බාල ගල්අඟුරු වංචාවේ මහමොළකරු හෙළිකරන්න - සජිත්
බාල ගල්අඟුරු වංචාවේ මහමොළකරු සම්බන්ධයෙන් රජය රටට සත්‍යය අනාවරණ කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (27) කෑගල්ල අරනායක ශ්‍රී හේවාසිංහාරාමයේදී පූජ්‍ය විලානගම චන්ද්‍රරතන හිමියන් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
අද වන විට ගල් අඟුරු ක්ෂේත්‍රයේ ප්‍රමිතියේ ගැටලුවක් ඇති බවත් ගල් අඟුරු ගෙන ඒම, ප්‍රමාණය සහ ප්‍රමාදයේ ද ගැටලු ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
එහිදී සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ මෙම ගැටලු නිර්මාණය වී ඇත්තේ ගල් අඟුරු මිලදී ගැනීමේ දී ක්‍රියාත්මක වූ අකාර්යක්ෂම, අවිධිමත්, අසාර්ථක, ප්‍රසම්පාදන ක්‍රමවේදය හේතුවෙන් වන අතර ගල් අගුරු වංචාවක් තුළ බාල ගල් අගුරු ගෙන්වීමේ කූඨ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වූ බවය.
එමෙන්ම වසරකට ගල් අඟුරු නැව් 36ක් අප රටට අවශ්‍ය වී ඇති මොහොතක ගුණාත්මකභාවයෙන් ඉහළ රුසියානු නැව් 11ක් පමණක් අප රටට පැමිණ ඇති බවත් තවත් නැව් 25ක් වෙනත් ටෙන්ඩරයක් හරහා ආනයනය කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ඉන් ගෙන ආ 10න් 9ක්ම බාල ගල් අඟුරු යැයි ඔප්පු වී ඇති මොහොතක හදිසි මිලදී ගැනීමක් සිදු කරන්නේ අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණය නියමිත වේලාවට නියමිත ප්‍රමාණයට හා නියමිත ප්‍රමිතියට නොමැති වීම නිසා බවත් මෙහිදී ඔහු පෙන්වා දුන්නේය.
එසේම මෙම හදිසි මිලදී ගැනීමේ ක්‍රමවේදය නිසා බොහෝ දුරට රටට, ජනතාවට විදුලි පාරිභෝගිකයන්ට මූල්‍ය පාඩුවක් සිදුවන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..