ඉරාන නෞකාවට ප්‍රහාරයක් එල්ල වූ බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරනවා - නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක
ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 40ක් පමණ දුරින් අනතුරට ලක්වූ ඉරාන යුද නෞකාවට ප්‍රහාරයක් එල්ලවීමෙන් මුහුදුබත්වී ඇති බවට විදෙස් මාධ්‍ය සිදුකෙරෙන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා පවසයි.
ඉරාන නෞකා අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව අද (04) පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
"මූලික වශයෙන් අපි බලන්නේ ආපදාවට ලක්වූ යාත්‍රාවේ ජීවිත ආරක්ෂා කිරීම. ඉන් පසුව තමයි මෙය කුමණ ආකාරයකින් සිදුවුණේද යන්න සම්බන්ධයෙන් විමර්ශන සහ තාක්ෂණික වාර්තාවක් ලබාගන්න පුළුවන් වෙන්නේ. අපේ මේන් ෆෝකස් එක වෙලා තියෙන්නේ තවත් පිරිස් ආරක්ෂාකාරීව ඉන්නවා නම් ඒ අයව බේරගන්න එක. මෙම නෞකාවේ කොපමණ ප්‍රමාණයක් ගියාද කියන එක අපිට කියන්න වෙන්නේ ඉදිරියේදීයි."
"අපිට ලැබුණු තොරතුරුවලට අනුව අපි අනතුර සිදුවූ ස්ථානයට යද්දි අපිට දකින්න ලැබුණේ ලොකු තෙල් පැල්ලමක් විතරයි. ඒ නිසා එම නෞකාව මුහුදුබත් වෙලා කියන එක ප්‍රකාශ කරන්න පුළුවන්. කෙසේවෙතත් ශ්‍රී ලංකාව මේ වෙද්දි නෞකාවේ හිටපු 32ක් බේරාගෙන ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කරලා තියෙනවා. ඒ අයගෙන් තොරතුරු ලබාගෙන තමයි ඉදිරි විස්තර කියන්න පුළුවන්."
"මළ සිරුරු කිහිපයක් මුහුදේ පාවෙමින් තිබියදී සොයාගෙන තිබෙනවා. සොයාගත් මළ සිරුරු නෞකාවේ සේවකයින්ගේ බවට අපි සැක කරනවා."
මෙම මාධ්‍ය හමුවේදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී ඉරාන නෞකාවට සබ්මැරීන ප්‍රහාරයක් එල්ල වී ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබිණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..