සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලුවලට විසඳුම් ලබාදීම රජයේ වගකීමයි - මල්වතු අස්ගිරි මහ නාහිමිවරු
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු ජනතාවට ඍජුව බලපාන බැවින් ඒවා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර විසඳුම් ලබාදීම රජයේ වගකීම බව මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහ නාහිමිවරුන් පවසති.
විසඳුම් ලබාදීම ප්‍රමාද වීමෙන් පීඩාවට පත්වන්නේ අහිංසක රෝගීන් බවද උන්වහන්සේලා ප්‍රකාශ කරති.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් අද (19) මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හිදී මහානායක හිමිවරුන් දෙනම බැහැදැක සිය වෘත්තිය ගැටලු සම්බන්ධයෙන් දැනුම් දුන් අවස්ථාවේ උන්වහන්සේලා මේ බව පැවසුවහ.
මෙහිදී අදහස් දැක්වූ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියෝ ආණ්ඩුව පවසන පරිදි දැන් භාණ්ඩාගාරයේ මුදල් තිබෙන බැවින් එම මුදල් වැයකර ගැටලුවලට විසඳුම් ලබාදිය හැකි යැයිද අවධාරණය කළහ.
මුදල් තිබෙන බව පැවසීමට වඩා වැදගත් වන්නේ එම මුදල් නිසි පරිදි අවශ්‍යතා සඳහා යෙදවීම බවද මහ නාහිමියෝ පැවසුවහ.
මේ වනවිට ඇතැම් බෝවන රෝග ලෝකයේ ව්‍යාප්ත වෙමින් තිබෙන බව මාධ්‍ය මගින් හෙළි කරන බවත් එවැනි රෝගවලින් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත්ව තිබිය යුතු බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.
පහසුකම් හා කාර්ය මණ්ඩල නොමැති නිසා ගම්බද රෝහල් වැසී යන තත්ත්වයක් දක්නට ලැබෙන බවත් වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද ගැටලු පවතින බව අසන්නට ලැබුණු බවත් මහ නාහිමියෝ පැවසුවහ.
අස්ගිරි පාර්ශවයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමියන් අදහස් දක්වමින් රෝහල්වල ඇතැම් ඖෂධ නොමැතිව අහිංසක රෝගීන් පීඩාවට පත්වන බවත් එම ගැටලුවලට විසඳුම් ලබා දීමට රජය උනන්දු විය යුතු බවත් පැවසුවහ.
මෙම ගැටලුවලට විසඳුම් ලබා දීමට ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට උනන්දුවක් තිබෙන බව නොපෙනන බවත්, කියන දෙයක් පිළි නොගැනීමද ගැටලුවක් බවත් උන්වහන්සේ සඳහන් කළහ.
වෛද්‍යවරු හා විශ්වවිද්‍යාල ආචාර්යවරු විශාල පිරිසක් රට හැරගොස් තිබෙන බවත් වෘත්තිය ගැටලු වලට විසඳුම් නොලැබෙන විට ඔවුන් රටහැර යාම සාමාන්‍ය තත්ත්වයක් බවත් කී අස්ගිරි මහ නාහිමියෝ මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා කටයුතු කිරීම ආණ්ඩුවේ වගකීමක් බවද පැවසුවහ.
මහනාහිමිවරු හමුවේ කරුණු දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස සඳහන් කළේ, මේ වනවිට නිදහස් සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් විශාල ගැටලු රැසක් පැන නැගී තිබෙන බවත් මේවාට විසඳුම් ලබාදීම සඳහා අවශ්‍යය පියවර ගැනීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඇමැතිවරයාගේ පාර්ශවයෙන් විශාල පමාවක් ඇති බවත්ය.
සෞඛ්‍ය පද්ධතියේ තිබෙන ගැටලු පිළිබඳව ජනාධිපති සහ සෞඛ්‍ය ඇමැතිවරයාව දැනුවත් කළත් මෙතෙක් ඒවාට නිසි ප්‍රතිචාරයක් නොලැබීම නිසා දිනෙන් දින සෞඛ්‍ය ක්ෂේත්‍රය අර්බුදකාරී තත්ත්වයට පත්වෙමින් තිබෙන බවත් ඔහු සඳහන් කළේය.
විශේෂඥ වෛද්‍යවරු හා ශ්‍රේණි වෛද්‍යවරු රට හැර යාමේ තත්ත්වයක් පසුගිය වසර දෙක මුළුල්ලේ දක්නට ලැබුණු බවත් පසුගිය දෙවසරේදී වෛද්‍යවරු 2500 කට වැඩි පිරිසක් රට හැරගොස් තිබෙන බවත් කී හෙතෙම, මේ රටේ සෞඛ්‍ය පද්ධතිය පුළුල් කිරීමේදී විශේෂඥ වෛද්‍යවරු රටේ රඳවා ගැනීම ඉතා වැදගත් බවද අවධාරණය කළේය.
සාකච්ඡා වලින් එළඹෙන එකඟතා ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් 07 කට අනුගතව ක්‍රියා කරන නමුත් මෙය වැඩවර්ජනයක් නොවන බවද ඔහු ප්‍රකාශ කළේය.
අවශ්‍යය ඖෂධ රෝහලේ නොමැති නම් රෝගීන්ට එම ඖෂධ පිටින් මිලදී ගැනීම සඳහා තුණ්ඩු ලිවීමට වෛද්‍යවරුන්ට නීතිමය අවසරයක් නොමැති බවත් නිදහස් සෞඛ්‍ය හරියට ක්‍රියාත්මක වෙනවා නම් රෝගයෙකුට අවශ්‍යය ප්‍රතිකාර හා ඖෂධ රෝහල තුළින්ම නොමිලේ ලබා ගැනීමේ හැකියාව පැවැතිය යුතු බවත් ලේකම්වරයා පැවසුවේය.
මේ වනවිට රජයේ පාර්ශවය නියෝජනය කරන සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රශ්නයක් පිළිබඳ කතා කරන්න සූදානම් නැති මුරණ්ඩු, දරදඬු පතිපත්තියක් අනුගමනය කරමින් සිටින බවත් ඔවුන් සෑම විටම ඔවුන් ගන්නා තීරණ නිවැරදියි කියන ස්ථාවරයේ සිට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.
ඇතැම් ඇමැතිවරු සමාජ මාධ්‍ය ඔස්සේ මහජනතාව ප්‍රකෝප වන ආකාරයේ ප්‍රකාශ කරන බවත් මේ නිසා වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද ගැටලු මතුව තිබෙන බවත් ලේකම්වරයා පැවසුවේය.
මෙම අවස්ථාවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන් ඇතුළු පිරිසක් සහභාගි විය.
- හිරු පුවත්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව බද්දක්..
ආණ්ඩුව මෙරට අධිකරණය සිරගතකර තමන් භාරයට අරගෙන.. - විමල්ගෙන් චෝදනා..
සබරගමුව වෛද්‍ය පීඨය අනතුරේ.. නැවතත් වෛද්‍ය නොවන තැනත්තෙක් පීඨාධිපති කිරීමේ තැතක්.. ලෝක වෛද්‍ය සභාවේ ප්‍රතීතනය අහිමිවීමේ අවදානමක්..
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගෝඨාභයට එරෙහිව කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් වී නැහැ.. - ගෝඨාභයගේ රිට් පෙත්සමේ සවිස්තරාත්මක වාර්තාව..
භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක වංචාව: මුදල් අමාත්‍යංශය කියන්නේ බොරු.. - මහ බැංකුවෙන් ආන්දෝලනාත්මක නිවේදනයක්
වලිකාමම් හමුදා රෝහල කඩා ඉවත් කිරීමේ සුමන්තිරන්ගේ යෝජනාව ගැන ශමීන්ද්‍රගෙන් අනාවරණයක්..
පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව අමාරුවේ දැමීම සඳහා විජේවීර පවුලට අවමන් කිරීම දුෂ්ඨ ක්‍රියාවක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සරය කොළඹදී සමරයි - ශ්‍රී ලංකාව සමඟ හමුදාමය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බවට සහතිකයක්
ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..
ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ
කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..
ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..
"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස