ෆේස්බුක් ලොක්කා සකර්බර්ග් අධිකරණයට..
කුඩා දරුවන් සමාජ මාධ්‍යවලට ඇබ්බැහි කළේ යැයි ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් යන සමාජ මාධ්‍යවල හිමිකාරීත්වය දරණ, ‘මෙටා’ සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග්ට චෝදනා එල්ල වී ඇත.
එම චෝදනා සම්බන්ධයෙන් මාර්ක් සකර්බර්ග්ට ලොස් ඇන්ජලීස් අධිකරණයක් හමුවේ පෙනී සිටීමට ද සිදුවිය. පැවැති එම නඩු විභාගයේ සකර්බර්ග්ට ජූරි සභාවක් ඉදිරියේ සාක්ෂි දීමට සිදුවුණු බවත්, සකර්බර්ග් ජූරි සභාවක් ඉදිරියේ මෙසේ සාක්ෂි දුන් පළමු අවස්ථාව මෙය බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
නඩුව ගොනු කර ඇත්තේ දැනට 20 හැවිරිදි තරුණියක විසින් බව ද පැවැසෙයි. එම තරුණිය පෙන්වා දී ඇත්තේ කුඩා කල සිටම ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ යූටියුබ් භාවිත කිරීම නිසා තමා දැඩි ලෙස ඇබ්බැහි වූ බවත්, එයින් ඇති වූ මානසික පීඩනය හේතුවෙන් තමා විශාදය සහ සියදිවි නසාගැනීමේ සිතුවිලිවලින් පීඩා විඳි බවය.
පැමිණිලිකාර පාර්ශවයේ නීතිඥ මාර්ක් ලැනියර් විසින් මෙටා සමාගමේ රහස් අභ්‍යන්තර ඊමේල් පණිවිඩ සහ පර්යේෂණ වාර්තා කිහිපයක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුණි.
එසේ ඉදිරිපත් කළ එක් වාර්තාවක සඳහන් වූයේ ඉන්ස්ටග්‍රෑම් භාවිත කරන නව යොවුන් දරුවන් එයින් තමන්ට හානියක් සිදුවන බව දැන දැනත් එයට දැඩි ලෙස ඇබ්බැහි වී ඇති බවය.
අවුරුදු 13 ට අඩු දරුවන්ට ඉන්ස්ටග්‍රෑම් තහනම් බව මෙටා සමාගම ප්‍රකාශ කළ ද, 2019 වසරේ යොමු කළ අභ්‍යන්තර ඊමේල් පණිවිඩයකින් අනාවරණය වි ඇත්තේ, එම නීති නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවය.
ඇමෙරිකාවේ වයස අවුරුදු 10-12 අතර දරුවන්ගෙන් සියයට 30 ක් පමණ ඉන්ස්ටග්‍රෑම් භාවිත කරන බවත්එහි සඳහන් වෙයි. 2015 වසරේ සකර්බර්ග්, සිය විධායක නිලධාරීන්ට ලබා දුන් ඉලක්කයක් මගින් පරිශීලකයන් ඉන්ස්ටග්‍රෑම් තුළ ගත කරන කාලය සියයට 12 කින් වැඩි කිරීමට උපදෙස් දී තිබූ බව ද අධිකරණය හමුවේ අනාවරණය විය.
සකර්බර්ග් අධිකරණයට කියා සිටියේ එම ලේඛන වැරදි ලෙස අර්ථකථනය කර ඇති බවය.
දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තම සමාගම විවිධ මෙවලම් හඳුන්වා දී ඇති බවත්, පරිශීලකයින් ගත කරන කාලය මැන බැලීම සිදු කරන්නේ ඔවුන්ට ලබා දෙන සේවාවේ වටිනාකම තක්සේරු කිරීමට මිස ඇබ්බැහි කරවීමට නොවන බවත් ඔහු පැහැදිලි කළේය.
කෙසේ නමුත් දරුවන් මෙම සමාජ මාධ්‍යවවලට ඇබ්බැහිවීමක් සිදුවන්නේ නම්, තමන් ඒ ගැන කනගාටුව පළ කරන බව ද සකර්බර්ග් පැහැදිලි කළේය.
- ලංකාදීප
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..