ඉරානයට තමන්ව ආරක්ෂා කර ගැනීමට ඇති අයිතිය වෙනුවෙන් නොබියව සටන් කරනවා- ඉරාන විදේශ අමාත්‍ය සෙයිද් අබ්බාස් අරග්චි
ඉරානයට තමන්ව ආරක්ෂා කර ගැනීමට "සෑම අයිතියක්ම" ඇති බවත්, සටන් කිරීම දිගටම කරගෙන යාමට ශපථ කරන බවත් ඉරාන විදේශ අමාත්‍ය සෙයිද් අබ්බාස් අරග්චි ඊයේ(01) ABC ප්‍රවෘත්ති සේවය වෙත අදහස් දක්වමින් පැවසුවේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඉරානයට එරෙහිව සිදුවෙමින් පවතින එක්සත් ජනපද-ඊශ්‍රායල දැවැන්ත ගුවන් ප්‍රහාරවලට ප්‍රතිචාර නොදක්වන ලෙස ඉරානයට පැවසීමට කිසිදු රටක නායකයෙකුට අයිතියක් නොමැති බවත්, තම රටට තමන්ව ආරක්ෂා කර ගැනීමට සෑම අයිතියක්ම ඇති බවත් සටන් කිරීම දිගටම කරගෙන යන බවත් අවධාරණය කළේය.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ(01) අලුයම සිය සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ ඉරානය පළි නොගත යුතු බවයි.
"ඉරානය දැන් ප්‍රකාශ කළේ ඔවුන් අද ඉතා දැඩි ලෙස පහර දෙන බවයි, ඔවුන් කවදාවත් පහර දී නැති තරම් ආකාර වලින් පහර දෙන බවත් ඔවුන් පවසනවා. ඔවුන් එසේ නොකිරීම හොඳය, කෙසේ වෙතත්, ඔවුන් එසේ කළහොත්, අපි කවදාවත් දැක නැති බලවේගයකින් ඔවුන්ට පහර දෙනවා!" ට්‍රම්ප් ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාවක් වන ඨෘත් Sඔcඉඅල් හි ලිවීය.
ප්‍රතිචාර වශයෙන් අරග්චි ABC ප්‍රවෘත්ති සේවය වෙත මෙසේ පැවසීය: "රටක නායකයෙකුට එසේ පැවසීමට අයිතියක් ඇතැයි මම සිතන්නේ නැහැ."
"අපි අපවම ආරක්ෂා කරගන්නවා, ඒ වගේම අපට සෑම අයිතියක්ම, සෑම නීත්‍යානුකූල අයිතියක්ම තිබෙනවා, අපව ආරක්ෂා කර ගැනීමට," අරග්චි පැවසීය. "අපි කරන්නේ ආත්මාරක්ෂාව සඳහා වන ක්‍රියාවයි. ආක්‍රමනය සහ ආත්ම ආරක්ෂාව අතර විශාල වෙනස්කම් තිබෙනවා." ඔහු පැවසීය.
Iranian foreign minister: 'We are defending ourselves'
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..