බාල ගල් අඟුරුවලින් පාඩුවක් වෙලා නැහැ කියලා ෆේස්බුක් එකේ යුද්ධ කළාට වැඩක් නැහැ - ආණ්ඩුවේ ෆේස්බුක් ආධාරකරුවන්ට පුබුදු ජයගොඩගෙන් පණිවිඩයක්
බාල ගල් අඟුරුවලින් පාඩුවක් සිදුවී නැති බව පවසමින් සමාජ මාධ්‍යයේ යුද්ධ කළාට වැඩක් නැති බවත්, නැව් 8ක ගල් අඟුරු ප්‍රමිතියෙන් තොරවීම නිසා සිදුව ඇති අලාභය රුපියල් මිලියන 7,672.1ක් බව හෙළිවී ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා තම සමාජ මාධ්‍ය ගිනුමේ සටහනක් තබමින් පවසයි.
අදාල සටහන පහළින්..
ෆේස්බුක් එකේ ආණ්ඩුවේ ආධාරකරුවනි,
බාල ගල් අඟුරු නිසා කිසිදු පාඩුවක් සිදුවී නැතැයි තවදුරටත් ෆේස්බුක් එකේ කමෙන්ට් යුද්ධ කිරීමෙන් පලක් නැත.
සිදුවී ඇති පාඩුව ලංකා විදුලි බල මණ්ඩලය විසින් පෙබරවාරි 19 වැනිදා පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් හා ක්‍රමෝපායික සංවර්ධන ආංශික අධීක්ෂණ කාරක සභාවට සවිස්තරාත්මකව දැනුම්දී ඇත. නැව් 8ක ගල් අඟුරු ප්‍රමිතියෙන් තොරවීම නිසා සිදුව ඇති අලාභය රුපියල් මිලියන 7,672.1ක් බව මේ ලිපියේ සඳහන් වේ.
මේවා සුද්ද කිරීම පහසු නැත. වරදක් සිදුවූ බව පිලිගෙන, වරද කළ කෙනාට තරාතිරම නොබලා නීතිය ක්‍රියාවේ යෙදවීම යහපත් දේශපාලන සංස්කෘතියක ලක්ෂණ බව අමතක නොකරන්න.
සිදුවූ පාඩුව විදුලි ගාස්තු වලට එකතුකර, ජනතාව මත පැටවීම වෙනුවට හානිපූරණය සඳහා විකල්ප සැලැස්මක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුවට බල කරමු.


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..