පාකිස්තානය ඇෆ්ගනිස්තානයට එරෙහි විවෘත යුද්දයක් ප්‍රකාශයට පත් කරයි.. තලේබාන් හමුදා මූලස්ථානයකට බෝම්බ හෙළයි..
පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර පවතින දේශසීමා ගැටුම් උච්චතම අවස්ථාවකට පත්වෙමින්, පකිස්ථානය අද ( 27) ඇෆ්ගනිස්ථානයේ තලේබාන් බලධාරීන්ට එරෙහිව "විවෘත යුද්ධයක්" ප්‍රකාශයට පත් කළේය.
පාකිස්තාන ගුවන් හමුදාව තලේබාන් හමුදා මූලස්ථානයක් වෙත බෝම්බ හෙළා ඇති අතර, කාබුල් හී පිහිටි තලේබාන් මූලස්ථානයකට මෙලෙස බෝම්බ හෙළු බවයි වාර්තා වන්නේ.
පකිස්ථාන ආරක්ෂක අමාත්‍ය ඛවාජා අසීෆ් X සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ තම රටේ "ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් ඇති" බවයි. "දැන් අප සහ ඔබ අතර පවතින්නේ විවෘත යුද්ධයකි" යැයි පවසමින් ඔහු තවදුරටත් සඳහන් කළේ මෙය තීරණාත්මක සටනක් වනු ඇති බවයි.
ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් චෝදනා කළේ නේටෝ (NATO) හමුදා ඉවත් වීමෙන් පසු ඇෆ්ගනිස්ථානය කලාපීය ස්ථාවරත්වයට මුල් තැන දෙනු ඇතැයි බලාපොරොත්තු වූවත්, වර්තමානය වන විට ඇෆ්ගනිස්ථානය ඉන්දියාවේ ජනපදයක් බවට පත්ව ඇති බවයි. එසේම, තලේබාන් රජය කාන්තාවන්ට ඉස්ලාමය මගින් ලබා දී ඇති මූලික අයිතිවාසිකම් උදුරා ගනිමින් තම පුරවැසියන් පීඩාවට පත් කරන බව ද ඔහු සඳහන් කළේය.
පාකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්වි පවසා ඇත්තේ පකිස්ථාන හමුදාව විසින් දියත් කරන ලද මෙම ප්‍රහාරය ඇෆ්ගනිස්ථානයේ ආක්‍රමණශීලී ක්‍රියාවන්ට ලබා දුන් සුදුසු පිළිතුරක් බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..