මහා සඟ සමුළුව අද..
දිවයින පුරා වෙසෙන සංඝයා වහන්සේලාගේ වැඩම කිරීමෙන් සිදුවන මහා සඟ සමුළුව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේ අද (20 වැනිදා) පස්වරු 2.00ට පැවැත්වේ.
රටේ ඇති වී තිබෙන ආගමික හා සංස්කෘතිය සෝදා පාළුවට මෙන්ම ඇතැම් සමාජ මාධ්‍යවලින් සිදුකරන ඇනුම් බැනුම්වලට විරෝධය පළ කරමින් මෙම මහා සඟ සමුළුව පැවැත්වීමට නියමිතය.
මෙම සංඝ සම්මේලනය සම්බන්ධයෙන් නුගේගොඩ නාලන්දාරාමාධිපති තීනියාවල පාලිත හිමියෝ මෙසේ පැවැසූහ.
‘‘මේ සඳහා මහා සංඝරත්නයේ සහ ගිහියන්ගේ පුර්ණ අනුග්‍රහය ලැබිලා තියෙනවා. මේකට විරුද්ධව කටයුතු කිරීමටත් විශාල පිරිසක් සුදානම් බව ආරංචියි. ඒකටත් අපි උත්තර දෙන්න ලෑස්තියි.
මෙවැනි සංඝ සමුළුවක් පැවැත්වීමට වතාවරණය සැකසුවේ ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ ක්‍රියාකලාපය. එන ඕනෑම බලවේගයකට මුහුණදෙන්න සුදානම්. මේ රටේ සියයට හැත්තෑහයක් (76%) බෞද්ධ ජනතාව ඉන්නවා. ඒ ජනතාව අපේ පිටුපස ආරක්ෂාවට ඉන්නවා. අපට දේශපාලනයක් මේකට වැඩක් නැහැ. මොන පක්ෂයේ හිටියත් අපේ දායකයෝ. ගිහි පැවිදි සියලුදෙනාටම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ මහා ජන බලවේගයට සම්බන්ධවෙන්න.’’
මේ අතර, සම්බුද්ධ ශාසනයට මහා සංඝරත්නයට සහ බෞද්ධයන්ටත් රටේ සංස්කෘතිය හා සභ්‍යත්වයටත් එරෙහිව ගොඩ නැඟෙමින් පවතින තර්ජන පරාජය කිරීමේ අරමුණින් මෙම මහා සඟ සමුළුව පවත්ව බව එම සංවිධානයේ සභාපති, කොළඹ අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ පවසති.
මෙම මහා සඟ සම්මේලනය කිසිම දේශපාලනඥයකු පිම්බීමට හෝ දේශපාලනික වශයෙන් ඉලක්ක කර පවත්වන්නක් නොවන බවත්, ජාතිය, ආගම, සංස්කෘතිය සහ බෞද්ධ භික්ෂුවට එල්ල වී තිබෙන තර්ජනයන්ට එරෙහිව සංවිධානය කරන්නක් බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරති.
මේ අතර, බෙදුම්වාදයට සහ බෙදුම්වාදී බලවේගවලට එරෙහිව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා මහජන පෙත්සමකට අත්සන් ලබා ගැනීමේ වැඩසටහන ඊයේ (19) ආරම්භ විය.
එම මහජන පෙත්සමට අත්සන් ලබා ගැනීම පැපිලියාන සුනේත්‍රාදේවී මහා පිරිවෙන පරිශ්‍රයේදී ආරම්භ විය.
මෙම වැඩසටහන මැදගොඩ අභයතිස්ස හිමි, ඉඳුරාගාරේ ධම්මරතන හිමි සහ මල්වානේ චන්දරතන හිමි යන මහචාර්ය පූජ්‍ය හිමිවරුන්ගේ මූලිකත්වයෙන් පැවැත්විණි.
එම අවස්ථාවට ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර සහ කල්‍යානන්ද තිරාණගම ඇතුළු ජාතික සංවිධාන 60කට අධික සංඛ්‍යාවක සාමාජිකයින් ද සහභාගී වී සිටියහ.
මෙම මහජන පෙත්සම ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බව සංවිධායකවරුන් සඳහන් කළහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..