රටම බංකොලොත් කරන කුමාර ජයකොඩිට එරෙහිව නිතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයි? - සංඛ චන්දම අභයවර්ධන
මීට මාස 6කට පෙර බලශක්ති අමාත්‍ය වරයා පොහොර සංස්ථාවේ සේවය කරද්දී දූෂිත ටෙන්ඩර් ගණුදෙනු සිදුවීම පිළිබඳ ලිපිගොනුවක් අල්ලස් කොමිසමට බාර දුන් බවත්, ඉන් පසු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව ගැනුණු ක්‍රියාමාර්ගයක් පෙනෙන්නට තිබුනේ නැති බවත් සංඛ චන්දම අභයවර්ධන මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය ගිනුමේ සටහනක් තබමින් ඒ මහතා මෙසේද පවසයි..
අප මිට මාස 6කට පෙර බලශක්ති අමාත්‍ය වරයා පොහොර සංස්ථාවේ සේවය කරද්දී දූෂිත ටෙන්ඩර් ගණුදෙනු සිදුවීම පිළිබඳ ලිපිගොනුවක් අල්ලස් කොමිසමට බාර දුන්නා. මේ එම අවස්ථාව ආවරණය කිරීමට පැමිණි මාධ්‍ය අදාල පැමිණිල්ල වාර්තා කල අයුරු. නමුත් ඉන් පසු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව ගැනුණු ක්‍රියාමාර්ගයක් අපට පෙනෙන්නට තිබුනේ නැහැ. ඔහුව එම අවස්ථාවේ අත්අඩංගුවට ගැනුනානම්, අද ලංකාවේ සමස්ත ආර්ථිකයම අනතුරේ හෙළ ඇති බලශක්ති සුරක්ෂිත තාවය වනසා ඇති දුෂිත ගල් අගුරු වංචාව සිදු නොවනු ඇත. පුරවැසියෙක් සහ ස්වාධින දේශපාලන ක්‍රියාකාරිකයෙක් ලෙස මම මගේ යුතුකම ඉටු කලෙමි. නමුදු නිතිය පසිදලින ආයතන කිසිවක් ඔවුන්ගේ වගකීම ඉටු කලාදැයි අසන්නට සිදුව තිබේ.
අල්ලස් කොමිසම කුමාර ජයකොඩිට එරෙහිව පියවර ගත්තානම්, අනුර කුමාර ඔහුව දුරයෙන් පහ කලා නම් අද රටම ගල් අගුරු මගඩිය හමුවේ ගිනිබත් වීමේ අනතුරකට මුහුණ නොපානු ඇත. දැනුදු ඔහුව අත්අඩංගුවට ගැනීමට ප්‍රමාද නොමැත. එසේ නොවන්නේනම් ජනතා විමුක්ති පෙරමුණ සේවය කරන්නේ ඉන්දියාවට පමණක් නොව මුදලට ඇති ගිජු කමටද බව අපට සිතන්නට සිදුවේ.
- සංඛ චන්දම අභයවර්ධන
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්