රුසියානු ආයෝජන ශ්‍රී ලංකාවට ගලා ඒමට දැඩි උනන්දුවක් තිබුනත් බටහිර සම්බාධක නිසා ඒ ආයෝජන අවස්ථා ඇනහිටලා - කොළඹ රුසියානු තානාපති
ශ්‍රී ලංකාව තුළ වෙසෙන සහ මෙහි පැමිණෙන රුසියානු පුරවැසියන් බටහිර රටවල් විසින් පනවා ඇති සම්බාධක හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවත්, මෙය රුසියානු ජනතාවට එරෙහිව පනවා ඇති ‘සමූහ දඬුවමක්’ බවත් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවන් ජගර්යන් මහතා ප්‍රකාශ කරයි.
කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී තානාපතිවරයා අවධාරණය කළේ, රුසියානු ආයෝජන ශ්‍රී ලංකාවට ගලා ඒමට දැඩි උනන්දුවක් පැවතියද, බටහිර සම්බාධක හේතුවෙන් එම ආයෝජන අවස්ථාවන් ඇනහිට ඇති බවයි.
විශේෂයෙන්ම රුසියානු පුරවැසියන්ට මෙරටදී තම බැංකු කාඩ්පත් (Visa/Mastercard) භාවිතා කිරීමට නොහැකි වී ඇති අතර, ඒ හේතුවෙන් ඔවුන්ට මුදල් සන්තකයේ තබා ගැනීමට හෝ තෙවන පාර්ශවීය ගෙවීම් ක්‍රම මත යැපීමට සිදුව ඇති බවත්, තම පුද්ගලික විසා කාඩ්පත පවා අවහිර වී ඇති බවත් තානාපතිවරයා පෙන්වා දෙයි.
රුසියානු සංචාරකයින් මෙම බාධක ජය ගැනීම සඳහා චීන කාඩ්පත් හෝ වෙනත් ස්වාධීන රාජ්‍යයන්ගේ පොදුරාජ්‍ය මණ්ඩලීය (CIS) රටවල කාඩ්පත් භාවිතා කරන බව ද ඒ මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකාව තුළ රුසියානු භාෂා අධ්‍යාපනය ප්‍රචලිත කිරීමට පියවර ගනිමින් සිටින බවත්, යාපනය සහ ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවල රුසියානු භාෂා පාඨමාලා ආරම්භ කිරීම පිළිබඳව අවධානය යොමු කර ඇති බවත් මෙරට රුසියානු තානාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..