බලාගාරයේ ජනන කටයුතු අඩාල වෙලා.. ජනන ධාරිතාව තව පහලට.. - බලශක්ති විශේෂඥ විධුර රලපනාව
නොරොච්චෝල ලක්විජය ගල්අඟුරු බලාගාරයට 11 වන නෞකාවෙන් ගොඩබෑ බාල ප්‍රමිතියෙන් යුත් ගල්අඟුරු භාවිත කිරීම හේතුවෙන් බලාගාරයේ ජනන කටයුතු අඩාල වී ඇති බවත්, මේ හරහා ප්‍රදේශයේ දැවැන්ත පරිසර දූෂණයක් සිදුවෙමින් පවතින බවත් බලශක්ති විශේෂඥ විධුර රලපනාව මහතා අනතුරු අඟවයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ බාල ගල්අඟුරු භාවිතය ආරම්භ කිරීමත් සමඟ බලාගාරයේ සමස්ත ජනන ධාරිතාව මෙගාවොට් 82 කින් පහත වැටී ඇති බවයි. මෙහිදී පලමු වන ඒකකයෙන් මෙගාවොට් 45 ක්, 2 වන ඒකකයෙන් මෙගාවොට් 15 ක්, 3 වන ඒකකයෙන් මෙගාවොට් 22 ක් ලෙස ජනනය අඩුවී ඇත.
මාර්තු 04 වනදා රාත්‍රී 11 වන විට 3 වන ඒකකයේ ගල්අඟුරු අඹරන යන්ත්‍ර දෙකක් අවහිර වීම (clogged) හේතුවෙන් එහි ජනන ධාරිතාව මෙගාවොට් 170 දක්වා ශීඝ්‍රයෙන් පහත වැටී ඇතැයිද ලංකා විදුලිබල මණ්ඩලයේ වාර්තා ද තහවුරු කරන්නේ යයිද හෙතෙම කියයි.
ගල්අඟුරු යන්ත්‍ර අවහිර වීම නිසා ගිනිදැල් ස්ථාවරව පවත්වා ගැනීමට විදුලිබල මණ්ඩලයට අධික පිරිවැයක් දරා diesel guns භාවිත කිරීමට සිදුව ඇති හේතුවෙන් බලාගාරයේ ESP පද්ධතිය අක්‍රිය කිරීමට සිදුවන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස චිමිනිය හරහා විශාල වශයෙන් අළු (fly ash) පරිසරයට මුදා හැරෙමින් පවතින බව රලපනාව මහතා සඳහන් කරයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් බාල ගල්අඟුරු සමඟ බලාගාරය ක්‍රියා කරවිය හැකි බවට මීට පෙර ප්‍රකාශ කළද, පැය 24 ක් ගතවීමටත් පෙර බලාගාරය උත්පාදන අඩුවීම හරහා එම ප්‍රකාශ අසත්‍ය වී ඇති බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියි.


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..