News Category
From Date
To Date
Maximum Number of Result

මේක "දේශීය නිෂ්පාදන පද්ධතිය" සම්පූර්ණයෙන්ම බිඳවට්ටපු අයවැයක් - විමල් වීරවංශ

Dec 16, 2023 at 05:48 AM
|

දේශීයව නිපදවන දියර කිරි, කඩදාසි, සීනි, CFL බල්බ, උදලු තල හා වෙනත් කෘෂි ආම්පන්න ඇතුළු දේශීය නිෂ්පාදන සියල්ලට සියයට 18ක වැට් බද්ද හා උපරිම බදු පැනවීම මගින් මෙන්ම ආනයනය දිරිමත් කෙරෙන අයවැය යෝජනා ඇතුළු සමස්ත අයවැය මගින් මෙරට දේශීය නිෂ්පාදන පද්ධතිය මුළුමනින්ම බිඳවට්ටවා ඇතැයි උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේ මෙවර අයවැය විවාදය අවසන් දිනයේදී එනම් දෙසැම්බර් 13 වැනිදා සිය කතාව සිදු කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  වීරවංශ මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.

IMF කියන විදියට යනවා නම්...

"අපේ 'ආචාර්ය බන්දුල ගුණවර්ධන සූරීන්ගේ' කතාවෙන් පස්සේ මේ කතාව කරන්න ලැබීම වැදගත් කොට සලකනවා. අපි දන්නවා,  මහ බැංකු අධිපති ධුරයට ආපු නන්දලාල් වීරසිංහ ඉතාමත් කලබලයෙන් 'ශ්‍රී ලංකාව බංකොලොත්' කියලා ප්‍රකාශයට පත් කළේ එවකට අමාත්‍ය මණ්ඩලය හෝ මේ පාර්ලිමේන්තුව හෝ දැනුම්වත් කරලා නොවෙයි. පාකිස්ථානයත් මෙවැනි ආර්ථික අර්බුදයකට ලක් වුණාම ගියා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගන්න. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිගින් දිගටම පාකිස්ථානයට බලපෑම් කළා, 'ශ්‍රී ලංකාව වගේ ඔයගොල්ලොත් ආර්ථිකය බංකොලොත් කියලා ප්‍රකාශයට පත් කරන්න' කියලා. නමුත් පාකිස්ථානය ඒ බරපතළ තීරණය ගත්තේ නැහැ. ඔවුන් දන්නවා එවැනි තීරණයක් ගත්තොත් ඉන් ඇති වන පලවිපාක ඉතාමත් දරුණුයි, කියලා. නන්දලාල් වීරසිංහ වගේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 'ඔඩොක්කු කුක්කෙක්' පාකිස්ථානයේ හිටියේ නැහැ. ඒ නිසා පාකිස්ථානය ඒ තීරණය නොගෙන චීනය, සවුදි අරාබිය, කටාර් වැනි රටවල සහයෝගය ලබාගෙන, විදේශ විනිමය සංචිතය තරමක් දුරට හෝ ශක්තිමත් කරගෙන, ණය ගෙවාගෙන, එදිනෙදා වියදම් දරාගත හැකි මට්ටමේ තත්ත්වයක් කෙටි කාලීනව නිර්මාණය කරගත්තා. එහෙම කළේ අර්බුදයෙන් ගොඩඒමේ උපායමාර්ගික සැලැස්මක් ද සහිතවයි. රටක් බංකොලොත් කියලා ප්‍රකාශයට පත් කළාට පසුව ජාත්‍යන්තර අරමුදලේ පදයට නටනවා හැරෙන්න තමුන්නාන්සේ(බන්දුල ගුණවර්ධන මහතා) කියන සුබ අනාගතය නම් නිර්මාණය වෙයි කියලා මම නම් කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා අපට කියන්න තියෙන්නේ අර 'කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ' කියනවා වගේ 'IMF කියන විදියට යනවා නම් විඳවාපන් බළලෝ' කියා පමණයි.

දේශීය නිෂ්පාදන පද්ධතිය විනාශයි!

හොඳට බලන්න, මේ අයවැයෙන් සිදු කර ඇත්තේ දේශීය නිෂ්පාදන  පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳවැට්ටවීමයි. ආණ්ඩුව ගහන තරමක් බදු ගහන්නේ දේශීයව නිපදවන දෙයටයි. දේශීයව නිපදවන  දියර කිරි ටිකට, පොල් කිරි ටිකට, සීනිවලට, ටින් මාළුවලට, සීඑෆ්එල් බල්බ් එකට, බිත්තර නිෂ්පාදනයට අවශ්‍ය උපකරණවලට බදු පිට බදු ගහනවා.  කඩදාසිවලට බදු පිට බදු ගහලා රටේ ප්‍රකාශන කර්මාන්තය නැත්තටම නැති කරනවා. පාසල් පොත් ටික අරගෙන දරුවන්ට පාසල් යන්න බැරි කරනවා. උදළු තලය  ඇතුළු කෘෂිකාර්මික ආම්පන්නවලට සියයට දහඅටක වැට් බද්ද ගහලා මේ රටේ කෘෂි නිෂ්පාදකයා කෘෂි කර්මාන්තයෙන් ඉවතට ඇද දානවා. අවසානයේ අපේ  කෘෂි කර්මාන්තය ග්‍රාමීය ගොවි ජනතාවගෙන් උදුරාගෙන මහා පරිමාණ සමාගම් අතට දෙනවා. ඒ ග්‍රාමීය ගොවි ජනතාවට වගාබිම් අහිමි කරලා, ඔවුන් කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල වහල් සේවයේ යෙදවීමට අවශ්‍ය පරිවර්තනය තමයි මේ සිදු කරමින් ඉන්නේ.

"තුන' ගන්න කරන දේ...

මේ විදිහට බදු ගැහුවාම එම භාණ්ඩ හා සේවාවල පරිභෝජනය අඩුවෙනවා. මතක තියාගන්න, පරිභෝජනය අඩු වෙනකොට ඔය කියන බදු ඉලක්ක සම්පූර්ණ කරගන්නත් බැරි වෙනවා. IMF එකේ දෙවැනි ණය වාරිකය ගන්න බලාගෙනනේ මේ ආණ්ඩුව මේ විදිහට කඩිමුඩියේ අයවැය අස්සේ වැට් බදු සංශෝධන පනත ගෙනත් සම්මත කරගත්තේ. තුන්වන වාරිකය ගන්න නම් තවත් ටිකක් ජනතාවගේ බෙල්ල මිරිකන්න වෙනවා. මේ ආණ්ඩුවට අද මේ ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න තිබෙන උපායමාර්ගික සැලැස්ම ඇතුළේ තිබෙන්නේ බදු උපරිමයෙන් වැඩි කිරීම සහ රාජ්‍ය ව්‍යවසායන් සහ අනෙකුත් ජාතික සම්පත් විකිණීම පමණයි. මේ බදු ගහන විදියට දේශීය කර්මාන්ත පවත්වාගෙන යන්න බැරි වෙනකොට ඒ කර්මාන්තකරුවා බලනවා ඒක දෙන්න කෙනෙක්. එහෙම කෙනෙක් ලංකාවේ නැති වෙනකොට විදේශිකයෙකු තමයි ඉදිරිපත් වුණත් ඉදිරිපත් වන්නේ. අද රාජ්‍ය ආයතන කුණුකොල්ලයට විදෙස් සමාගම් අතට යනවා වගේම ඉදිරියේදී පෞද්ගලික ව්‍යවසායන් ද කරගෙන යන්න බැරි වුණාම ඒවාත් යන්නේ විදේශිකයෙකු අතට කුණුකොල්ලයටයි.

දෙවැනි දාඨෝපතිස්ස පරිච්ඡේදය

මහාවංශය කියවනකොට අපට මුණගැහෙනවා පළමුවැනි දාඨෝපතිස්ස කියලා රජ කෙනෙක්. ඔහු ථූපාරාමය කොල්ලකාලා එහි රන්කොත ගලවලා විකුණුවා. තවත් රාජ්‍ය සම්පත් කොල්ලකාලා විකුණුවා. දැන් මේ යන පරිච්ඡේදය  අපට  පෙනෙන්නේ දෙවැනි දාඨෝපතිස්ස පරිච්ඡේදය විදියට. තවම ථූපාරාමයේ රන්කොතට අත නොතිබ්බාට මේ රටේ ලාභ ලබන රාජ්‍ය ආයතන සියල්ලම විකිණීම, ගහන්න පුළුවන් උපරිම බදු ටික  ගහන එක අද සිදු වෙමින් තිබෙනවා. මේ අයවැය ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ අයවැයක්. මේ අයවැයෙන් කරලා තිබෙන්නේ, 'ජනතාවට ගොනා  අනින' පාට් එකයි.

IMF නෙයියාඩගමෙන් සුගතියක් වෙන්නේ නැහැ!

ලබන අවුරුද්දෙත් අපි සාම්ප්‍රදායිකව කියයි, 'සුබ අලුත් අවුරුද්දක් වේවා!' කියා. නමුත් එළඹෙන්නේ මෑත අවුරුදු කිහිපය හා සැසදුවත් ඉතාමත් පීඩාකාරී, සෑම සමාජ ස්තරයක්ම දැනට සිටින තත්ත්වයෙන් පහළට කඩා වැටෙන, එසේ පහළට කඩා වැටෙන සමාජ ස්තරයන් විසින් ඉතාම දරුණු ප්‍රතික්‍රියාවලට යාමට ඉඩකඩ තිබෙන වසරක්. මේ පිළිබඳව ගැඹුරින් නොසිතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නටන මේ නෙයියාඩගමෙන් මේ රටට සුගතියක් වෙන්නේ නැහැ, කියා අවධාරණය කරනවා."

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

සම්බන්ධිත පුවත් | Related News

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.
සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.
​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.
බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.
ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.
සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ප්‍රධාන පුවත්

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.