මෙතරම් බාල ගල් අඟුරු කිසිදා ගෙනැත් නෑ..- CEB ඉංජිනේරු සංගමය
නොරොචෝලේ ලක්විජය බලාගාරය සඳහා මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු තොග හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට සහ පාරිභෝගිකයාට රුපියල් බිලියන ගණනක අලාභයක් සිදුව ඇති බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය (CEBEU) පවසයි.
මෙම අලාභයට වගකිව යුතු පාර්ශවයන් වහාම හඳුනාගෙන ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව එම සංගමය අවධාරණය කර සිටී.
විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ, ලක්විජය බලාගාරයේ ආරම්භයේ සිට මේ දක්වා විවිධ සමාගම් හරහා ගල් අඟුරු ආනයනය කර ඇති නමුත්, මෙවැනි මට්ටමේ ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු තොගයක් මීට පෙර වාර්තා වී නොමැති බවයි.
මෙරට වාර්ෂික විදුලි අවශ්‍යතාවයෙන් 40% ක් පමණ සපයන ලක්විජය බලාගාරය පද්ධතියේ පවතින අවම පිරිවැය සහිත තාප විදුලි බලාගාරය වේ. එබැවින් එහි සිදුවන මෙවැනි අක්‍රමිකතා පාරිභෝගිකයාගේ විදුලි බිල කෙරෙහි සෘජුවම බලපානු ලබයි.
මෙම අලාභය ගණනය කිරීම අමාත්‍යාංශ අභ්‍යන්තර කමිටුවකට පමණක් සීමා නොකළ යුතු බවත්, ඒ සඳහා විනිවිදභාවයකින් යුත් නිවැරදි තාක්ෂණික ඇගයීමක් අවශ්‍ය බවත් සංගමය පෙන්වා දෙයි.
මෙම අක්‍රමිකතාවල සත්‍යය හෙළි කිරීමට ඉදිරිපත් වන බලාගාර සේවකයින්ට හෝ ඉංජිනේරු සංගමයේ සාමාජිකයින්ට කිසිදු ආකාරයක බලපෑමක් එල්ල නොකළ යුතුය. එවැනි බලපෑමක් එල්ල වුවහොත් ඊට එරෙහිව දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බවටද සංගමය අනතුරු අඟවා සිටී.
මෙම තත්ත්වය ඉතා බරපතල වෘත්තීයමය ගැටලුවක් ලෙස නිරීක්ෂණය කරන බව පවසන ලංවිම ඉංජිනේරු සංගමය, මහජන මුදල් අවභාවිත වීම වැළැක්වීමට බලධාරීන් කඩිනමින් මැදිහත් විය යුතු බවද සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..